මචෝ, මතකද පරණ කාලේ ඔරලෝසු? අතේ පළඳන වළල්ලක් විතරයි. වෙලාව බලන්න විතරයි පුළුවන්. ඒත් දැන්? දැන් තියෙන්නේ ‘ස්මාර්ට් වොච්’ කියන නවීන ගැජට් එකක්. දැන් ඉතින් ඔරලෝසුව කියන්නේ මොබයිල් එකේ පොඩි මල්ලි වගේ එකක්. ඉතින් ඒ නිසාම මචෝ අපි හිතුවා Y Trend එකෙන් අද, ලෝකය පුරා කෙල්ලෝ කොල්ලන්ගේ උමතුව බවට පත්වෙලා තියෙන Smart Watch ගැන Chat එකක් දාන්න.
‘ස්මාර්ට් ඔරලෝසු’ ජනප්‍රිය වුණේ ඇයි? මේක සරලයි වගේ පෙනුණට මචෝ ලොකු උත්තරයක් තියෙන ප්‍රශ්නයක්. මචංලා, මේකට හේතු කිහිපයක් තියෙනවා. විලාසිතාවක් විදියට තියෙන ආතල් එක - දැන් තරුණ අය අලුත් ‘ටෙක් ගැජට්’වලට ආසයි. ‘ස්මාර්ට් වොච්’ එකක් පැළඳීම Trend එකක් වෙන්නේ මේ ආසාවත් එක්ක. ඊළඟට ජංගම දුරකථන සමඟ තියෙන අයියා මල්ලි සම්බන්ධය. මචංලා, දැන් Notification එකක් ආවම ඒක අතේ තියෙන ඔරලෝසුවෙන් බලන්න පුළුවන්. ‘ෆෝන්’ එක ගන්න ඕනෑ නෑ. පණිවිඩ, ඊමේල්, සමාජ මාධ්‍ය දැනුම්දීම් ඔක්කොම අතේ බැඳලා තියෙනවා.
ඊළඟ සීන් කෝන් එක තමා සෞඛ්‍ය හා යහපැවැත්ම. සුදෝ, මේ කාලේ ‘ෆිට්නස් ට්‍රැකින්’ කරන්න හැමෝම කැමතියි. පියවර ගණන, හෘද ස්පන්දන වේගය, නින්ද පරීක්ෂා කරන්න පුළුවන්. මහන්සි නොවී ශරීර සෞඛ්‍ය ගැන දත්ත එකතු කරන්න පුළුවන්. සිරාවටම කාලා බීලා බීලා ඔහේ ඉන්න, විලාසිතාවක් විදියට විදිහට විතරක්ම මේක පාවිච්චි කරන අයට මේ ආතල් එක දැනෙන්නෙ නෑ. ඒත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හොඳට හිතන අයට Smart Watch එකක් කියන්නේ පට්ට වටින ගැජට් එකක්.
වස්තුලා දන්නවා මේ ලෝකයට අලුත් ගැජට් ආවම එක එක වෙනස්කම් සිද්ධ වෙනවා. කට්ටිය කියන විදිහට රෝදය සොයා ගැනීම තමයි අද මිනිස්සුන්ගේ තාක්ෂණික දියුණුවට ලොකුම හේතුව වෙලා තියෙන්නෙ. ඔරලෝසුවත් එහෙමයි. අත් ඔරලෝසුවල ඉතිහාස කතාව චුට්ටක් ගලපගන්න එක කෝකටත් වටිනවා.
සුදෝ, 1500 ගණන්වල ජර්මනියේ සාදපු පළමු අත් ඔරලෝසුව අද තියෙන ඔරලෝසු වගේ නෙවෙයි. බිත්තරයක් වගේ හැඩයෙන් හදලා කරපටියක් වෙනුවට කුඩා දම්වැලක එල්ලලා තියෙන්නෙ. ඒක හරි පට්ට! ආතල් සීන් එකක් පොඩ්ඩක් හිතින් මවාගන්න. ඊට පස්සේ වස්තුලා දන්නවා ලෝක යුද්ධ එන්න පටන් ගත්තා. පළමු ලෝක යුද්ධය අතරතුර, සොල්දාදුවන්ට වෙලාව බලන්න අත් ඔරලෝසු දෙන්න වුණා. ඒ කාලේ ‘පොකට් වොච්’ එකක් අරගෙන යන්න අමාරු සීන් කෝන් එකක් තිබුණා යුද්ධය නිසා. ඒ නිසා පස්සේ ‘රිස්ට් වොච්’ පට්ට ජනප්‍රිය වුණා.
‘ක්වාට්ස් විප්ලවය’ කියන්නෙ ඔරලෝසුව ඉතිහාස කතාවේ තවත් ආතල් සීන් එකක්. සුදෝ, 1970 දශකයේදී බැටරිවලින් වැඩ කරන ‘ක්වාට්ස් ඔරලෝසු’ නිසා සම්ප්‍රදායික ‘ස්විස් ඔරලෝසු’ කර්මාන්තයට ලොකු තර්ජනයක් වුණා. මේ නිසා ස්විස් ඔරලෝසු නිෂ්පාදන ආයතන බොහොමයක් වසා දැමුණා. ඒ කාලේ මිනිස්සු කිව්වේ ‘ස්විස් වොච් ක්‍රයිසිස්’ කියලා. ඔන්න ඊට පස්සේ තමයි අපි කතා Smart Watch වලට පදනම වැටුණු ඩිජිටල් ඔරලෝසු සීන් එකට එන්නෙ. මචං, Casio G-Shock වගේ ඩිජිටල් ඔරලෝසු 80 සහ 90 දශකවල තාරුණ්‍යයේ සංකේතයක් වුණා. ඒවා කැඩීමට අපහසුයි, Calculators තියෙනවා, Alarm තියෙනවා. ඒ නිසාම ඔය ජාතියේ Trend දෙයක් වුණා. සමහර විට මේ යුගය පිළිබඳ ඔයාටත් ගොඩක් අත්දැකීම් ඇති.
ඊළඟට ඉතින් ස්මාර්ට් ඔරලෝසු Trend එකක් වුණාට පස්සේ සිද්ධවුණු වෙනස්කම් පිළිබඳවත් අපි හොයලා බැලුවට වරදක් නෑ. ඒකනේ අපේ ප්‍රධාන කතාව. මේ සීන් කෝන් එකත් සංවර්ධනය වුණු, දියුණු වුණු විදිහත් ඇත්තටම ආතල් කතාවක්.
මචං, දැන් එදා-මෙදා තුර මේ ගැජට් එකේ හැටි බලපුවාම මුල් යුගයේ (2013-2015) පළමු Smart Watch මාදිලි භාවිත කරන සීන් එක හරි අමාරුයි. ලොකුයි, ‘බැටරි ලයිෆ්’ එක අඩුයි, පාවිච්චි කරන්නත් අමාරුයි. Apple Watch පළමු වරට එළියට ආවේ 2015 දී. ‘ෆෝන්’ එකේ Notification බලන එක විතරයි ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් වුණේ.
ඊළඟට මේ කෙටි කාලය ඇතුළේ අපිට මධ්‍යම යුගය (2016-2019) කියලා එකකුත් හොයාගන්න පුළුවන්. සුදෝ, මෙතැනදී Smart Watch වඩා හොඳට වැඩ කරන්න පටන් ගත්තා. මෙහෙම වෙද්දී ගොඩක් සමාගම් ((Samsung, Fitbit, Garminවගේ) ඒවා නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. Waterproof වුණා, GPES ආවා, සෞඛ්‍ය හා ‘ෆිට්නස්’ විශේෂාංග වැඩි වුණා. මේ කාලෙදි තමයි හෙමිහිට හෙමිහිට සීන් එක ගැන ලෝකයේ වැඩිපුර පිරිසකගේ අවධානය යොමු වෙන්න පටන් ගත්තෙ.
දැන් වර්තමාන යුගය, ඒ කියන්නේ 2020 න් පස්සේ කතාව ගැන කතා කළොත් දැන් Smart Watch ජීවිතයේ කොටසක් බවට පත්වෙලා. මචං, දැන් ඒවා ඊසීජී, ඔක්සිජන් මට්ටම්, නින්ද විශ්ලේෂණය කරනවා. සමහර ඒවාට තනියම ජංගම දුරකථන සේවා පවා තියෙනවා. සිම් කාඩ් එකක් දාගෙන අතේ ‘ෆෝන් කෝල්’ ගන්න පුළුවන්. මේ වෙද්දී කෘත්‍රිම බුද්ධිය පවා භාවිත කරන Smart Watch තියෙනවා.
සුදෝ, වෙළෙඳපොළ තත්ත්වය ගැන කියනවා නම් ඒක ටිකක් බරපතළ මාතෘකාවක්. මේ වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවන් බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රධාන පෙළේ දුරකථන සමාගම්ම තමයි. Apple- සමස්ත වෙළෙඳපොළෙන් 30% කට වැඩි ප්‍රමාණයක් අල්ලාගෙන ඉන්නවා. Samsung – Android භාවිත කරන අයගේ ප්‍රමුඛ තේරීම බවට පත්වෙලා තියෙන්නේ සුපුරුදු විදිහටමයි. ඊළඟට Fitbit කියන දේ Google සතු ‘බ්‍රෑන්ඩ්-ෆිට්නස්’ හොඳට ‘ට්‍රැක්’ කරන්න හොඳයි කියන එක නිර්දේශ කරනවා වෙළෙඳපොළ ඇතුළේ. එතකොට තවත් ප්‍රසිද්ධ Brand එකක් වෙන Garmin- ක්‍රීඩකයන් සහ adventure කරන අයට විශේෂයි.
මිල පරාසය ගත්තම මචං, රු. 5,000 සිට රු. 200,000 දක්වා විවිධ මිල ගණන්වල Smart Watch තියෙනවා. හැම කෙනාටම ගැලපෙන එකක් හොයාගන්න පුළුවන්. ප්‍රධාන සමාගම් කොපි කරලා හදන ඒවා වගේම, චීනය ඇතුළු තවත් රටවල් ගණනාවක හදන එක එක ජාතියේ Smart Watch දහස් ගණනක් වෙළෙඳපොළේ දකින්න තියෙනවා. හැබැයි සමහර වෙලාවට ලාභ බඩුවේ හිලක් කියනවා වගේ සෙල්ලම් බඩු වගේ අරගෙන ටික දවසකින් විනාශ වෙලා යන ඒවත් වෙළෙඳපොළ ඇතුළේ අලෙවි වෙනවා.
ඒ කොහොම වුණත් තරුණ අය අතර ‘ෆිට්නස් ට්‍රැකින්’ සහ Notification එවන්න වැඩිපුර Smart Watch පාවිච්චි කරනවා. විශේෂයෙන් Covid-19 පැතිරීමෙන් පසුව ස්වයං සෞඛ්‍ය නිරීක්ෂණය කරන තාක්ෂණයක් විදියට මේ සීන් කෝන් එක ජනප්‍රිය වුණා. දැන් අවසාන වශයෙන් හොයලා බලන්න ඕනෑ තවත් ප්‍රශ්නයක් අපිට තියෙනවා මචෝ.
අනාගතයේ ‘ස්මාර්ට් ඔරලෝසු’ කොහොමද වෙයිද?
සෞඛ්‍ය පරීක්ෂණ උපකරණයක් විදිහට මේ සීන් එක වේගයෙන් දියුණු වෙන්න ඉඩ තියෙනවා. අනාගතයේදී, ඔයාගේ Smart Watch එක ලේ සීනි මට්ටම, ‘ඩීහයිඩ්‍රේෂන්’, නිදි නැති බව වගේ දේවල් ගැන කලින්ම අනතුරු ඇඟවීම් දෙයි. සුදෝ, හිතලා බලපන්න දියවැඩියාව හෝ හෘද රෝග තියෙන අයට මේවා මහා දෙයක්!
ඊළඟට වඩා හොඳ බැටරි කාලයක් අනාගතයේ මේ සීන් කෝන් එකට ලබාගන්න මේ වෙනකොටත් පරීක්ෂණ ගොඩක් සිද්ධ වෙනවා. ‘ස්මාර්ට් වොච්’ එකක් දවස් 7 ක් හෝ වැඩි කාලයක් ‘බැටරි චාජ්’ නැතිව පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අනෙක් සීන් එක තමා මචං, අනාගතයේදී Smart Watch එකක් Smart Phone එකක් මත යැපීම අඩු වෙයි. ඒවා තමන්ම ජංගම දුරකථන මෙන් ක්‍රියා කරන්න පුළුවන්.
AI සහායක ඔයාගේ ඔරලෝසුව ඇතුළට රිංගන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි. ඔයාගේ අත් ඔරලෝසුව ඔයාගේ දින චර්යාව ඉගෙනගෙන, ඔයාට අවශ්‍ය දේවල් කලින් කියන්න පටන් ගනීවි. උදාහරණයක් විදියට “රැස්වීමට පෙර විනාඩි 10 ක් තියෙද්දී කෝපි එකක් බොන්න යන්නද?” වගේ යෝජනා එයි. නයිට් රයිඩර් කතා මාලාවේ මයිකල් නයිට්ගේ ඔරලෝසුව සුදාලට මතක් වෙනවා ඇති.
අනෙක් කාරණාව තමයි සුදෝ, Technology පැත්ත දියුණු වෙද්දී මේවා තව තව පොඩි වෙයි. සමහර විට අනාගතයේදී ඔයා හොඳටම දන්නේ නැති විදියට සාමාන්‍ය ඔරලෝසුවක් හැටියට පෙනෙන ආකාරයට නිර්මාණය කරයි. හිතන්නකෝ එහෙම වුණොත් මේකෙ ආතල් එක කොච්චර වැඩි වෙයිද කියලා.
මචං, ඔරලෝසු කියන්නේ මිනිස් සංස්කෘතියේ හරිම වැදගත් උපකරණයක්. වෙලාව බලන උපකරණයක් විදියට පටන් අරගෙන, ඒවා දැන් අපේ ජීවිතවල තියෙන හැම දෙයක්ම ‘ට්‍රැක්’ කරන ‘ඇසිස්ටන්ට්’ කෙනෙක් වගේ. තව අවුරුදු 10 ක් විතර යද්දී අපි දකින අත් ඔරලෝසු ගැන හිතද්දීම පට්ට ආතල් එකක් දැනෙනවා. සුදෝ, ඉතින් ඊළඟ සැරේ ඔයා Smart Watch එකක් ගන්න හිතද්දී, කල්පනා කරන්න ඒ ඔරලෝසුව ඔයාගේ මුත්තාගේ යුගයේ තිබුණා නම් මොන විදියට පිස්සු කෙළින්න තිබුණද කියලා. Technology එකට අපි එන්න ඇත්තටම ගෙවා තියෙන දුර කොච්චරද කියලා ඒකෙන් තේරෙනවා නේද?
• චමිඳු නිසල්