ඔන්න මචෝ අද අපි අරගෙන ආවා ඉදිරි වසර කිහිපය ඇතුළේ මුළු ලෝකයම වෙනස් කරන සුපිරි Trend එකක් ගැන කතාවක්. හූනා කිව්වා වගේ සීන් කෝන් එක අනිවාර්යයෙන්ම වෙන නිසා අද කතාව ටිකක් සිරාවට ඔළුවට දාගත්තට අවුලක් නෑ. සුදාලා දන්නවා ඇස් කණ්ණාඩි කියලා කියන්නේ ලෝකයේ කවදත් ලොකුම Trend එකක්. ඒ වගේම මචෝ මේක Fashion එකක් විදිහට Sunglasses වගේම Smart Glasses දක්වා පහුගිය කාලේ විකාශනය වුණා. අපි Y Trend වලින් ඉඳලා හිටලා ඇස් කණ්ණාඩි සම්බන්ධව තියෙන Fashion Trend ගැන කතා කළා. දැන් ඉතින් අලුත්ම සීන් කෝන් එක තමයි AI ඇස් කණ්ණාඩි.
AI නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් කෘත්‍රිම බුද්ධිය සහිත Glasses ගැන තමයි මේ කතාව ගලපන්න හදන්නෙ. සීන් එක එතැනට එන්න කලින් මෑත කාලීනව ලෝකයේ කණ්ණාඩි සම්බන්ධව නිර්මාණය වෙලා තියෙන Y Trend ටික ගැනත් ටිකක් සරලව කතා කරන්න ඕනෑ. මොකද මචෝ මේ සීන් එක කෘත්‍රිම බුද්ධිය දක්වා එකපාරට ආපු එකක් නෙවෙයි. කාලයක් තිස්සේ ඇස් කණ්ණාඩිත් එක්ක තාක්ෂණය ගැටගහන්න ගොඩක් දෙනා උත්සාහ කළා. එකේ ප්‍රතිඵලයක් විදියට තමයි අද කෘත්‍රිම බුද්ධියත් එක්කත් මේ සීන් කෝන් ගලපන්න හදන්නෙ.
Smart Glasses Trend එක දැන් ලෝකයේ සැලකිය යුතු මට්ටමකින් දකින්න ලැබෙනවා. ඒ අනුව මචෝ වර්තමානයේ සාම්ප්‍රදායික Sunglasses වලින් ඔබ්බට ගිය Smart Glasses තාක්ෂණය generation Z එක තුළ ජනප්‍රිය වෙමින් තියෙනවා කියලා කිව්වොත් අපි වැරදි නෑ. ඒත් තාමත් මිලේනියම්ලා වැඩිපුර කැමති Brand Sunglasses වලට. මේ මොහොතේ නිර්මාණය වෙලා තියෙන Smart Glasses දිහා බැලුවොත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්.
පළවෙනි එක තමයි තාක්ෂණික කටයුතු කිරීම සඳහා පහසුකම් සහිත Simple Smart Glasses. සින්දු අහන්න පුළුවන් Bluetooth තියෙන, ඡායාරූප ගන්න පුළුවන්, හඬ පටිගත කරන්න පුළුවන් Glasses මේ වර්ගයට අයත්. දෙවැනි කාණ්ඩයේ තමා මචෝ AR (Augmented Reality) කියන Smart Glasses ඔස්සේ පරිසරයේ තියෙන දැක්මට අතිරේක තොරතුරු එකතු කරන්නෙ. මෙන්න මේ වර්ගයත් එක්ක තමයි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයත් ගැටගැහිලා ලෝකයට AI Glasses ඇවිල්ලා තියෙන්නෙ.
දැනට AI ඇස් කණ්ණාඩි තාක්ෂණය තවමත් මුල් අවධියේ පවතින්නෙ. ඒත් මචෝ මෑත කාලීනව සැලකිය යුතු වේගවත් දියුණුවීම් සිදුවෙමින් පවතිනවා කියලා පේන්න තියෙනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ තාක්ෂණය පසුගිය අවුරුදු හතර පහ ඇතුළත වේගයෙන් සංවර්ධනය වෙනවා කියන එක අපි කවුරුත් දන්න සීන් කෝන් එකක්. ඒ නිසාම ලෝකය වටා තියෙන තාක්ෂණික මෙවලම්වලට මේක වේගයෙන් මුසු වෙනවා. AI Glasses නිර්මාණය වෙන්නෙත් ඒ හේතුව මත.
ඔන්න දැනටත් වෙළෙඳපොළට AI ඇස් කණ්ණාඩි ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් ගොඩක්ම ජනප්‍රිය සීන් කෝන් එක තමයි සුදෝ මෑත කාලීනව හඳුන්වා දීපු මෙට්ටා (Meta) Ray-Ban Smart Glasses එක. Mata කියන්නෙ ෆේස්බුක් සමාගම කියලා සුදාලා දන්නවනෙ. එයාලා තමයි මේ Glass එක Ray-Ban කියන ලෝක ප්‍රසිද්ධ ඇස් කණ්ණාඩි සන්නාමයත් එක්ක එකතුවෙලා ඉදිරිපත් කළේ. සාපේක්ෂව මේකෙ මිල එච්චරම අධික නැහැ. මේ ඇස් කණ්ණාඩි AI සහායකයා වෙන්නේ “මෙට්ටා AI”. ඒ සම්බන්ධය නිසා මේ Glass එකෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන්. පරිසරය ගැන තොරතුරු ලබා ගැනීම, ඡායාරූප ගැනීම සහ සංගීතය පාලනය කිරීමේ හැකියාව ඒවායින් කිහිපයක් විතරයි.
ජනප්‍රිය AI Glass එක තමයි Brilliant Labs Frame කියන්නෙ. මේක "Perplexity AI" සමඟ ඒකාබද්ධ වෙලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ. මෙම කණ්ණාඩි මගින් දෘශ්‍ය අන්තර්ගතය හඳුනාගෙන ඒ ගැන තොරතුරු සපයන්න පුළුවන්. ඊළඟට මචෝ ‘වියෝන් ප්‍රෝ’ (Vuzix Blade) කියන්නෙත් AI තාක්ෂණය ආභාෂය ලබාගත්ත ඇස් කණ්ණාඩි වර්ගයක්. මේක කුඩා තිරයක් සහිත මෙම ව්‍යාපාරික යෙදුම් සඳහා වැඩි වශයෙන් භාවිත වෙනවා. මේ ඇස් කණ්ණාඩි මගින් AR (Augmented Reality) අත්දැකීමක් ලබා දෙන අතර, විවිධ AI යෙදුම් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.
කොහොම වුණත් මචෝ අපි කිව්වනේ තාමත් මේ තාක්ෂණය සහ කණ්ණාඩි තියෙන්නේ ආරම්භක අවස්ථාවේ කියලා. ඒත් මචෝ දැනට පවතින AI ඇස් කණ්ණාඩිවල ප්‍රධාන විශේෂාංග ගැන අපිට පොදුවේ මෙහෙම සලකා බලන්න පුළුවන්.
1. පරිසර හඳුනා ගැනීම – AI ඇස් කණ්ණාඩි මගින් පරිසරයේ වස්තු, ස්ථාන සහ මුහුණු හඳුනාගෙන ඒ පිළිබඳ තොරතුරු ලබා දෙනවා.
2. හඬ සහායකයන් - AI හඬ සහායකයන් (Voice Assistants) ඔස්සේ ප්‍රශ්න විමසීමට හා විධාන ලබාදීම සිදු කරනවා.
3. භාෂා පරිවර්තනය – සමහර AI ඇස් කණ්ණාඩි මගින් සජීවී භාෂා පරිවර්තන සේවා ලබා සිදු වෙනවා. (ලියන ලද සහ කතා කරන දේ දෙකම).
4. දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට සහාය – AI ඇස් කණ්ණාඩි මගින් දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ට පරිසරය විස්තර කර දීම සහ සහාය වෙන අවස්ථාත් දැකගන්න පුළුවන්.
වීදුරු කෑලි දෙකක් ඇස් දෙක ඉස්සරහින් දාගෙන ගියපු මිනිස්සුන්ගේ ලෝකයේ ඇස් කණ්ණාඩිවලින් මේ වගේ සීන් කෝන් කරන්න පුළුවන් වීමම ඇත්තටම පුදුමයක්. හැබැයි මචෝ මේ තාක්ෂණය එකපාර දියුණු කරගන්න බැරි, දැනට පවතින අභියෝග ටිකකුත් තියෙනවා.
පළවෙනිම දේ තමා බැටරි ආයු කාලය – AI විශ්ලේෂණ සඳහා වැඩි බලශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම මචෝ ගොඩක් AI ඇස් කණ්ණාඩිවල බැටරි ආයු කාලය සීමිතයි. සාමාන්‍යයෙන් පැය 4-6 වගේ තමා දැනට ගොඩක් මේ AI Glasses පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණය තමා මචෝ මිල ඉහළ වීම. දියුණු AI තාක්ෂණය සහිත ඇස් කණ්ණාඩි බොහෝ විට අධික මිලක් වෙනවා. නිකම් සරලව ඩොලර් 500 - 1,500 අතර සහ ඊටත් වඩා වැඩි මිල ගණන්වලට මේවා අලෙවි වෙන අවස්ථා තියෙනවා.
තවත් වැදගත්ම සීන් කෝන් එකක් තමා පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් මතුවෙන ගැටලු. සුදාලා දන්නවා ලෝකයම දැන් තමන්ගේ පෞද්ගලිකත්වය ගැන ලොකුවට හිතනවා. ඉතින් වස්තු AI ඇස් කණ්ණාඩි මගින් ලබාගන්නා දත්ත සහ සජීවී වීඩියෝ සම්බන්ධයෙන් පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටලු මතුව තියෙනවා. ඒ නිසාම ආරක්ෂාව සහ තවත් හේතු නිසා සමහර අවස්ථාවල සමහර ස්ථානවල AI Glasses භාවිතය තහනම් කරලත් තියෙනවා.
කොහොම වුණත් මචෝ මේ වගේ අභියෝග කොච්චර තිබුණත් මේ තාක්ෂණය ඉදිරි වසර කිහිපය තුළ ලොකු දියුණුවක් අත්පත් කරගන්න බව නම් සහතිකයි. මේවාට විසඳුම් නිෂ්පාදකයෝ සොයා ගනීවි. අනිවාර්යයෙන්ම මේ සීන් කෝන් එකට ලොකු වෙළෙඳපොළක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම ලෝකයේ සමස්ත තාක්ෂණික දියුණුව සහ දෛනික ජීවිතය සම්බන්ධ තාක්ෂණයේ විශාල පරිවර්තනයක් AI Glasses කරාවි කියලත් විශ්වාස කරනවා
මේ වෙනකොට සමාගම් උත්සාහ කරමින් ඉන්නවා, AI ඇස් කණ්ණාඩි සාමාන්‍ය ඇස් කණ්ණාඩිවලට වඩාත් සමාන වෙන විදිහට නිෂ්පාදනය කරන්න. ඒ වගේම මචෝ දැනට සිදුවෙන පරීක්ෂණ අනුව ඉදිරි කාලය තුළ වැඩිදියුණු කළ පරිසර අවබෝධය විශාල පෙරැළියක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ AI තාක්ෂණය මගින් වඩාත් සංකීර්ණ පරිසර තත්ත්ව හඳුනා ගැනීමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. උදාහරණයක් කිව්වොත් මචෝ ශබ්ද විශ්ලේෂණය, චලන හඳුනා ගැනීම, ඒ ඔස්සේ අනුමාන ඉදිරිපත් කිරීම, නිශ්චිත තොරතුරු සැපයීම වගේ දේවල් අනාගතයේ AI Glasses ඔස්සේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.
මේ නිසාම ලෝකයේ විවිධ ක්ෂේත්‍රවලට AI වෘත්තීමය විදියට භාවිත වෙන්නත් අවස්ථාවක් තියෙන බව පැහැදිලියි මචෝ. උදාහරණයක් විදිහට කිව්වොත් සෞඛ්‍ය නිරීක්ෂණය සඳහා මේ තාක්ෂණික මෙවලම භාවිත කරන්න ලොකු ඉඩක් තියෙනවා. පිටත දේවල් වගේම ඇස්වල හැසිරීම නිරීක්ෂණය කරමින් තෙහෙට්ටුව ආදිය හඳුනා ගන්නත් මේ ඇස් කණ්ණාඩිවලට පුළුවන් වේවි. ඒ වගේම මිනිසුන්ගේ ශාරීරික ලක්ෂණ, දුර්වලතා හඳුනාගෙන එයාලට තියෙන සෞඛ්‍ය ගැටලු ගැන හොයලා බලන්නත් මේවා උදව් වෙන්න පුළුවන්. තවත් ඉස්සරහට ගියොත් 5G සම්බන්ධතාවය මේ AI Glasses වලට එක් කිරීමේ සූදානමක් තියෙනවා. වඩාත් වේගවත් දත්ත සම්බන්ධතාවය සහිත AI ඇස් කණ්ණාඩි මගින් සත්‍ය, කාලීන විශ්ලේෂණ ලබාදීමේ හැකියාව වැඩි කරයි කියලා ඉහළ බලාපොරොත්තුවක් තියෙනවා.
කොහොම වුණත් මචෝ AI ඇස් කණ්ණාඩි කර්මාන්තය තවමත් මුල් අවධියේ පවතින්නෙ. සමස්ත ලෝකයේම මේ හා සම්බන්ධව ඉදිරි වසර කිහිපය තුළ විශාල දියුණුවක් අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එහෙම වුණොත් මේක අනිවාර්යයෙන්ම මුළු ලෝකයේම ඉතාම ජනප්‍රියයි. Fashion Trend එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. තාක්ෂණය වඩාත් ශක්තිමත් වෙලා තරඟකාරීත්වය එක්ක මිල අඩුවන විට මේ සීන් කෝන් එක අපේ දෛනික ජීවිතයත් එක්ක ගැටගැහෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි මචෝ. මොකද අපි වැඩිපුරම පිනවන්න උත්සාහ කරන ඉන්ද්‍රියක් තමයි ඇස් කියලා කියන්නෙ.
• චමිඳු නිසල්