2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

පච්ච සිරාලගෙ ආතල් කාලේ... අද ටැටූ අනේ...

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 5

ලෝකයේ Fashion ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි Y Trend එකක් තමයි Tattoos කියන්නෙ. ඒ නිසාම මචෝ අපි අවස්ථා කිහිපයකදීම Tattoos සම්බන්ධ Trend ගැන කතා කරලා තියෙනවා. ඔන්න මචෝ පහුගිය අවුරුද්ද ඇතුළෙ ලෝකයේ Tattoos සම්බන්ධයෙන් හැදුණු අලු‍ත්ම Trend සහ මේ Art එකේ වර්ධනය ගැන සුදාලත් එක්ක කතා කරන්න අපි කල්පනා කළා.

වස්තුලට කියන්න පච්ච සිරාලගෙ ආතල් කාලේ නම් නූතන Tattoo ආතල් එක දක්වා පට්ට වෙනස්කම් ගොඩක් ලෝකය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරිනුත් මෑත අවුරුදු දෙකක වගේ කාලය අපේ රටේ Tattoo සාමාන්‍යකරණය වෙන්න ලොකු බලපෑමක් එල්ල කළා. ලෝකයෙත් මේ කර්මාන්තයේ ලොකු දියුණුවක් පෙන්නුම් කළා. ඉතින් මචෝ මේක සිරාවටම පිස්සු ආතල් Trend එකක්. පොඩි Technical කෑල්ලකින් වැඩේ පටන්ගමු.

ටැටූ කර්මාන්තය 2024 වසරේදී කොච්චර වේගයෙන් වර්ධනය වෙනවද කියලා කියන්න පට්ට දත්ත ටිකක් අපිට හම්බවුණා. අන්තර්ජාල තොරතුරු අනුව 2024 වන විට ලෝක ටැටූ කර්මාන්තය $1.89 බිලියනයක වටිනාකමක් සටහන් කරලා තියෙනවා. වැඩියි කියන්නෙ මචෝ වසරකට සීයට දහයක වර්ධන අනුපාතයකින් මේ කර්මාන්තයේ වෙළෙඳපොළ දියුණු වෙනවා කියලා තමා කියන්නෙ.

Tattoos Trend එක මෙච්චරම පිස්සුවක් බවට පත්වෙන්න හේතු මොනවද කියලත් අපි බලන්න ඕනෑ මචෝ. පළවෙනිම කාරණාව තමා සමාජීය පිළිගැනීම වැඩිවීම. ඉස්සර Tattoo ගැන තිබුණේ බොහොම වැරදි සමාජ ආකල්පයක්. සමාජ දුරාචාරය, පාතාලය, මත්ද්‍රව්‍ය, අපරාධ තමයි මේ සීන් එක ඇතුළෙ ඉස්මතු වෙලා පෙනුණේ. ඒත් මෑත අවුරුදුවල ඒක ඉතාම වේගයෙන් වෙනස් වෙන්න පටන් අරගෙන තියෙනවා. Specially ගෙවුණු අවුරුදු දෙක තුන තුළ.

මේ සම්බන්ධව ලෝකයේ සිද්ධවෙලා තියෙන සමීක්ෂණ අනුව ටැටූ මගින් හැඟීම් සහ පුද්ගලිකත්වය ප්‍රකාශ කිරීම Gen Z සහ Millennials අතර වැඩිවෙමින් පවතිනවා. කතා දෙකක් නෑ මේ සීන් එකේ මහ ගෙදර තමයි ඇමෙරිකාව. දැනට සිදුවෙලා තියෙන සමීක්ෂණයන්ට අනුව 36% කට අධික ඇමෙරිකානුවන් ටැටූ එකක් හෝ එකට වඩා තම ශරීරය තුළ ගහගෙන ඉන්නවා.

නව විලාසිතා ඉස්මතු වෙලා පේන්න පටන් ගැනීමත් මේ සීන් එක මෑත කාලීනව නැගලා යන්න හේතුවක්. ඒ කියන්නෙ මචෝ මේ ටැටූ කලාවට අලු‍ත් නිර්මාණාත්මක අගයන් එකතු වෙන්න පටන් අරගෙන තියෙනවා. Single-line, Japanese - Polynesian- වගේ දේවල්වලට මේ දවස්වල ලැබෙන්නේ ඉහළ පිළිගැනීමක්. Temporary tattoos පහුගිය අවුරුද්දෙ ලෝකයේ විශේෂ අවධානයක් දිනාගත්ත සීන් කෝන් එකක් බවට පත් වුණා. විශේෂයෙන් Gen Z එකේ සෙටාර් එක Temporary tattoos වලට ලොකු නැඹුරුවක් දක්වනවා මචෝ.

ඊළඟට මචෝ මේ කර්මාන්තය දියුණු වෙන්න තාක්ෂණිකව සහ සෞඛ්‍ය වශයෙන් ලැබිලා තියෙන දියුණුවත් ලොකු හේතුවක්. Medical tattoos එක්ක එන Radiation therapy වගේ දේවල් ගැන දැන් ලෝකය ලොකුවට අවධානය යොමු කරනවා. Mastectomy ප්‍රතිකාර සඳහා භාවිත වන අතර, Cosmetic tattoos රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරනවා ඕගොල්ලෝ දැකලා ඇති. සරලවම කිව්වොත් සුදෝ කැළැල් මකාගන්න, තට්ටය පෑදුණු තැන්වල කොණ්ඩය පෙන්නන්න දැන් Tattoos භාවිත කරනවා. ලංකාවෙත් මෙය හා සම්බන්ධ වෙළෙඳ දැන්වීම් ඕනෑ තරම් සමාජ මාධ්‍යවල දැකගන්න පුළුවන්.

සුදාලට වැඩිදුර විස්තර හොයාගන්න ඕනෑ නම් පහුගිය අවුරුද්දෙ ලෝකයේ ජනප්‍රියම වුණු Tattoos වර්ග කිහිපයක් අපි කියන්නම්. අන්තර්ජාලය පැත්තට ගිහිල්ලා හොයලා බලන්න.

1. Sticker Sleeve Tattoos:
2. Permanent Jewelry Tattoos:
3. Childhood Reclamation Tattoos
4. Floral Tattoos:
5. Lo-fi Tattoos:
6. Abstract Tattoos:

කොහොම වුණත් මේ කර්මාන්තය මුහුණදෙන විවිධ අභියෝග තියෙනවා. ඒකෙන් ප්‍රධානම එකක් තමා ටැටූ ඉවත් කිරීම. මේ සඳහා වන ඉල්ලු‍ම දැන් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙන්නෙ මචෝ. ටැටූ ඉවත් කිරීමේ කර්මාන්තය 2024 වන විට $280 මිලියනයක් බව වාර්තා වෙනවා. මේ ගැන හොයලා බලද්දි අහන්න ලැබෙන තවත් අපූරුම කතාවක් තමා කාන්තාවන් 70% ක් ටැටූ ඉවත් කරවන පිරිස ඉන්නවා කියන එක.

ඊළඟට කර්මාන්තය කොච්චර දියුණු වුණත් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව මතුවෙන ගැටලු‍ බැහැර කරන්න බෑ. ප්‍රමිතිය සම්බන්ධව අපේ රටවල්වලත් ලොකු ලොකු ගැටලු‍ දකින්න පුළුවන්. ලෝකය පුරාමත් එහෙම තත්ත්ව වාර්තා වෙනවා. ඒ නිසා සුදෝ කරනවනම් මේ වැඩේ හරියට කරන්න ඕනෑ.

කොහොම වුණත් දැනට තියන දත්ත අනුව 2024 - 2032 කාලය තුළ, ටැටූ කර්මාන්තය $5 බිලියන දක්වා වර්ධනය වීම අපේක්ෂා කරනවා. Temporary tattoos, Minimalistic Art සහ වෛද්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සම්බන්ධ වන Tattoos ඉදිරියේදී වැඩිපුර ජනප්‍රිය වෙයි කියලා අනාවැකි ඵල වෙලා තියෙන්නෙ. ඉතින් ඔයාලත් Tattoos ගහලා තියෙනවනම්, ගහන්න ඉන්නවනම්, තවත් විස්තර ටිකක් හොයලා බලලා හොඳම දේ හරියට කරන්න වගබලා ගන්න.

• චමිඳු නිස