2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සිනාසෙන්න – සිනාසෙන්න එක රොත්තට දැන් එනවලු!

 2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

වාංග මචං වාංග...
දිනය – 23
මාසය – මාර්තු
2025 ඈ...
වෙලාව – රෑ 7.00 (වෙලාවටම පටන් ගන්නවාලු. ගත්තොත් ඈ...)
කාලය – පැය දෙකහමාරක්
තැන – බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH)
සිරියුංග ඇතිවෙන්න කීවාලු..

අයියෝ සාමි... සාරෙට සිරා කියන්න බලන්න චිත්‍රපටයක් එන්නෙම නෑ වගේ හිතෙන, එයිද දන්නෙත් නෑ හිතෙන කාලෙක සමගි කොමඩි සන්ධානයේ සභාවේ සිනා මාරයි ඈ කියලා දැන් හිතෙන්නෙ මටම විතරක්ද මන්දා... තත්ත්පරයක් දෙන්න එන්ඩ මචං කොංජම් ඉරුංග කීවලු... මාර්තු 23 වැනිදායින් පස්සේ ආය දෙකක් නෑ සත්තයි සාමි සභාවේ සිනා බැලුවනම් ඔයාටත් එහෙම හිතෙනවා නොවෙයි අප්පා හිතෙනවාමයි ඈ...

චින්නංචිරිය
ආ... නෑ... පයිත්තියන් අප්පා...
ඒක මහ විසාල වැඩක්...
සිරා සිනා සාගරයක්...

එන්ඩ චෙල්වම්... ඔයාටයි මටයි තියෙන්නේ හිනාවෙන්න... ඇති වෙනකම් පට්ට යනකම් නොමැරෙන්ට මැරෙන්ට හිනාවෙන්න...
සභාවේ සිනා...

ඈ මචං කවුද ඒ සභාවේ ඉන්නේ?
මම දන්නවා දැන් ඔයාට මගෙන් එහෙම අහන්න හිතෙනවානේ...
චූටි - මල්ලියි - පොඩි මල්ලියි
ජනයි - ප්‍රියයි
ලකයි - සිකයි

තනිකඩ සිරිල් අයියායි... මේ සෙට් එක එකතුවෙලා රටේම ලෝකෙම හිනාවෙන්න ආසා උන්ව හිනා ගස්සවන්න තමයි සමගි කොමඩි සන්ධානයෙන් සන්ධානගත වුණේ. ඔන්න කීවා එන්ඩ තංගම්... ලකයි සිකයි ඩබලෙ අර ‘සයිලන්ට් මූඩ්කාරයා’ මගේ පට්ට ආතල්ම ජෝකර් මෑන් එයා තමයි... ඒ මූණ දැක්කත්... සිරි කීවලු... මගේ අංක එක එයා වුණාට ඔයාගේ එක හෝ එකේ පෝලිම කවුද කියලා මම නොදන්නවා වුණාට එන්ඩ අන්නා... මම එකක් දන්නවා සභාවේ සිනා සෙට් එකෙන් කවුරු හරි ඔයාගේ පට්ට හිට් ක්‍රෂ් එකක් ඈ...

හිනා වෙන්නෙ නෑ අප්පා...
හිනා යනවා... ඒකනේ ආතල්...
වෙඩි තියෙනවා හිනා වෙයන් කීවත් හිනා යන්නෙ නැති... ගොන් ආතල් මෝඩ ජෝක් තිර සරසන, වේදිකා රත් කරන කලා අයාලේ යන සුනංගුවක
චූටි මල්ලිට – පොඩි මල්ලිට
ජනාට – ප්‍රියාට
ලකාට – සිකාට
සිරිල් අයියා... ඔයාට ස්තූතියි අප්පා... මොකද... හිනා සාගර කියන සමහර ගොන් සාගර නොබලා බැරිකමට බලන්න වෙන මාධ්‍ය රස්සාවේ අන්න ඒ කරුමම කෑල්ලට පට්ටම ආතල් පැය දෙකහමාරක් අරන් එන්න හිතුවට... අරගෙන රට වටේ... ලෝකෙ වටේ යන්න හිතුවට සභාවේ සිනා අයියලා මල්ලිලා සෙට් එකටම
ස්තූතියි අප්පා...
එදාට ඒ කියන්නේ...
2025 මාර්තු 23 වැනිදාට සභාවේ පොරවල් සිනා සපුරන්න අරන් එන්නෙ මොනවද කියලනම් අහන්න එපා මචං...
මොකද?

ඇහුවට කියන්න මම දන්නෙත් නෑ...
දවස හරියට මතක නෑ... ඒත් මචං
චූටි මල්ලියි - පොඩි මල්ලියි
ජනයි - ප්‍රියයි
ලකයි - සිකයි
සිරිල් අයියයි

අපියි සෙට් වුණානේ Headquarters by w 15 දී.
ආ... අහ...
අන්න එදා තමයි උඩට සුදු ඇඳගෙන යටට නිල් ඇඳගෙන ආව පොර සෙට් එක සභාවේ සිනා ගැන අපිට කීවේ...
උන් මොනවා කළත් කරන්නෙ හිනා ගස්සවන එකනම්...
ලිහලා බලන්ට තියෙන මල්ල ඔබලා බලන්නෙ මොකටද හිතුණා.

සිරි මචං... ඒ හින්දා එදාට....
ඒ කීවේ මාර්තු 23 වැනිදාට අපිට ඇතිවෙන්න හිනාවෙන්න කරන්නෙ මොනවද? කියන්නෙ මොනවද? කියලා අපි ඇහුවෙ නෑ...
සිරි සෙලවන් කීවලු...

හැමතිස්සෙම බෑ කියාගත්ත උන් උතුරන්න ඉන්න රටක
අන්තිමට හිනාවුණේ කවද්ද කියලා ඇහුවොත් දිනය මතක නැති තරමට බුම්මගෙන ඉන්න උන් වැඩියෙන්ම වැඩි රටක...
කැඳ නෙවෙයි බං තන්නිත් ඉල්ල කියලා හිතෙන මල මස්ත මුස්පේන්තු වෙලාවක අයියෝ සාමි... සරි සිරි ආ... අම්මට සිරි වෙන්න.
අනේ වාසනාවන් සභාවේ සිනා කියලා හිතෙනවා රත්තරන්...
කම්මැලියි අප්පා වෙලාවකට... හිනාවෙන්න එකෙක් නෑනේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද? හම්බවුණොත් මොකෙක් හරි

සෙට් වුණොත් අඩියකට දුමකට...
අප්පා ප්‍රශ්නයක්...
එක්කෝ අඳෝනාවක්...
එක්කෝ ඕපයක්...
එක්කෝ මඩක්...

එක්කෝ දැක්ක ගමන්... ඔයා කෙට්ටුවෙලා ඇයි Sugar ද? අප්පා මහත්වෙලා වෙනස් වෙලා... කනවා වැඩිද? ඔන්න ඔය වගේ නොදකින් කියලා හිතෙන ප්‍රශ්නයක්...
2009 න් පස්සේ ඉතිරි වෙච්ච බට්ටා කෑල්ලක් හරි තියෙනවනම් මුන්ට පෑගියන් කියලා හිතෙන්නෙ නැද්ද අප්පා... ආන්න එහෙම උන් සිරි සිරියේ උතුරන්න පේදුරුතුඩුවෙ ඉඳන් දෙවුන්දරතුඩුව දක්වා ඉන්න රටක...
අනේ එන්ඩ තංගම්
චූටි මල්ලිටයි - පොඩි මල්ලිටයි
ජනාටයි - ප්‍රියාටයි

ලකාටයි - සිකාටයි
තනිකඩ සිරිල් අයියාටයි
බොක්කෙන්ම ස්තූතියි ඈ...
ඇත්තමයි බං.
එක්තරා දවසක
එක්තරා හැන්දෑවක
රතු වයින් සහ බියර් හිනා වෙච්ච දවසක හෙඩ්ක්වාටර්ස්වලදි අපි හම්බවුණු අල්ල පනල්ලේ මට හිතුණේම...

චූටි මල්ලියි - පොඩි මල්ලියි
ජනයි - ප්‍රියයි
ලකයි - සිකයි
සිරිල් අයියයි එකතුවෙලා සභාවක් නෙවෙයි රටක්ම හිනා ගස්සවන්න රටෙන් එහා රටේ එවුනුත් හිනා ගස්සවන්න පුළුවන් අමුතු පිස්සු ආතල් ලයින් එක්ක සිරි සිරි Culture එකක් හදනවනම් මාරෙටම මාරයි නේද කියලා.. රටේ සිනමාව කියලා කර්මාන්තයකුත් නැති එකේ... අප්පා සිනමාවට අබ සරණයි කියලා හිතෙන පතරංග සිනමා හිතලු වැඩි වැඩියෙන් ආවඩන රටේ...
අඩේ අප්පා රිදුම් කැක්කුම් සිනාවෙන් සම්බාහනය කරන්න දැනෙන්න හිනාවෙන්න වැඩක් එක්ක Culture එකක් හැදෙනවනම්...
අනේ මචං පට්ට ඈ...
ඉතින්... මේ අහන්න
චූටි මල්ලි
පොඩි මල්ලි
ජනා
ප්‍රියා
ලකා
සිකා
සිරිල් අයියා...

ඉතින් සභාවේ සිනා අපේ බලාපොරොත්තුවක්...
අපි ආසයි හිනාවෙන්න...
ගොන් ආතල් නම් නෑනේ  බ්‍රෝ...ඒක විශ්වාසයි
එනක්ක වානා...
මට ඕනෑ මචං ඇත්තටම හිනාවෙන්න...
මේ රටේ හුඟාක් මිනිස්සුන්ට ඕනෑත් ඇත්තටම හිනාවෙන්න...
රටෙන් පිට අපේ රටේ උන්ට ඕනෑත් ඇත්තටම හිනාවෙන්න...

යූ ටියුබ් එකේ තත්පර හොයාගෙන හිනාවෙන්න. චූටි මල්ලි - පොඩි මල්ලි, ජනා - ප්‍රියා, ලකා - සිකා හොයන් එන්නෙ ඒකයි ඩෝ....
එහෙව් එකේ... නල්ලම් ඈ...
ඉතින් ඊට පස්සේ
ආ... හරි කියන්නම්

අප්‍රේල් 19 සභාවේ සිනා සෙට් එක එනවා නුවරඑළියට... අප්පා සීතලට රත්වෙන්න හිනාවෙන්න හැකියි මචං ඔයාට එදාටත්...
adam & eve events ඉන්නෙ ඉතින් සභාවේ සිනා එක්ක... එදාටත් වාංග මචං වාංග නුවරඑළියට... ආ... ඔව් අහන්න ඉස්සර කීවේ ඔව් ටිකට්ස් දැන් ගන්න පුළුවන්...
මගෙ මචං...
ඔයා සිංහල වුණත්, මම දමිල වුණත්, අපි කවුරු වුණත්, ඔයා පන්සල් ගියත්, මම කෝවිල් ගියත්, අපි කවුරු වුණත් අපි මිනිස්සු...
අපිට ජීවිතයයි මරණයයි දෙකම මුණගැහුණේ එකම මොහොතකදි... ජීවියෙක් විදිහට හුස්ම ඉහළ ගන්න පළමු තත්පරයෙම නෙවෙයිද මචං අපිට මරණය මුණගැහෙන්නෙත්...

ඉතින් ඔයා, මම කවුරු වුණත් අපි හැමෝම ඇවිත් යන්න මේ ලෝකයට ආව මිනිස්සු... හුස්ම ඉහළට ගත්ත පළමු මොහොතේ ඉඳන් හුස්මක් වැටෙන නිසා ජීවත්වෙන මනුස්සයෙක් නොවී හුස්මක් ගන්න බව දැනෙන්න ජීවත් වෙන්න තත්පර හොයන මිනිස්සු...
අපි හැමෝම හැමදේම කරන්නෙ සතුටින් ඉන්න නෙවෙයිද?
හිනාවෙලා ඉන්න නෙවෙයිද?

ඒත් ජීවිතයේ පාර දිගේ ඇවිදිද්දි සිනා - කඳුළු - වේදනා - දුක් - මේ හැම පාරකම ඇවිදින්න සිද්ධ නොවුණේ කාටද? ඒත් ඇසිල්ලකත් නිවෙන්න... ජීවිතය තුළ නිර්වාණය දකින්න අපි ඉල්ලන්නේ ආදරය සහ සිනහව නෙවෙයිද?
ඉතින් එහෙනම්... ඇසිල්ලක් හරි නිවාලන්න
සභාවේ සිනා වාසනාවන්.

• සංජීවිකා සමරතුංග