දරාගන්නට අසීරුම
ඍතුවක්
මම ගෙවමින් හිඳිමි
අංශුමාත්‍රික වෙනසක් වුව
දරාගන්නට හැකිදැයි
සිතමින් සිටිමි...
පවනක් ලෙසින් හමාවිත්
රළු විය සුළඟක්
බිම වැටෙද්දී මලක්
දුක දැනෙන්නේ
මලකට නෙවෙයි
නටුවකට...
උල් කටු ඇනී හීරෙන
රිදුම් එමටය පපුව මැද
නුඹේ සෙනෙහස් බිඳක්
ගැල්වූ පමණින්
සුවපත් වෙන
නුඹේ සිනා
මාත්‍රයකින් විතරක්ම
වේදනා නිවී යන
තවමත් මම
අකුරු අහුලමින් හිඳිමි
මගේ ප්‍රේමය
නුඹට හෙමිහිට
කියා දෙන්නට...
සැර වෙද්දි වචනයක්
ඇහැ අගට එන කඳුළ
තරම් සීතල නෑ මැණික
නොවැම්බරයේ මරණය
සඟවලා මගෙ හුස්ම
නුඹේ පපුව හරි මැදක
ඇස් පියා තුරුල් වෙමි
පපුව මැද රස්නයට
දන්නෙ නෑ මම තවම
කවියකට අමුණන්න
කල්පයක් සංසාරේ
අරන් එන ආදරය...
• සංජු