2025 මාර්තු 01 වන සෙනසුරාදා

අවුරුදු දෙක තුනකින් ලංකාවටම පිස්සුවක්!

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

Up Coming Y Trend එකක් ගැන කතාවක් අපි කාලෙකට කලින් සුදාලත් එක්ක බෙදා ගත්තා. ඒක අපි නම් කළේ Omegle කියලා. අපි හිතන විදිහට දැන්නම් ලංකාවේ ගොඩක් බ්‍රෝ සිස්ලා දන්නවා මේ සීන් කෝන් එක ගැන ගැන. මම හිතන්නෙ දැන් මේක ලංකාවෙත් සිරාම social Media Y Trend එකක් වෙලා තියෙන්නෙ.

YouTube එකේ සැරට කරක් ගහන සුදාලා නම් සීන් එක ඕනෑ තරම් දැකලා ඇති. නැත්නම් මේ සීන් එකට උත්සාහ කරපු අයත් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. සිරාවට මේක මුළු ලෝකයම ආක්‍රමණය කරන්න පටන් ගත්ත අලු‍ත් Trend එකක් මචෝ. ඒ වුණත් තාමත් මේ සීන් එක අපේ සමහර ෆ්‍රොන්තොලට ග්‍රීක් වගේනෙ.

මුලින්ම සීන් එක මෙහෙම ඔළුවට දාගමු හරිය. Omegle කියලා කිව්වේ Web site එකකට. ඒත් ඇත්තටම ඒ මුලින්ම තිබුණු Web site එක මේ වෙද්දි නෑ. ඇමෙරිකාවේ එක්තරා නඩු විභාගයකට පස්සේ ඒකෙ අයිතිකාරයා ඒ Web එක වහලා දාන්න තීරණය කළා. ඒකට හේතුවෙලා තිබුණේ බාල අපරාධ නඩුවක්.

කොහොම වුණත් මේ වෙනකොට Omegle Online ඇතුළුව මීට සමාන්තර වෙබ් අඩවි සහ Mobile App ගොඩක් තියෙනවා. Chatroulette, Emerald Chat, ChasChat, Chathub දැනට ක්‍රියාත්මක ඒවායින් ප්‍රධානයි. මේ සීන් කෝන් එකේදි සිද්ධ වෙන්නෙ Free Online Random Video Chat කරන්න අවස්ථාවක් සලසා දීම. මේවායේ Live Video Chat වගේම Normal Text Chat කරන්නත් පුළුවන්. විශේෂත්වය තමා මේ Chat එකට ලියාපදිංචි වෙන්න ඕනෙ නෑ. ඒ කියන්නෙ නම ගම විස්තර Email එකක වගේ කිසිම දෙයක් ඕනෙ නෑ. නිකම්ම chat එකට යන්න පුළුවන්. හැබැයි දැන් සමහර ඒවායේ එහෙම කරන්න ඕනෙ නීති රීති සැරවෙලා.

මේ සීන් එකේදි Chat කරන්න කට්ටියව හම්බ වෙන්නෙ අහඹු විදිහට. අවශ්‍ය වෙන්නෙ Chat එකට ඇතුළු වෙනකොට තමන් කැමති Filter එකක් දාන එක. උදාහරණයක් විදිහට Music, Gaming, Comedy වගේ Filter දාන්න පුළුවන්. නැත්නම් රටවල් භාෂා වගේ දේවල් දාන්නත් පුළුවන්. ඊට සමාන්තර දේවල් දාපු අයව තමයි අහඹු විදිහට වුණත් අපිට හම්බවෙන්නෙ.

ඇත්තටම සුදාලා දන්නවා අපි ඉස්සරත් කිව්ව විදිහට මුල් කාලෙ නම් මේ වගේ සරල Chat Website අන්තර්ජාලයේ හරිම විරලයි මචෝ. අනන්‍යතාව හංගගෙන කටයුතු කරන්න විවෘත අවකාශයක් මේකේ තියෙනවා. ඒ වගේම තමන්ට ඕනෑ වෙලාවට Chat එක Stop කරන්නත් පුළුවන්. නිර්නාමිකව ඉන්න පුළුවන්. ඒත් දැන් තත්වය ඊට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙන්නෙ. කොවිඩ් වසංගතය ඉවර වුණාට පස්සේ මේ සීන් එක දියුණු වුණේ අපිට හිතාගන්න බැරි වේගයකින්. අන්තර්ජාලයේ මේ විදිහෙ මුහුණට මුහුණ වීඩියෝ සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථා, විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. අසභ්‍ය වෙබ් අඩවි පවා මේ ක්‍රමය දැන් අනුගමනය කරන්න පටන් අරගෙන.

කොහොම වුණත් දැනට සාමාන්‍ය විදිහට පවතින වෙබ් අඩවිය ඇතුළේ, දක්ෂ සංවාදයකට පස්සේ තමන්ගේ Instagram, Facebook හරි Tik Tok නම හරි හුවමාරු කරගෙන සම්බන්ධය ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. ඉතින් ලෝකය පුරා තරුණ තරුණියෝ යාළුවෝ හොයාගන්න වගේම කාත් එක්ක හරි කතා කර කර ඉන්න දැන් Chatroulette වගේ අවකාශ දැන් සෑහෙන්න භාවිත කරනවා. අනෙක් පැත්තට ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්නත් ගොඩක් දෙනෙක් මේව භාවිත කරනවා.

මේක ඉතින් පට්ට Y Trend එකක් මචෝ. හැබැයි මේක 18+ අයට තමා නිර්දේශ කරලා තියෙන්නෙ. ඒ වගේම 13+ දෙමාපියන්ගේ අවසරය සහිතව Chat කරන්න පුළුවන් කියලත් සමහර තැන්වල සඳහන් වෙනවා. ඒ වුණාට මචෝ මේක සම්බන්ධව ලෝකය පුරා තියෙන ප්‍රධාන ගැටලු‍වක් තමා, වයස අවුරුදු 18 ට වඩා අඩු දරුවන් වැරදි විදිහට මේක භාවිත කිරීම. මේක ලිංගික අපරාධ, අපචාර වගේ දේවල් වෙනුවෙන් භාවිත වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. මේ හා සම්බන්ධ අවදානම සුළුකොට තකන්න බැරි බව, මේ වන විටත් ලෝකය පුරා අන්තර්ජාල අපරාධ ගැන කතා කරන අය සඳහන් කරලා තියෙනවා දැකගන්න පුළුවන්.

දැන් සුදාලට සීන් කෝන් එක ගැන පැහැදිලියි. හරි එහෙනම් ඊළඟට සීන් එක මෙච්චර Trend එකක් වෙන්න හේතුව අපි බලමු. ආයෙත් අහලා මේ කාලේ Trend හදන Youtubers ලා තමා මේකෙත් පුරෝගාමී චරිත. මෙයාලා කරන්නෙ Chatroulette අවකාශවල සිද්ධවෙන සංවාද Video Chat Record කරලා Youtube දාන එක. මේක වෙනම ආතල් එකක්. මේ අය Chatroulette Chat එක ඇතුළේ ආතල් දෙනවා. ආතල් කියන්නෙ එක එක ජාතියේ ආතල් මචෝ. සමහරු Music කරනවා. සමහරු Beet Box කරනවා. හිනස්සනවා, බොරු කියනවා, නටනවා. එක එක ජාතියේ ඒවා තමා ඉතින්.

හැබැයි ඉතින් අනිත් මිනිස්සුන්ට අපහාස කරන, බණින උන්මන්තකයෝ රැලකුත් මේක ඇතුළේ ඉන්නවා තමා. ඒ වගේම තමන්ගේ අසහනය පිරිමහගන්න මේවා පාවිච්චි කරන්න හදන අයත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, රෑට නිදි මරණ, විවිධ වැඩ හේතුවෙන් පාළුව මකාගන්න මේකට එන අයත් ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි, මානසික පීඩනය සහ විශාදය වගේ තත්වවලදී සහනයක් ලබාගන්න අඳුරන්නෙ නැති අයත්, එක්කෝ ඒ කතා කරන්න හදන අයත් මෙතැන ඉන්නවා. ඇත්තටම මචෝ එක එක විවිධාකාර මිනිස්සු, විවිධාකාර අරමුණුවලින් කරන උන්මන්තක වැඩක්.

ෆ්‍රොන්තොලට මේ සීන් එක පැහැදිලි වෙන්න නම් මේ වැඩේ කරන ලෝකයේ ජනප්‍රිය Youtubers ලා දෙතුන් දෙනෙක්ගේ වැඩ බලන්නම වෙනවා. අපි නම් දෙක තුනක් කියන්නම්. Lex Luger, FaZe Banks, Mike Majlak කැමති නම් මෙයාව Search කරලා බලන්නකො මචෝ. කොහොම වුණත් මචෝ ඒ කාලෙම අපි කිව්වා මේක ලංකාවට Up Coming Y Trend එකක් කියලා. ඉතින් අපි කිව්ව දේවල් එහෙම ලේසියට වරදින්නෙ නෑ. දැන් ලංකාවේ කෙල්ලො කොල්ලෝ සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා, මේ සීන් එකට පිස්සු වැටුණු. ඒ අතරින් Youtube එකට, Facebook එකට මේ ජාතියේ වීඩියෝ දාන සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා.

ලෝක මට්ටමෙන් ගත්තොත් ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව තමා මේ ජාතියේ ආතල් ගන්න අය වැඩිපුරම ඉන්න රටවල් වෙන්නෙ. හැබැයි මචෝ ආසියාවේ තත්වයත් එන්න එන්න නරක අතට හැරෙන බව තමයි පේන්න තියෙන්නෙ. ආසියාවට දිගුකාලීනව මේ වගේ platforms වල භාවිතය සැලකිය යුතු සමාජ - සංස්කෘතික බලපෑමක් එල්ල කරලා තියෙනවා.

ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුව වගේ රටවල් තුළ මේවාට දැඩි නියාමනයක් ක්‍රියාත්මක කරලා හමාරයි. සුදාලා පහුගිය කාලේ මේ සම්බන්ධව අවධානයෙන් හිටියනම් ඒ රටවල්වල තත්වය අතිශය භයානක වෙමින් පැවතුණු බව දන්නවා ඇති. ඊළඟට තායිවානය, පිලිපීනය සහ තායිවානය වගේ රටවල්වල අයට මේ පිස්සුව දැන් හොඳටම ඔළුවට ගහලා කියලා පේන්න තියෙනවා. එතකොට ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය ඇතුළු අපේ කලාපයේ කට්ටියත් ක්‍රමයෙන් මේ සීන් එකට ඇතුළු වෙමින් ඉන්නෙ. හැබැයි අපේ රටවල්වල බහුතරයකගේ දෛනික ජීවිතයේ කොටසක් බවට මේ පිස්සුව තාම පත්වෙලා නැහැ.

ඔන්න මචෝ ආයෙත් කැට තියෙන ඔට්ටුවක් අල්ලනවා. තව අවුරුදු දෙක තුනකින් ලංකාවේ මේක පිස්සුවක් බවට පත්වෙලා අපේ උන්ට නවත්තගන්න බැරුව, ලොකු ආතල් එකක් අපිට ගන්න වෙනවා. සමහර විට ආතල් කුඩු වෙයි. අපි ඒ කාලෙට ආවාම අනිවාර්‌යෙන්ම මේ සීන් එක ගැන ආයෙත් ලියනවා සුදෝ.

අපේ අය දැනට මේ සම්බන්ධ කිසිම අවධානයක් දක්වන්නෙ නැති බව ඉතාම පැහැදිලි කාරණාවක්. දකුණු කොරියාව සහ ජපානය වැනි තාක්ෂණික වශයෙන් වැඩිදියුණු රටවල් තුළ, මෙවැනි random video chat platforms සම්බන්ධයෙන් වඩාත් සංකීර්ණ cyber security නීති සකස් කර තියෙන බවත් මතක් කරන්න ඕනෑ. ඉතින් අපිත් ඒ වගේ වැඩපිළිවෙළක් අනුගමනය කළොත් හොඳයි කියලා අපි යෝජනා කරනවා. ඒත් ඉතින් සුදු මහත්තයෝ අපි කියන දේවල් කවුද කරන්නෙ?

• චමිඳු නිසල්