2025 මාර්තු 29 වන සෙනසුරාදා

නිල් ලෝකයට Sri Lankan ජේසන් කොඩි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

ඇමෙරිකානු නිල් චිත්‍රපට කර්මාන්තය තුළ ශ්‍රී ලාංකික තරුණයකුගේ නම සටහන් වීම පිළිබඳ වූ කතාබහට සමාජ මාධ්‍යයේ ලැබුණේ ප්‍රමුඛස්ථානයක්. කොහොම නමුත් මේ පිළිබඳ කතාව මඟහැර යා නොහැක්කක් බව අපට හැඟු‍ණේ කරුණා කිහිපයක් නිසා. රටක් ලෙස සංස්කෘතික සහ සදාචාරාත්මක එකඟතාවයක් නොවුණත් ඇමෙරිකානු වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය කියලා කියන්නේ මේ මොහොතේ ලෝකය පිළිගත් වැඩිහිටි විනෝදාස්වාදය සඳහා වන කර්මාන්තයක්. ශ්‍රී ලංකාව තුළත් මේ වන විට නොනිල වශයෙන් නිල් චිත්‍රපට කර්මාන්තය ආරම්භ වී තිබෙන බව රහසක් නෙවෙයි.

එනිසාම ලොව ප්‍රකට දැවැන්ත ඇමෙරිකානු නිල් චිත්‍රපට කර්මාන්තය තුළට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයා අපට මඟහැර යන්න බැහැ. මේ තරුණයා තමන්ව හඳුන්වනු ලබන්නේ ජේසන් කොඩි (Jason Cody) නමින්. ශ්‍රී ලංකාව තුළ “ජේ කොඩි” කියලත් ප්‍රසිද්ධයි. බොහෝ දෙනකු අනුමාන කරන්නේ මෙය ඔහුගේ ශ්‍රී ලාංකික නාමයෙන් බිඳී ආ අන්වර්ථ නාමයක් කියලා. මේ තරුණයාට වයස අවුරුදු 30 ක් වෙනවා.

කොහොම වුණත් ඉතා මෑතකදී ජේසන් මේ තරම් ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියට පත්වුණේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණු වීඩියෝවක් හේතුවෙන්. නිල් චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක අවස්ථාවක් ලෙස පටිගත කර ඇති මෙම වීඩියෝවේදී ජේසන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරනවා. ඊට පෙර ඔහුව දැන සිටින්නේ ඉතාම සීමිත පිරිසක් විතරයි.

මේ සංවාදය ජේසන් පිළිබඳ ගොඩක් තොරතුරු හෙළිදරව් කරන නිසාම එයින් උපුටාගත හැකි කොටස් කිහිපයක් අපි ඔබ වෙත උපුටා දක්වනවා. මේ සංවාදය සිදුවෙන්නේ වීඩියෝ පටිගත කරන්නා සහ ජේ කොඩි අතර. ඔහු සමඟ වීඩියෝවට දායක වන නිළියත් පසෙකින් ඉන්නවා.

පටිගත කරන්නා : ජේසන්, ඔයා කොහෙන්ද?
ජේසන් කොඩි :  මම ඉපදුණේ ශ්‍රී ලංකාවේ.

පටිගත කරන්නා : ශ්‍රී ලංකාව නේද? මට ඒක හරියටම කියන්න අමාරුයි.
ජේසන් කොඩි : “ශ්‍රී ලංකා”‍ කියලා කියන එක තමා හරි විදිහ.

පටිගත කරන්නා : හරි, දැන් මට හොඳට තේරෙනවා. මම එහෙන් ආපු කෙනෙක්ට කවදාවත් කැමරාව අල්ලාගෙන නැහැ.
ජේසන් කොඩි : මමත් මේ කර්මාන්තයේ වෙනත් ශ්‍රී ලාංකිකයෙක් දැකලා නෑ.

පටිගත කරන්නා : ඔයා මේ කර්මාන්තයට ඇවිත් කොපමණ කාලයක්ද?
ජේසන් : වසරකට ආසන්න කාලයක්.

තමා කෙමෙන් කෙමෙන් ප්‍රසිද්ධියට පත්වෙමින් සිටින බව මෙහිදී ජේසන් කොඩි හෙළිදරව් කරනවා. ලංකාවෙන් ඔහුට ප්‍රතිචාර ලැබෙනවද කියන කාරණාවත් මෙතැනදී පටිගත කරන පුද්ගලයා විසින් ඔහුගෙන් විමසනවා. ලංකාවේ අයට මේක අලු‍ත් අත්දැකීමත් බවත් ප්‍රතිචාර ලැබෙන බවත් ජේසන් එහිදී සඳහන් කරනවා. ඒ වගේම ලංකාව ඉන්දියාව වගේ රටවලින් තමයි තමන්ට ප්‍රතිචාර ලැබෙන්නේ කියන කාරණාවත් කියන්න ඔහු අමතක කළේ නැහැ.

පටිගත කරන්නා : ඔයා ශ්‍රී ලංකාවට ආයෙත් ගියොත්, ඔවුන් ඔයාට උත්සවයක් පවත්වන්න වුණත් පුළුවන් නේද?
ජේසන් කොඩි : මට බොහෝ දෙනාගේ අවධානය ලැබෙයි. සමහර විට මට ප්‍රශ්න වෙන්නත් පුළුවන්.

ලංකාවේ සංස්කෘතියත් එක්ක තමන්ට නීතිමය වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් කියලා ජේසන් මෙහිදී සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියපු විදිහට ලංකාවේ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. ඇත්තෙන්ම අපි ආරම්භයේදී සඳහන් කරපු විදිහට මේ වෙනකොට නිල් චිත්‍රපට ශ්‍රී ලංකාවේ ආදායම් උපයන කර්මාන්තයක් විදියට දියුණු වෙමින් තියෙනවා. සදාචාරාත්මකව සංස්කෘතිකව තියෙන එකඟතා කවරක් වුණත් ඒක මේ මොහොතේ සිදුවෙමින් තියෙන බව ඉතාම පැහැදිලියි. ජේසන් වුණත් කියන්නට උත්සාහ කරන්නේ මේ කතාව විය යුතුයි.

පටිගත කරන්නා : ඔයා කැනඩාවට යද්දි වයස කීයද?
ජේසන් කොඩි : මට වයස 14 යි.

පටිගත කරන්නා : ඒ ගමනේ සංස්කෘතික පරිවර්තනයක් වුණාද?
ජේසන් කොඩි : ඔව්, මට ප්‍රංශ සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණා. විවිධ සංස්කෘතික අභියෝග තිබුණා.

පටිගත කරන්නා : ඔයාගේ ශ්‍රී ලංකාවේ ජීවිතය කොහොමද?
ජේසන් කොඩි : ඒක විනෝදජනකයි. අපි ඒ කාලේ එළිමහනේ ක්‍රීඩා කළා. ඒ දවස්වල අන්තර්ජාලය තිබුණේ නෑ. ගොඩක් වෙලාවට යාළුවෝ එක්ක ක්‍රීඩා කළා.
මෙහිදී තමයි ඔහු ශ්‍රී ලාංකිකයෙක් බව පළමු වරට අනාවරණය වුණේ. මේ වීඩියෝව පසු අවස්ථාවකදී මේ නිල් චිත්‍රපට තරුව විසින් සිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ඔහු පිළිබඳව අවධානය යොමු කළා. ඒ නිසා තමයි මේ තරුණයාගේ කතාව මේ තරම් ජනප්‍රිය එකක් බවට පත්වුණේ.

මේ වෙනකොට ඔහුම හෙළිදරව් කරලා තියෙන තොරතුරු අනුව ජේසන් කොඩි ශ්‍රී ලංකාවේ උපන්, වයස අවුරුදු 14 දී කැනඩාවට සංක්‍රමණය වූ අයෙක්. ඉතා මෑතකදී කැනඩාවේ මොන්ට්‍රියෝල් නගරයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මයැමි නගරය වෙත මේ තරුණයා සංක්‍රමණය වී තියෙනවා. ඔහු නම් සඳහන් කරන්නේ ඊට හේතුව මියැමිවල පවතින හොඳ කාලගුණය කියලා.

මෙහිදී ජේසන් තමන් නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිසුණු ආකාරය පිළිබඳවත් එහි තමන්ගේ රුචිකත්වය පිළිබඳවත් තොරතුරු රැසක් සඳහන් කර තියෙනවා.

පටිගත කරන්නා : ඔයාට මේ කර්මාන්තය ඇතුළට එන්න හිතුණේ කොහොමද?
ජේසන් කොඩි : ඒක සම්පූර්ණයෙන්ම සැලසුම් කරපු එකක් නෙවෙයි. මම මොන්ට්‍රියෝල්වල ඉන්නකොට OnlyFans සඳහා වීඩියෝ එකක් නිර්මාණය කළා. ඒක බලද්දී මම ඒ වැඩේට ගොඩක් කැමති වුණා. ඒ නිසා මම ඒ වැඩේ දිගටම කරගෙන යන්න තීරණය කළා.

පටිගත කරන්නා : මුලදී ඒක කළේ විනෝදය වෙනුවෙන්ද?
ජේසන් කොඩි : ඔව්, මුලදී ඒක කළේ විනෝදයට විතරයි. නමුත් වීඩියෝ එක බලද්දී මට තවත් ඒ වගේ එකක් කරලා බලන්න හිතුණා.

පටිගත කරන්නා : දැන් ඔයාට අලංකාර කාන්තාවන් සමඟ වැඩ කරන්න ලැබෙනවා නේද?
ජේසන් කොඩි : ඔව්.

පටිගත කරන්නා : ඔයා කැමති මොන ආකාරයේ කාන්තාවන්ටද?
ජේසන් කොඩි : මම විශේෂයෙන්ම කැමතියි, විශාල පසුපසක් ඇති කාන්තාවන්ට.

සිනාසෙමින් සිදු කරන මෙම සංවාදය තවත් නිල් චිත්‍රපටයක් සඳහා වන පූර්ව වැඩසටහනක් බව අමතක කිරීම සුදුසු නැහැ. ඒ නිසාම මෙහිදී කියැවෙන සියලු‍ම දේවල් අපට ඒ ආකාරයෙන්ම සටහන් කරන්න අමාරුයි. කොහොම වුණත් මේ තරුණයා තමන්ගේ ලිංගික දිශානතිය සහ රුචිකත්වය පිළිබඳව තවමත් ගවේෂණය කරන බව පවසනවා. නිල් චිත්‍රපට කර්මාන්තයේ එක් එක් ශානර තිබෙන නිසා තමන්ට සුදුසු වර්ගය මොකක්ද කියලා ඔහු තවමත් හොයන බව තමයි කියන්නෙ. ඒ වගේම ඔහු මෙහිදී තමන් කැමති ලිංගික ඉරියව් පිළිබඳව පවා සඳහන් කරනවා.

පටිගත කරන්නා : ඔයාගේ අරමුණ සහ ඔයා කැමති දේ කුමක්ද?
ජේසන් කොඩි : අනිවාර්‌යෙන්ම මේ කර්මාන්තයේ  ඇතුළේ ඉදිරියට යන්න. මේ කර්මාන්තය වසර කිහිපයක් ඇතුළත වෙනස් වෙලා. මට ඕනෑ මෙහි තියෙන අවස්ථා බලන්න. මාව අගය කරන අයව සතුටු කරන්න.

පටිගත කරන්නා : වැඩිහිටි වීඩියෝ නිෂ්පාදනය කිරීම තමා ඔයාගේ අරමුණ?
ජේසන් කොඩි : ඔව්.

පටිගත කරන්නා : මේ කර්මාන්තයට එන්න පෙර ඔයා මොනවද කළේ?
ජේසන් කොඩි : මම ‘මෙකැනික්’ කෙනෙක්.

කර්මාන්තයට පිවිසීමට පෙර තමන් ටෙස්ලා වාහන සඳහා මෝටර් රථ කාර්මිකයකු ලෙස කටයුතු කළ බව මෙහිදී ජේසන් කොඩි පවසනවා.

මේ සංවාදයේදී මේ අපූරු තරුණයා කියන විදියට ඔහු ගොඩක් කැමතියි, තමන්ගේ ඇස් පිළිබඳව සහ සිනහව පිළිබඳව ලැබෙන වර්ණනාවලට. ඒ වගේම මේ තරුණයා පාපන්දු ක්‍රීඩාවට ඇළුම් කරන බවත්, ලොව පුරා සංචාරය කිරීම තමන්ගේ විනෝදාංශය බවත් සඳහන් කළා. ඉදිරියේදී ඔහු යුරෝපා සංචාරයකටත් සූදානම් වෙන බව තමයි මෙහිදී කියැවුණේ.

ඉදිරි කාලයේදී ලංකාවේ කලාවට සම්බන්ධ පිරිස් මේ තරුණයා එක්ක සම්බන්ධතා පවත්වන්න උත්සාහ කරයි. ඒක බොහෝ දුරට විය හැකි දෙයක්. කොහොම වුණත් මේ තරුණයාගේ අනාගතය කොයි වගේ වෙයිද කියන එක තාමත් ස්ථිරව කියන්න කාටවත් බැහැ. මොකද ඔහු මේ වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය තුළත් තවම ඉන්නේ ආරම්භක අවස්ථාවේ. ඒත් අපි දන්න විදියට ඔහු තමයි එතැනට ගිය පළමු ශ්‍රී ලාංකිකයා.

සදාචාරය, සංස්කෘතිය කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් ඔහු කෙරේ අවධානය යොමු කරන බව නම් පේන්න තියෙනවා.

• චමිඳු නිසල්

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00