නිමන්ති මේ දිනවල වැඩ වැඩියි වගේ නේද?
ඔව්... ටිකක් විතර. මේ දවස්වල කවුුන්ද නුඹ මගේ ටෙලිනාට්‍යයේ වැඩ. ඒත් එක්කම හඳයා ටෙලිනාට්‍යයේ වැඩ කරනවා.
එතකොට ළඟදී වලව්වක කුමාරිහාමි කෙනෙක් වෙලා ඉන්නව කියලා ආරංචියි?
ඔව්... ඔව්... මිල්ලෑව වලව්වෙත් මම ඉන්නවා. ඒක ටිකක් වෙනස් චරිතයක්. වලව්වක අම්මා තාත්තා නැතිවෙච්චි දුවෙක්ගේ චරිතයක්. එයාට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ. කතා කරන්න බෑ. ඇවිදින්න බෑ. ඒත් එයා තමයි මේ වලව්ව ඇතුළේ සිද්ධ වෙච්චි බොහෝ දේවල් දන්න කෙනා. නමුත් එයාගේ හැඟීම් එයාගේ අදහස් පිටකරගන්න බැරිව මානසිකවත් ශාරීරිකවත් හිරවෙලා ඉන්න චරිතයක්.
ඒ වෙනස් චරිතය නිමන්ති හරිම ආසාවෙන් රඟපෑවා කියලා ආරංචියි?
ඔව්.. තාමත් ඒ මිල්ලෑව වලව්ව රූගත කිරීම් කරනවා. මම හරිම ආසාවෙන් කරන චරිතයක් තමයි ඒක. අපි හැමදාම කරන බොහෝම සියුමැලි චරිතවලට වඩා ඒ චරිතය හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ නිසා ඒක මම හරිම ආසාවෙන් බාරගත්තා. හැමදාම ඒකාකාරී චරිතවලින් මිදිලා ඒ වගේ චරිතයක් ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි.
ඒ මිල්ලෑව වලව්වත් ඔයාලගේම නිර්මාණයක්නේ. මොකද මේ වෙන අයගේ නිර්මාණ බාරගත්තේ නැත්තේ?
ඔව්... ඒ මිල්ලෑව වලව්වත් අපේම නිර්මාණ කාර්යයක්. දැන් මට බබාලා දෙන්නෙක්ගෙ වැඩ. පිට නිර්මාණය බාරගත්තම එක හරි අවුල්. මම මුල් තැන දෙන්නේ බබලා දෙන්නගේ වැඩවලටයි. අපේ නිර්මාණවලට සම්බන්ධ වුණාම මට ඒක සමබර කරගන්න පුළුවන්. කලින්ම දින දැනගත්තට පස්සේ බබාලගේ වැඩවලට යොමුවෙන්නත් මට පුළුවන්. ඒ නිසා ටෙලිනාට්‍යනම් මම අපි කරන නිර්මාණ විතරයි බාරගන්නේ කියලා හිතාගෙන ඉන්නේ. සිනමා නිර්මාණයක් ආවොත් සමහරවිට ඒ තීරණය වෙනස් වේවි. කොහොමටත් මම එක පාර ගොඩක් බාරගන්නෙත් නෑ. මේ කරන ටිකත් වැඩියි වගේ මට හිතෙන්නේ.
කවුරුන්ද ඔබ මගේ ටෙලිනාට්‍ය ඉවර වෙන්න ළඟයිද?
ඔව්... ඒ ටෙලිනාට්‍ය අවසාන හරිය තමයි දැන් රූගත කිරීම් කරන්නේ. ඒක අපි කොටස් 100කට තමයි කරන්න ප්ලෑන් කළේ. ඒත් කොටස් 110ක් විතර විකාශය වේවී. ඒකේ බොහෝ රංගන කණ්ඩායමක් වගේම හොඳ Teamwork එකක් තියෙනවා. ඉතින්... ඒක බොහෝම සැහැල්ලුවෙන් කොළඹ අවට කරපු නිර්මාණයක්.
මිල්ලෑව වලව්ව රූගත කළේ කොහේද?
ඒක කැලණිය බියගම පැත්තේ තමයි රූගත කිරීම් කළේ. ඒකේ චම්පා අක්කා (චම්පා ශ්‍රියානි) තමයි ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නේ. එයා තමයි ඒ වලව්වේ මෙහෙකාරිය. එයා තමයි කතන්දරය ඇතුළේ හැමදෙයක්ම එහාට මෙහාට පෙරළන්නේ. ප්‍රේක්ෂකයින්ට එයා ගැන බොහෝ සිතුවිලි හිතට දැනේවි. එයා වටා තමයි මුළු කතාන්දරයම ගෙතිලා තියෙන්නේ. ඒ වටා තමයි අපේ චරිත ගොඩනැගිලා තියෙන්නේ. මේකේ ධනංජය චරිත තුනක් කරනවා. මම චරිත දෙකක් කරනවා. ගයේෂා පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, නිරෝෂා හේරත්, නලින් ප්‍රදීප් උඩුවෙල, සහන් රන්වල වගේ චරිත මේකේ රඟපානවා.
දැන් පුතත් රඟපානවා නේද?
ඔව්. පුතත් හඳයා නාට්‍යයේ රඟපානවා. පුතා රඟපානවා වුණාට දෙවැන්නට දැන් අවුරුදු තුනයි. රඟපාන පැත්තට දෙන්නව වැඩිපුරම යොමු කරන්නේ නෑ. එතකොට ඉගෙනීම පැත්තට යොමු වෙන්න තියෙන කාලය අඩුවෙනවනේ. ඒ නිසා අපි මුල්තැන දෙන්නේ අධ්‍යාපනයට තමයි.
ඔය දෙන්නම රූගත කිරීම් කරද්දී කොහොමද පොඩි දෙන්නගේ වැඩ කරන්නේ?
මම ඇත්තටම මගේ කොටස් රඟපාන දවස්වල විතරයි මම රූගත කරන තැනට යන්නේ. අනිත් දවස්වලට ගිහින් මම ඒ දේවල් කරන දිහා බලාගෙන ඉන්නෙ නෑ. කාලය අපරාදේ නිසා. ෂූටිං තියෙන දවසට මම ගිහින් මගේ වැඩේ ඉවරවුණු ගමන් මම ගෙදර එනවා. ඒ වෙලාවට මගේ අම්මා පොඩි දෙන්නව බලාගන්නවා. අම්මලාගේ සහයෝගය නැතිව මේ දේවල් සමබර කරගන්න හරි අමාරුයි.
දැන් කවුරුන්ද ඔබ මගේ ටෙලිනාට්‍යයත් ඉවරවෙන්න ලෑස්තියි. ඊළඟට මොකද වෙන්නේ?
ගොඩක් අය අහනවා චිත්‍රපටයක් කරන්නේ නැද්ද කියලා. ඒත් තාම චිත්‍රපටයකටනම් අතගහන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වෙනුවෙන් සල්ලි ගොඩක් හිරකරන්න අපිට අමාරුයි. කවුරුන්ද ඔබ මගේ ටෙලි නාට්‍යයට පස්සේ තවත් ආදර කතාවක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඒකත් ලස්සන ආදර කතාවක් වේවී.
► Text – Dishani / Pic - internet