අතීතයේ එක එකමත් දවසක
ඒ අඩ සඳමයි අහසට ආවේ
සීත සුළං අපෙ සුවඳත් අරගෙන
අනන්ත අහසට ඉගිලී යද්දී
කවි හිත සඟවා ආලවන්ත ඇස්
සොඳුරුම කුසුමක ඇයි හැඩ බැලුවේ
ගිනිදන අහසක උණුසුම් හදසර
ඉසියුම් හද තෙර ඇයි පෑරෙවුවේ
රෑ සඳ කළුවර එදා වගේමය
හිත් පමණය දෙතැනක රුඳුණේ
► Saara