නේක වර්ණ සළු පිළියෙන් මනස්කාන්ත රූ රටා මවමින් විලාසිතා කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කළ ඔහු සැබෑ දක්ෂයෙකි. දෙස් විදෙස් නිරූපණ වේදකා තම නිර්මාණයන්ගෙන් සරසන “කොෂ්” සමඟ කළ හදසර පිළිසඳරයි මේ.
කවුද මේ කොෂ්? ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම කෝෂික හිමාල් හේවගේ. “කොෂ්” කියන නමින් තමයි ක්ෂේත්රයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ. මම “Celebrity Fashion designer” කෙනෙක්, “ Celebrity Stylist” කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව “ද ඒජන්සි ශ්‍රී ලංකා” ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම “Face of Sri Lanka” නිරූපණ සංගමයේ සාමාජිකයෙක් විදිහට කටයුතු කරනවා.
මේ දවස්වල ඔබේ වැඩ කටයුතු කොහොමද?
මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. “Mr. International” තරගාවලිය නියෝජනය කරන සුපුන් මදුරංගගේ සහායට මමත් ඔහු සමඟ තායිලන්තයට පැමිණ සිටිනවා. මේ නත්තල් සමයේ විවිධ උත්සව රාශියක විලාසිතා නිර්මාණකරුවෙක් වශයෙන් උපරිමයෙන් මගේ දායකත්වය ලබා දුන්නා. මේ වන විට නළු නිළියන් විශාල පිරිසක් මා විසින් හැඩගැන්වීම් කර තිබෙනවා. “Mr. International” තරගාවලියෙන් පසු දිගු විවේකයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ විලාසිතා කර්මාන්තයට, එහෙමත් නැතිනම් Fashion Industry එකට පැමිණීම සිදුවුණේ කොහොමද?
විලාසිතා කර්මාන්තය ගැන මට ආසාවක් ඇතිවුණේ මගේ අම්මා නිසා. අම්මා මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනියක්.
මම පුංචි කාලයේ අම්මා කරන විලාසිතා සහ මනාලියන් හැඩගන්වන ආකාරය හරිම ආසාවෙන් අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් විදිහට අක්කාගේ බාබි බෝනික්කන්ට මම ඇඳුම් නිර්මාණය කළා. මම ගොඩක් ලස්සනට අඳින්න පළඳින්න කැමති කෙනෙක්. ඒ ආසාවත් මම මේ ක්ෂේත්රයට එන්න එක හේතුවක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම වෘත්තීමය වශයෙන් මට ලැබුණු ලොකුම අවස්ථාව තමයි “Designer of The year 2015” තරගාවලිය. මම මේ තරගාවලියට සහභාගි වෙලා ජයග්‍රහණය කළා. ඒක තමයි මම මේ ක්ෂේත්රයට එන්න ලොකුම හේතු විදිහට මම දකින්නෙ. ඊට අමතරව සිරස “Best Costume designer” තරගයත් මට ලොකු පිටිවහලක් වුණා.
“සෙලිබ්‍රිටි ෆැෂන් ඩිසයිනර්” කෙනෙක් විදිහට ඔබගේ ගමන් මග මොන වගේද?
විලාසිතා නිර්මාණකරුවෙක් විදියට දිල්හානි ඒකනායක, යුරේනි නොෂිකා, පුබුදු චතුරංග වැනි කලා ක්ෂේත්රයේ සිටින කලාකරුවන් 40 කට වඩා වැඩි පිරිසකට විලාසිතා නිර්මාණය කරලා තියෙනවා. කාලෙත් එක්ක “ඩිසයින්” පැත්තෙ ඉඳලා “ස්ටයිලින්” පැත්තෙන් ඉදිරියට ආවා. ක්ෂේත්රයේ ගොඩක් තැන්වලට යන්න අවස්ථාව ලැබුණා වගේම මට විලාසිතා පැත්තෙන් ගොඩක් දේවල් කරන්න අවස්ථාව හම්බවුණා. මම නිර්මාණකරුවෙක් විදිහට “Miss World”, ”Miss France-2024” වගේ තරගාවලිවල ඇඳුම් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ගොඩක් තරගාවලිවලට ඇඳුම් නිර්මාණයෙන් දායක වෙන්න මට හම්බවෙලා තියෙනවා.
විලාසිතා ක්ෂේත්රයේ වැඩ කරනකොට ඔබට ආපු අභියෝග මොනවද?
විලාසිතා නිර්මාණ ක්ෂේත්රයේ ආපු අභියෝග ගත්තම ගොසිප් වගේම ක්ෂේත්රය තුළ කෙටවීම තමා මට ආපු ලොකුම අභියෝගය. ඒක කලා ක්ෂේත්රය තුළ වැඩ කරන එක අඩු වෙන්නත් හේතුවක් වුණා. ඒ වගේම දැන් තියෙන අභියෝග ගත්තම අපි කොහොමද රතු පලසක් නිර්මාණකරුවන් විදිහට වෙනස් කරන්නෙ කියන එක. අද “රෙඩ් කාපට් එක” “රෑම්ප් ” එකක් වෙලා තියෙනවා. හොඳම උදාහරණයක් තමා ඔස්කා සම්මාන උත්සවය. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් ලොව තිබෙන සම්මාන උළෙලවල් ගොඩක් වෙනස් වෙමින් යනවා. ඒත් ලංකාවේ නිර්මාණකරුවන් මේ දේවල් වැඩිය කරන්නෙ නෑ. අපේ ක්ෂේත්‍රයත් ඒ වගේ වෙනස් වෙන්න ඕනෑ. නිර්මාණ ක්ෂේත්රයේ ඒ වෙනස ඇති කරන එක තමයි ලොකුම අභියෝගය වෙලා තියෙන්නෙ.
වර්තමානය වෙනකොට ලංකාවේ විලාසිතා ක්ෂේත්රය පවතින මට්ටම ගැන ඔබගේ අදහස් මොනවාද?
ලංකාවේ වර්තමානය ගත්තොත් විලාසිතා නිර්මාණ ක්ෂේත්රය හොඳ තත්ත්වයක තියෙනවා. ඒත් ලංකාවේ නිර්මාණ ක්ෂේත්රය තුළ ජාතික අධ්යක්ෂවරුන් අඩුයි. ගොඩක් දක්ෂතා තියෙන අය ඉන්නවා. ගොඩක් කැප වෙන්න ඕනෑ ඉදිරියට එන්න. අපි අපේ දේ අගය කරගෙන මේ ක්ෂේත්රය ඉදිරියට ගෙනියන්න ඕනෑ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ලබන 2025 වසරේ විලාසිතා නිර්මාණ ක්ෂේත්රයට අලුත් නිර්මාණ සහ දක්ෂයන් බිහිවෙයි කියලා.
• සටහන - මංගලා පවිත්‍රානි