රජත් - ටීචර්ට කියලා ගෙදරට දෙන වැඩ කරවා ගන්නයි ඔබ බෝයී ෆ්‍රෙන්ඩ් වුණේ?
අක්ෂය - ඒ වෙන ස්ටුඩන්ට් ශිෂ්‍යයෙක් වෙන්න ඇති.
රජත් - ඒ කියන්නේ තව ගැහැනු ළමයි හිටියා
අක්ෂය - ඔව්. මම කිව්වේ ගැහැනු ළමයි
හිටියා එයාලට කියලානම් ගෙදරට දෙන වැඩ කරවා ගත්තා. ටීචර්ලා කැමති වුණේ නැහැනේ. ටීචර්ව දැකලා එයා දිහා බලාගෙන මගේ ළඟ හිටිය යාළුවට කිව්වා මම යාළුවා මම එයාට ආදරෙයි, මට එයාව විවාහ කරගන්න ඕන කියලා. එතකොට මට වයස අවුඇදු හත අටක් ඇති සර්. ඒකේ කිසිම වැරැද්දක් නැහැනේ. පළමු ආදරය වෙන්නේ ඕනම කෙනෙක්ගේ ටීචර් තමයි. ඒකට කියන්නේ ඉනසන්ට් ලව් කියලා.
රජත් - ඒ ඉනසන්ට් ලව් එක ඇති වුණේ අවුරුදු හත අටේදී?
අක්ෂය - ඔව් සර්. සර් මට ඕනම ඔට්ටුවක් දාලා කියන්න පුළුවන් ඔබතුමාටත් එහෙම වෙලා ඇති.
(ප්‍රේක්ෂකයින් අත්පොළසන් දෙමින් හිනාවෙ) එහෙම් නොවුණනම් මොකක් හරි වෙන දෙයක් තියෙනවා. ඒ කිව්වේ වෙන දේකට කැමැත්තක් ඇති.
රජත් - ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට පා තිව්ව ගමනුත් ඒ දේවල් පටන් ගත්තා නේද?
අක්ෂය - අනිවාර් යෙන්ම එහෙම වුණා. මම ඉතා උණුසුම් රුධිරයක් තියෙන් කෙනෙක් ඇයි එහෙම නොවන්නේ?
රජත් - ඔබට මතකද රවීනා තන්ඩන් සමඟින් තූ චීස් බඩීහේ මස්ත මස්ත ගීතයට කළ නර්තනය?
අක්ෂය - ඔව් අනිවාර් යෙන්ම මතකයි මොහරා ෆිල්ම් එකේනේ ඒ ගීතය තිබුණේ.
රජත් - ඊට පස්සේ ශිල්පා ශෙට්ටි එක්ක චුරාකේ දිල් මේරා
අක්ෂය - ඔව් මතකයි,
රජත් - 2001දී ට්වින්කල් ඛන්නා එක්ක විවාහ වීමෙන් අනතුරුව ඔබ වෙනස් වුණාද?
අක්ෂය - ඔව් වැරදීමක් වුණා.
(ප්‍රෙක්ෂකයින් සිනාවේ)
දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම මගේ විවාහය සතුටින් ගත කරන කෙනෙක්. හැම මනුස්සයෙක්ම විවාහයෙන් පස්සේ වෙනස් විය යුතුයි. මටත් යහපත් කෙනෙක් වෙන්න සිද්ධ වුණා.
රජත් - මුලින්ම ඔබ තමන්ගේ නිළියන්ගෙන් ආදරය කළේ කාටද? ඔබ මොන නිළිය සමඟින්ද රණ්ඩු සරුවල් කර ගන්නේ? ප‍්‍රියංකා චොප්රා සමඟින් රණ්ඩුවක් වුණා නේද?
අක්ෂය - නැහැ එහෙම මොකුත් වුණේ නැහැ. කවුද ඔබතුමාට ඔය බොරු ආරංචි දෙන කෙනා?
රජත් - මොකුත් වුණේ නැත්නම් ඔබ ඇයත් සමඟින් කිසිම ෆිල්ම් එකක් රඟපාන්න ගිවිසුම් අත්සන් කරන්නේ නැත්තේ ඇයි?
අක්ෂය - නැහැ. ඇය සමඟින් කරන්න කිසිම ෆිල්ම් එකක් ආවේ නැහැ. මම ඇයත් සමඟින් ෆිල්ම් හතරක් පහක් විතර කරලා තියෙනවා. මම ඇයත් සමඟින් ෆිල්ම් නොකර ඉන්නේ නැහැ. මම හැමෝම එක්ක ෆිල්ම් වල රඟපාලා තියෙනවා. රානී මුඛර්ජී එක්ක හැර මම හැමෝම එක්ක ෆිල්ම්වල රඟපාලා තියෙනවා.
රජත් - ඒ පරණ කතා අමතක කරලා දාමු.
අක්ෂය - මම මේ කාලය ගැන කතා කරන්නේ.
රජත් - ප‍්‍රියංකා චොප්රා එක්ක ෆිල්ම් එකක් කරන්න අවස්ථාවක් ලැබුණොත්?
අක්ෂය - අනිවාර් යෙන්ම කරනවා. මොකක්ද ඒකට තියෙන ප‍්‍රශ්නය.
රජත් - ඒක අහලා ගොඩාක් ලොකු සතුටක් දැනුණා. මට තව දැනගන්න ලැබුණා ඔබ ෆාරා ඛාන් සමඟින් රණ්ඩුවක් වුණා කියලා.
අක්ෂය - එහෙම මොකුත් ෆාරා ඛාන් එක්ක වුණේ නම් නැහැ. එයා මගේ හොඳ යෙහෙළියක්. ඇයගේ සහෝදරයා සජීද් මගේ හොඳම මිත‍්‍රයෙක්.
රජත් - ඒක්තා කපූර් ඔබත් සමඟින් කේන්තියෙන්ද ඉන්නේ?
අක්ෂය - ඒකතා කපූර් කවද්ද තරහා වුණේ? හරි අපි මෙහෙම් වැඩක් කරමු. ඒක්තා කපූර්ට කෝල් එකක් දෙමු. අද බලමු අපි මෙතුමට ලැබෙන ආරංචි නිවැරැදිද? නැත්නම් මම නිවැරැදිද කියලා. ෆාරා ඛාන්ටත් කෝල් කරමු. ප‍්‍රියංකාටත් කෝල් කරමු. සර් අද කෝල් කරමුද?
රජත් - මේ තොරතුරු තිබුණේ මේ මැගසින්වල (සඟරාවල)
අක්ශය - ඔය වගේ මැගසින් කියවන්න එපා සර්. ඔය ටික මට දෙන්න. මේ සඟරා විසි කරන්න. මම ඇත්තටම කියන්නේ. මේවයි තියෙන තරමක් තියෙන්නේ බොරු. මේවා නිසා ගොඩාක් අයගේ ගෙවල්වල ප‍්‍රශ්න ඇති වුණා. මම ඇත්තටම කියන්නේ. එයාලා වාඩිවෙලා ඉඳගෙන එයාලට හිතෙන හිතෙන බොරු ලියනවා.
රජත් - ඔබට හිතෙනවද ඔබගේ ගෙදරත් මේ මැගසින් වලට ප‍්‍රශ්න ඇති කරන්න පුළුවන් කියලා.
අක්ෂය - කොහෙත්ම බැහැ.
රජත් - ඒත් ඔබගේ ඉතිහාසය බැලුවම මීයන් 100ක් කෑවත් අද මීයන්ව අඳුරන්නේ නැති පූසෙක් වගෙයි ඔබ ඉන්නේ.
අක්ෂය - සර් මම හජ් වන්දනාවේ යනවනේ.. මීයන් 100ක් කෑවත් මම හජ් වන්දනාවේ යනවනේ. ඒකෙ තියෙන වැරැද්ද මොකක්ද? මිනිස්සු පව් කරලා ඉවරවෙලයි හජ් වන්දනාවේ යන්නේ. ඊට කලින් යන්නේ නැහැ. ඔව් මගේ සම්බන්ධතා කිහිපයක් තිබුණා.
රජත් - හරි ඔබ වැරදි කළා කියලා පිළිගත්තනේ.
අක්ෂය - ඔව් සර්. සර් අද මමත් ඔබෙන් ප‍්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි.
රජත් - අනිවාර් යෙන්ම අහන්න.
අක්ෂය - සර් මගේ ජොලි එල් එල් බී ෆිල්ම් එක රිලීස් වෙලානේ තියෙන්නේ. මමත් ඒකේ නීතීඥයෙක් විදියටනේ රඟපාන්නේ. අද රජත් සර් මට අවසර දෙනවානම් මම රජත් සර් ගෙන් ප‍්‍රශ්න කිහිපයක් විමසන්න කැමතියි. (ප්‍රෙක්ෂකයින් කෑගසමින් අත්පොළසන් දෙනවා)
රජත් - ඔබ ඔහොම වාඩිවෙලා ඉඳගෙනම ප‍්‍රශ්න අහන්න.
අක්ෂය - සර් මම හිටගෙන ප‍්‍රශ්න අහන්නද?
රජත් - ඔබ වාඩිවෙලා ඉඳගෙන ප‍්‍රශ්න අහන්න පුළුවන් ඔබට.
අක්ෂය - නැගිට්ටම ෆීල් එකක් එයි. (ආසනයෙන් නැගිට) සර් ඔබ කුඩා කාලයේදි ටීවී බලන්න ගොඩාක් ආසාවෙන් හිටියා. ගොඩාක් වෙලාවට ඔබගේ අසල්වාසීන් ඔබව ඔවුන්ගේ ගෙවල් වලින් එළියට දැම්මා. ඔබ ගෙදර ගිහින් කිව්වා ඩැඩී මේක වැරදි දෙයක්. පුතා ඔයා දවසක ටීවී එකට ඇවිල්ලම පෙන්නන්න කියලා ඩැඩී ඔබට කිව්වා. සර් ඒ කතාව ඇත්තක්ද?
රජත් - ඒ කතාව ඇත්තක්. හරියටම හරි (ප්‍රෙක්ෂකයින් අත්පොළසන් දෙනවා) අපි ජීවත්වුණු තට්ටු ගෙදර ටීවී එකක් තිබුණේ නැහැ. විදුලිය තිබුණේ නැහැ. වතුර තිබුණේ නැහැ. සමහර වෙලාවට අපිට කන්නවත් මොකුත් තිබුණේ නැහැ. ඒත් ටීවී බලන්න අහල පහළ තිබුණු ගෙදරකට යනවා. ඒ කාලයේ ෆිල්ම් එකෙන් භාගයක් පෙන්නන්නේ සෙනසුරාදාට. ඉතුරු භාගය පෙන්වන්නේ ඉරිදාට. සෙනසුරාද ෆිල්ම් එකේ භාගය බලලා ඉරිදට ඉතුරු භාගය බලන්න යනකොට ගෙදර අයිතිකාර මහත්මයා දොර ඇතුළෙන් ලොක් කරගෙන ඉන්නවා. මම ආපහු ගෙදරට ආවේ ඇස්වල කඳුළු පුරවගෙන. තාත්තා මගෙන් ඇහුවා මොකක්ද වුණේ කියලා. මම කිව්වා ශෙහීද් භගත් සිංගේ ෆිල්ම් එකක් තිබුණේ. ඊයේ භාගයක් බැලූවා අද ඉතුරු භාගය බලන්න ගියාම අල්ලපු ගෙදර දොර ඇතුළෙන් වහලා කියලා. තාත්තා මට කිව්වා කෙනෙක්ගේ ගෙදරට තවත් කෙනෙක් ටීවී බලන්න යන්නේ නැතුව ශක්තියක් තියෙනවානම් ඔයා ටීවී එකට ඇවිල්ලා පෙන්වන්න කිව්වා.
අක්ෂය - (හිනාවෙමින්) ඔන්න මගේ ආරංචිය නිවැරදියි. සර් ඔබ අපේ බොලිවුඩ් වල අය ගැන හොයන එකට ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම බයයි. සර් ඇයි ඔබ අපෙ බොලිවුඩයේ අයව බය කරන්නේ?
රජත් - බය වෙන වැඩ බොලිවුඩ්වල අය කරන්නේ ඇයි? මම අපේ බොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එකේ අයට කියන්නේ කිසිම කැමරාවකට බය වෙන විදියේ වැඩ කරන්න එපා කියලයි. රහස් නැති නිදහස් ජීවිතයක් ගත කරන්න. හරියට ඔබ වගේ.
( නඩුව ඊළඟ සතියට කල්තැබේ)
► Translation — Chandana waravitage