පහුගිය දවසක ටෙලිනාට්‍ය සෙට් එකක අහපු ලස්සන කතාවක් ඕගොල්ලො එක්ක ෂෙයාර් කරන්න හිතුවා.
එක්තරා බොස් කෙනෙක් ළඟ අවුරුදු තිහක් ඉතාම විනීතව, කීකරුව සේවය කළ ගෝලයෙක් හිටියලු. එයාගෙ නම රාමු.
ඔන්න එක දවසක් බොස් හොඳ චූන් මූඩ් එකක ඉන්න වෙලාවක රාමු සුපුරුදු විදිහට බොසාගෙ කෝපි කෝප්පය අරගෙන ආවලු.
අනේ අනේ රාමු. උඹ දැන් අවුරැදු 30ක් තිස්සෙ මට හැමදාම උදේට මේ වගේ රස කෝපි කෝප්පයක් ගේනවනෙ. මම කොහොමද උඹට ස්තූති කරන්නෙ? ඒත් කෝප්පෙ පිරෙන්නම කෝපි එකකුත් අරගෙන තට්ටු දෙකක පඩි පෙළක් නැගගෙන උඹ කොහොමද කෝපි බිංදුවක්වත් හැලෙන්න නැතිව මේ කෝප්පෙ මට ගේන්නෙ...
අනේ සර්.... ඉතින් මම ඇත්තම කියන්නම්කො. මම පඩිපෙළ නගින්න කළින් කෝප්පෙන් ලොකු උගුරක් කටට දා ගන්නවා. ඊට පස්සෙ සර්ගෙ කාමරේ ළංවෙනකොට ඒ ටික කොප්පෙට හලනවා...
රාමුගෙ අවසන් කටයුතු හෙට පැවැත්වීමට නියමිතලු!
පිටකොටුවෙ තොග වෙළෙඳාමට වෙන්වුණු පාරවල් ගොඩාක් තියෙනවනෙ. හෙට්ටිවීදිය, බංගසාල වීදිය, චයිනා වීදිය, වේල්ල වීදිය ඒ අතරින් කීපයක්.
පළවෙනි හරස් වීදිය නම් ප්‍රසිද්ධ මිරිස්, අල, ලූනු තොග වෙළෙඳාමට. මේ වෙළෙන්දො අතර තියෙන්නෙ ලොකු තරගයක්.
බිස්නස් වැඩිකරගන්න ඒ ගොල්ලන්ගෙ කඩ ඉස්සරහ නානා විධ බෝඩ් ලෑලි දානවා මිනිස්සුන්ගෙ ආකර්ෂණ ලබාගන්න.
ඔන්න කොහොම මේ පැත්තෙ බිස්නස් කරන වෙළෙඳ ව්‍යාපාරික මහත්තයෙකුට සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සෙට්වෙලා. චිත්‍රපටයෙ ශිල්පීන් අදාළ මුදල් එහෙම ලබාගන්න මුදලාලිව හම්බවෙන්න යන්නෙ අල ලූණු, මිරිස් ගෝනි උඩින් පැනලලු.
කතාවෙ හොඳම හරිය ඒක නෙමෙයි. මේ චිත්‍රපට නිෂ්පාදක මුදලාලිගෙ කඩේ ඉස්සර දැන් දාන්නෙ අමුතුම බෝඩ් ලෑලිලු.
දැන් පෙන්වනවා... අල කිලෝ එක රු.70 යි. මිරිස් රු.200යි....
ළඟදීම එනවා.... තායිලන්ත සම්බා....
ඉංගිරිය පැත්තෙ ඉන්න ප්‍රවීණ කලා ශිල්පියෙක් තම වෘත්තිය කටයුතු පහසු කර ගැනීම සඳහා කාලෙක ඉඳන් කොළඹ පැත්තට එන්න හිතාගෙනලු හිටියෙ.
ඒත් ගමේ ගෙදරට හොඳ ඉල්ලුමක් එනකන් බලං හිටියා. ඔන්න ළඟදි හොඳ ගාණකට ගේ විකුණගන්න පුළුවන් වෙලා. ඒත් ඉතින් කොළඹින් ඔය ගාණට ලොකු ගෙයක් ගන්න බැරි නිසා තරමක පුංචි ගේකටයි එන්නෙ.
ඉතින් ගෙදර බඩු මුට්ටු ගොඩක් අඩුකරගන්න තීරණය කරලා අහල පහල කොලු පැංචෙකුගේ අතේ ගමේ වෙද මහත්තයට ඒ ගැන සඳහන් කරලා ලියුම් කෑල්ලක් යැව්වලු. හවස්වෙලා කසාය වගේකුයි කල්කෙකුයි අරගෙන වෙද මහත්තයා මේ ශිල්පියාගෙ ගෙදරට ආවලු.
මේක සතියක් විතර ගත්තම බඩ අඩුවෙලා සැහැල්ලුවක් දැනෙයි. වෙද මහත්තයා කිව්වලු.
බැලින්නම් මෙයා වෙද මහත්තයට එවපු ලියුම් කෑල්ලෙ ලියලා තිබිලා තියෙන්නෙ බඩ අඩුකරගන්න අවශ්‍ය නිසා හවසට ඇවිත් හම්බවෙන්න කියලා.
එක්තරා ටෙලිනාට්‍ය රූපගත කිරීමක් අතරතුර ලද විවේකයේදී තරුණ නළුවෙක් නව පරපුරේ යොවුන් නිළියකගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.
ඔයාගෙ සීයටත් වඩා වයසක පොරක්නෙ ඔයාගෙ තාත්තට රඟපාන්නෙ. ඒත් මට කීපසැරයක්ම ඇහුණා ඔයා එයාට අයියා කියලා කතා කරනවා. ටිකක් අවුල් නේද?
අනේ නෑ අනේ මමත් දන්නවා එයාගෙ වයස. ඒත් මම මොනවා කරන්නද, එයා මට නිතරම නංගි කියලනෙ කතා කරන්නෙ. ඉතිං එයා නංගි කියනවා නම් මම එයාට අයියා කියන්න වෙනවනේ... ඇය කිව්වලු.
දඹුල්ල පැත්තෙ චිත්‍රපටයක් රූපගත කෙරුණලු. ඒකෙ එක දර්ශනයකට කරත්තෙකුයි ගොනෙකුයි ඕනවෙලා අහල පහල ගමකින් හොයාගත්තලු.
පළවෙනි දවසෙ අධික තදබදය නිසා ගොන් කරත්තෙ සීන් එක ගන්න බැරිවුණාලු. දෙවෙනි දවස වැස්සට හේදිලා ගියා. එදත් ගොන් කරත්තෙන් වැඩක් ගන්න බැරිවුණා. යාන්තම් තුන්වෙනි දවසෙ ගොන් කරත්තෙ සීන් ටික කර ගත්තලු.
ඒ කරත්තෙ අයිතිකාරයා ඒ දවස් තුනට ඉල්ලපු ගාණ අහලා නිෂ්පාදක කළමනාකරු උඩ ගියාලු.
අයිසෙ මෙච්චර ලොකු ගාණක් අය කරනවා කියලා දන්නව නම් අපි ගොනෙකුයි කරත්තෙකුයි සල්ලිවලටම ගන්නවනෙ... ඔහු කිව්වලු.
එක්තරා පෞද්ගලික අලෙවි සමාගමක කෙටි කලක් සේවය කළ තරුණ ගැමි කොල්ලෙකුට අහම්බෙන් වගේ ටෙලිනාට්‍යයක පොඩි චරිතයක් කරන්න චාන්ස් එකක් ලැබුණලු.
ඒත් අර කළින් වැඩ කරපු කොම්පැණියෙ පුරුද්දට සෙට් එකේ හැමෝටම සර්.... සර් කියලලු කතා කරන්නෙ. කීප දෙනෙක්ම ඔහුට එහෙම කතා කරන්න එපා කියලා උපදෙස් දුන්නත්, ඔහු පුරුද්ද අත අරින පාටක් නැතිලු. ඔන්න ළඟදි ටී බෝයිටත් සර් කියලා ජංජාලයක් වුණාලු.
අනේ මහත්තයෝ ඇයි මට සර් කියන්නෙ? මට සර් කියන්න එපා....
හා... එහෙනම් මීට පස්සෙ මම සර් කියන්නෙ නෑ සර්...
► Text – Mithra