2025 මාර්තු 08 වන සෙනසුරාදා

හදගැස්ම ඇත පා සළඹ අස කොවිල් බිමකදි සිඹ බලනු මැන

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

කෝවලන් මේ අහන්න
සැලෙන නූපුර නුරාගී
රාග නර්තන සරාගී
ගැහැනියක අස නුඹට අමතක
වෙච්ච මං නුඹෙ කන්නගී

ඉපල් තුරු හිස සුළං ස්වරයක
තාල නැති කවි පාව යද්දී
පුරවරක් ගිනි ඇවිලුවේ
මා නොවෙයි මගෙ කෝවලන්

ළය ලෙයම සිඹි
අරුම ආදරයක්
කෝවලන් ඒ ගින්දරක්

හදගැස්ම ඇත පා සළඹ අස
කොවිල් බිමකදි සිඹ බලනු මැන
සංසාර හිස්තැනක් රිදවන
කෝවලන් ඒ කවිය නුඹමය

• සංජු