2017 ජුලි 15 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

දුර අහසේ තරුත් එක්ක රෑ පානේ කතා කරන 
නුඹේ විසල් දෑස් අගට කඳුළු ගේන්න 
දම් පාටින් සඳ සෙවණැලි එපා අඳින්න 
ආදරයේ මතක අහුරු දුර ගෙනියන්න 

දියවර මත රිදී අඳුරු සිත්තම් මවන 
සඳකත් සඳ කාන්තියක චමත්කාරයේ 
හුදෙකලාව එක මොහොතක් 
නැවතී ඉන්න 
අතීතයේ ආදරයේ 
පිටු කියවන්න 
නුඹ කොතැනද 
මම කොතැනද 
මටත් කියන්න 

ජීවිතයේ සාර භූමි සොයා ඉගිල්ලී 
මා හැර ගිය අනන්ත දුර කොහෙද කියන්න 
පාර මතකනම් ආයෙත් ඉගිලී එන්න 

තරුත් එක්ක හඳපානේ හීන දකින්න 
ආදරයේ සුයාමයට ආයෙත් එන්න 

► Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00