2017 ජුලි 08 වන සෙනසුරාදා

ඊයේ කෑවෙ මොනවද කියලවත් මට මතක නෑ..

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

අක්ෂය - ඔව් එහෙම වෙනවා සර්. මට එක ෆිල්ම් එකක් හදන්න දවස් යනවා ම්ම්ම්ම්... දවස් 35ක් 40ක් විතර ගතවෙනවා. අවුරුද්දකට දවස් 365ක් තියෙනවා. දවස් 40 ගාණක්ද ගත‍වෙලා තියෙන්නේ?

ප්‍රෙක්ෂක්යින් - දවස් 160යි.
අක්ෂය - දවස් 160යි නේද? දවස් 365න් 160ක් අඩු වුණාම තව දවස් කීයක් තියෙනවද?
(ප්‍රේක්ෂකයින් හිනාවේ)

අක්ෂය - කීයද?
ප්‍රෙක්ෂකයින් - දවස් 205
අක්ෂය - දවස් 205යි නේද? 205ක් ඉතුරුයිනේ. අර බලන්න රජත් සර් මෙතන් ඉන්න අයම මට ෆිල්ම් 09ක් හදන්න කියලා කියනවා.
(අත්පොළසන් හඬ)
අක්ෂය - සර් මම කොතරම් ස්ලෝව්ද කියලා පේනවා නේද?
රජත් - ඒත් අනිත් නළුවන් තමන්ගේ චරිතය වෙනුවෙන් මහන්සි වෙනවා. සති දෙක තුන කාමරයත් වහගෙන ඔවුන් තමන්ගේ චරිතයට සූදානම් වෙනවා.
අක්ෂය - එහෙම කරන්න ඕන මොන වගේ චරිතවලටද කියලා මමනම් දන්නේ නැහැ. ඒත් ඒත් මට ඒ ගැන වැටහීමක් නැහැ. මමනම් මට ලැබෙන චරිතය මොකක් වුණත් මට අධ්‍යක්ෂවරයා දෙන උපදෙස් වලට අනුව කරනවා. මට ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ පළවෙනි දවසෙදි විතරයි. අලුත් චරිතයක් නිසා පළවෙනි දවසෙදි ටිකක් අපහසු වුණත් දෙවෙනි තුන්වෙනි දවස් වනවිට ඒ චරිතය නෝර්මල් එකක් වෙනවා.
රජත් - ගොඩාක් අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඔබ නම් අහන්න එපා. ඔවුන් මට කිව්වා අක්ෂය කුමාර් ෆිල්ම් කරන තරමට ඔහු ඒ චරිතවලට සාධාරණයක් කරන්නේ නැහැ. ඔහුට දෙබස්වත් මතක නැහැ. වෙනම කෙනෙක් දෙබස් මතක් කරන්න ඉන්න අවශ්‍යයයි.

අක්ෂය - ඒක වැරදි කතාවක්. එහෙම මොකුත් නැහැ. ඒත් අනිවාර්යෙන්ම මට මොනවා හරි අමතක වුණොත් ඒක නම් අනිවාර්ෙයන්ම මතක් කරලා දෙන්න කියලා මම කියනවා. රීෙට්ක් නොදෙන්න වෙන කිසිම කෙනෙක් ඉපදිලා නැහැනේ. ඒත් මට ඕන රීෙට්ක් අඩු කරන්න. එහෙම් වුණාම මිනිස්සුන්ගේ කාලය ඉතුරුවෙනවා. දෙබස් මතක් කරලා දෙන්න කෙනෙක් ඉන්න එක නිසා එක සැරේ සීන් එක ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කාලය ඉතුරු වෙනවානම් ඒකේ තියෙන වැරැද්ද මොකක්ද කියලා ඔබතුමාම මට කියන්න.
රජත් - ඔබ එහෙම කරන්නේ ෆිල්ම් එක ඉක්මනට කෙරුනම තවත් ෆිල්ම් එකක් කරලා සල්ලි වැඩිපුර හම්බකරන්න පුළුවන් නිසාද?

අක්ෂය - එහෙම මොකුත් නැහැ. මම ඔබට කියලා දෙන්නම්. අද ඔබට මට ගණිතය පාඩමක් කියලා දෙන්න වෙනවා. ඔබ දන්න්වා නේද ටොම් කෲස් හැදුව මිශන් ඉම්පොසිබල් ෆිල්ම් එක ගැන. ඒ ෆිල්ම් එක දවස් කීයක් ෂූට් කළා කියලද හිතන්නේ? දවස් 42යි. එතුමා මිශන් ඉම්පොසිබල් වගේ ෆිල්ම් එකක් දවස් 42න් ෂූට් කරලා අවසන් කළා නම් ඇයි මම ෂූට් එකකට දවස් 90ක් හරි දවස් 100ක් 150ක් හරි ගන්නේ? මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඔබ ඇඳුම් මහන කෙනා ළඟට ගිහිල්ලා කියන්න මට ෂර්ට් එකක් මහගන්න ඕන කියලා. ඔහු කියනවා රෙදි මීටර් හතරක් යනවා කියලා. මීටර් දෙකකුත් ඇතිවෙයි ඔබ කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක් නම්. මුලින් මීටර් දෙකක් ඇති කියලා ආපහු තව මීටර් දෙකක් මදි කිව්වොත් මොකද වෙන්නෙ? ඒ වගේ තමයි ෆිල්ම් එකක් හදන්න ඕන බජට් එකකටයි. මට ෂුවර් මේ ෂෝ එක කරනවා ඇත්තෙත් බජට් එකක් වෙන කරලනේ. පැයක ෂෝ එකකට පැය තුනක් හතරක් යනවානම් වැඩෙ පටන් ගත්තට පස්සේ අතනට තව කැමරාවක් දාන්න, තව කැමරාවක උඩින් දාන තව එකක් අර පැත්තෙන් දාන්න කිය කියා වැඩෙ යද්දී එක එක කොටස් එකතු කරනවානම් මුළු ජීවිත කාලෙම මෙතනම වාඩිවෙලා ඉන්න සිද්ධ වෙයි. හොලිවුඩ්වල ෆිල්ම් එකක් දවස් 40න් 45න් 50න් හදනවානම් අපි තවත් දවස් 200ක් 300ක් ගන්නේ මොනවටද? 

රජත් - ඔබ ෆිල්ම් එකක් භාර ගනිද්දී (චිත‍්‍රපට නිෂ්පාදකයාට) කියනවද ඔබ අයකරන ගාස්තුවෙන් 80ක් මුලින් දෙන්න. ඉතුරු 20පස්සෙදි ෆිල්ම් එක සාර්ථක වුණත් නැතත් දෙන්න. 
අක්ෂය - ඒක වැරැදි කතාවක්. මම හිටිය හැම ෆිල්ම් එකක්ම මමනේ ප‍්‍රඩියුස් කළේ. එහෙමනම් මට කණ්ණාඩියක් ළඟට ගිහින් මටම කියා ගන්න වෙනවා. එයාර්ලිෆ්ට් මමමයි කළේ. රැස්ටම් මමමයි කළේ.
රජත් - ෆිල්ම් එකකට ප‍්‍රඩියුසර් (නිෂ්පාදකයින්) 04ක් වගේ ඉන්නවනේ.
අක්ෂය - හතරක් නෙවෙයි. මමයි කළේ. ඉතුරු අය විධායක නිෂ්පාදක ඉන්නවා. ඇසිස්ටන්ලා ඉන්නවා. එයාලා සල්ලි දාන්නේ පස්සෙනේ.
රජත් - ඒ කියන්නේ සල්ලි දාන්නේ ඔබ.

අක්ෂය - ෆිල්ම් එක මගේ විතරයි. සියලුම අයිතිය මගේ. ඔබ ඒ ගැන වදවෙන්න එපා. කිසිම කෙනෙක්ට කිසිම අවාසියක් වෙන්නේ නැහැ. මීට අවුරුදු 05කට 06කට කලින් මම ෆිල්ම් කිහිපයක් 90ක්ම මම නිෂ්පාදකත්වයෙන් දායක වුණා.
රජත් - ඔබ තනියම නිෂ්පාදනය කරලා තනියම රඟපානවා
අක්ෂය - තනියම හම්බකරනවා. තනියම ගෙදර එනවා.

(ප්‍රෙක්ෂකයින් හිනාවේ)
රජත් - පේ‍්‍රක්ෂකයින්ට ඔබගෙන් ප‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදෙනවා.
යුවතියක් - සර් ඔබ රඟපෑව භූල් භුලයියා ෆිල්ම් එකේ ජනේලය උඩ වාඩිවෙලා ඉඳගෙන කියනවා මම මුලින් තට්ටු කළා, ඊට පස්සේ හැදුවා ඒක ආපහු කරලා පෙන්නන්න පුළුවන්ද?
අක්ෂය - කොහොම මතක තියෙන්නද? මේ මනුස්සයට ඊයේ මොනවද කෑවේ කියන එකවත් මතක තියෙන කෙනෙක් නෙවෙයි.
රජත් - සෙසු අය ෆිල්ම් එකක් හදන්න දවස් 100ක් 200ක් ගනිද්දී ඔබ දවස් 35න් 40න් කොහොමද ෆිල්ම් එකක් හදන ඔබගේ රහස මොකක්ද කියලා කියන්න පුළුවන්ද?
අක්ෂය - මම අනිත් අය ගැන කියන්න දන්නේ නැහැ. ඒත් මම අනිවාර්ෙයන්ම දන්නවා. නියමිත වෙලාවට ඇවිත් නියමිත වෙලාවට ෂූටිං කරනවානම් නියමිත වෙලාවට ෆිල්ම් එක අවසන් කරනවානම් දවස් 50කට වඩා නම් ගතවෙන්නෙම නැහැ. ඊට වඩා නම් දවස් යන්නෙම නැහැ සර්. ඔබ නිකම් උපකල්පනය කරලා බලන්න දවසකට විනාඩි දෙක හමාරක් විනාඩි තුනක් ෂූටිං කළත් දවස් 45කට විනාඩි කීයක් වෙනවද? විනාඩි 135ක් වෙනවා.ඒ කියන්නේ පැය දෙකයි විනාඩි 15ක ෆිල්ම් එකක් හැදෙනවා. දවසට විනාඩි තුනක් ෂූටිං කරන්න බැරිනම් ෆිල්ම් හදන එක නතරකරන එක නේද වඩාත්ම සුදුසු. ඔබතුමා පැයක් ඇතුළත පැයක ප්‍රෝග‍්‍රෑම් එකක් හදනවා නේද?
රජත් - එක කාලයක් තිබුණා නළුවො ෂූටිං එන්නේ අදාළ දවසට පහුවෙනිදාට. ඒක රාජේශ් ඛන්නා මහතා, ගෝවින්දා, ශත්ශෘගන් සිංහා, එහෙමයි කියලා අපි අහලා තියෙනවා. ඔවුන් උදේ තියෙන් ෂූටිං එකට එන්නේ හවසට. ඒත් ඒ කාලයේත් ෆිල්ම් හැදුවනේ.

අක්ෂය - ඔව් ඒ කාලයේත් ෆිල්ම් හැදුනා. ඒත් ඒ තරමටම කාලයත් ගත වුණානේ. ඒ කාලයේ ෆිල්ම් එකක් හදන්න අවුරුදු දෙක හමාරක් විතර ගතවුණා. ප‍්‍රඩියුසර්ලා ගෙදර කාන්තා පාර්ශවයට අයිති රත්තරං බඩු විකිණුවා. අම්මගේ මංගල තැල්ල පවා විකිණුවා. ගොඩාක් කාලයක් ගතවුණා සර්. එතරම් පහසු දෙයක් නෙවෙයි ෆිල්ම් එකක් හදන්න. ෆිල්ම් එකක් (අසාර්ථක වෙන්නේ) ඇයි කියලා මම හොඳට දන්නවා. ෆිල්ම් එකක් කිසිම වෙලාවක (අසාර්ථක) වෙන්නේ නැහැ ඔබ නියමිත කරගත් කාලයට ෆිල්ම් එක හදලා අවසන් කරනවානම්.

රජත් - ඔබේ මේ දේවල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එෙක් අනිත් අයත් ඉගෙන ගෙන ආදර්ශයට ගනිත්වා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඔබට නැගෙන ඊළඟ චෝදනාව ඔබ කාලයත් සමඟින් වෙනස්වෙලා කියන එකයි. අක්ෂය ඔබ පාසලේ සිටින විට ටීචර්ට ආදරෙන් හිටියා කියන කතාව ඇත්තක්ද?
අක්ෂය - ඔව්... හරියටම හරි ඒ කතාව. හැමෝටම කලින් ඕනම කෙනෙක් ටීචර්ටයි ආදරය කරන්නේ. ඒක ඕනම කෙනෙක්ට අදාළ පොදු කාරණාවක්.

(ප්‍රෙක්ෂකයින් අත්පොළසන් දෙමින් හිනාවේ)
නඩුව ඊළඟ සතියට කල් තැබේ

 

►Text — Chandana Waravitage