රජත් - ඔබ ස්පෝර්ට් මිනිස්ටර් ද හෙල්ත් මිනිස්ටර් ද (ක‍්‍රීඩා ඇමති ද, සෞඛ්‍ය ඇමතිද) වෙන්න කැමති?
අක්ෂය - මම ඇමතිකම් ගැන නෙවෙයි කතා කරන්නේ. මට ඇමතිවෙලා මොකුත් කරන්න අවශ්‍ය නැහැ. ඇමැතිලා එක්ක කතා කරලා මගේ අදහස් සහ උපදෙස් දෙන්න මම කැමතියි. මම නැවතත් කියනවා මම ඇමැතිලා වෙන්න කැමති නැහැ.
රජත් - ඔබට ජීවත්වීම සඳහා විටෙක් රත්තරං බඩු විකුනන්න වුණා. තවත් වෙලාවකට සංචාරක මඟ පෙන්වන්නෙක් වෙන්න සිද්ද වුණා. විවිධ ජාතියේ රස්සාවල් කළා නේද?
අක්ෂය - කුන්දන්වල ජුවලරි විකිණුවා. බොම්බෙන් ගෙනිහින් සමාවෙන්න දිල්ලි වලින් අරගෙන ගිහින් බොම්බෙවලට විකිණුවා. කල්කටාවේදී මම ස්පෝර්ට් බෝයී කෙනෙක් විදියට වැඩ කළා ට‍්‍රැවල් ඒජන්සියක. තව මම ඩකාවල රස්සාවක් කළා. බැංකොක්වල වැඩ කළා. බොම්බේවල මාර්ෂල් ආර්ට් ඉගැන්නුවා.
රජත් - කවදා හරි නිකමටවත් හිතුවද මේ තරම් ජනප‍්‍රිය සිනමා තරුවක් වෙයි කියලා.
අක්ෂය - නැහැ මම කවදාවත් එහෙම හිතුවේ නැහැ. ඒත් එක සැරයක් මගේ තාත්තාට කේන්ති ගිහින් කම්මුල් පරාක් ගහලා ඔහු කිව්වා මොකද මම ඉගෙනගන්න ඒ තරම් දක්ෂකම් පෙන්නුවේ නැහැ. ඔහු ඇහුවා ඉගෙන ගන්නේ නැතුව ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. මගේ කටින් පිටවුණා. මම නළුවෙක් (හීරෝ කෙනෙක්) වෙන්න කැමතියි කියලා. අපි විශ්වාස කරනවනේ අපිට සරස්වතීගේ බැල්ම තියෙනවා කියලා. සමහරවිට ඒ නිසා මම නළුවෙක් වෙන්න ඇති.
රජත් - ඔබ පළවැනි වතාවට ෆොටෝ ෂූට් එක කරද්දී තාප්පයකට හේත්තු වෙලා ඒ ෆොටෝ ෂූට් එක කරලා තියෙනවා. ඔබ ඒ තාප්පය අයිති නිවසත් මිලට ගත්තා කියලා මට දැනගන්න ලැබුණා.
අක්ෂය - මට ෆොටෝෂූට් එක තාප්පයෙන් ඇතුෙළ් කරන්න අවශ්‍ය වුණත් මුරකාරයා කිව්වා කාටවත් ඇතුළට එන්න දෙන්න බැහැ කියලා. ඔහු ඔහුගේ පැත්තෙන් හරි. මට දිවුරලා කියන්න පුළුවන් මම කොහොම හරි මේ නිවසම ගන්නවා කියලා සිතුවිල්ලක් මට තිබුණේ නැහැ. මොකක්දෝ වාසනාවකට ඒ නිවස මටම හම්බවුණා.
රජත් - තවමත් ඉන්නේ ඒ මුරකාරයාමද? නැත්නම් ඔහුව අයින් කරලා දැම්මද?
අක්ෂය - මේ කතාව අවුරුදු 17කට 18කට කලින් වුණු සිද්ධියක්නේ. ඔහු කවදා කොහේ ගියාද කියන්න මම දන්නේ නැහැ.
රජත් - ඔබ රාජේශ් ඛන්නා ළඟට වැඩ ඉල්ලගෙන ගියා කියන කතාව ඇත්තක්ද?
අක්ෂය - ඔව් මම ඉල්ලගෙන ගියා.
රජත් - ඔහු ඔබව හම්බවෙන්නේවත් නැතුව යන්න ගියා.
අක්ෂය - නැහැ. නැහැ. ඇත්තටම එහෙම දෙයක් වුණේ නැහැ. මුණගැහුණා. ඔබතුමා නම් ගෙදර ප‍්‍රශ්න ඇති කරන්නමයි හදන්නේ. (ඔහුත් හිනාවේ. ප්‍රේක්ෂකයින් හිනාවේ) මම එතුමගේ ඔෆිස් එකට ගියාම මට එතුමව හම්බවුණා. විනාඩි 15ක් ඔහු එක්ක කතා කළා. එතකොට ඔහු හදමින් හිටිය ෆිල්ම් එක ම්... චන්කි පාන්ඬේ තමයි එකේ ප‍්‍රධාන නළුවා විදියට හිටියේ. ඒකේ නම ජය ජය ශිව ශංකර්. ඒ වෙලාවේ ඔහු කිව්වා පුතා මම නැවතත් ෆිල්ම් එකක් කරද්දී ඔබට අවස්ථාවක් දෙන්නම් කියලා.
රජත් - ඒත් ඒ වෙලාවෙවත් ඔබට හිතුනේ නැද්ද එතුමගේ දුව ට්වින්කල් ඛන්නා එක්ක විවාහ වෙන්න පුළුවන් වෙයි කියලා.
අක්ෂය - නැහැ එහෙම හිතුනෙම නැහැ. කාටද එහෙම හිතන්න පුළුවන්.
රජත් - දෛවය ඔබව මේ තත්ත්වයට ගෙනාවා?
අක්ෂය - ඔව්. දෛවය සහ මවුපියන්ගේ ආශිර්වාදය නිසා මේ තත්ත්වයට පත්වුණා.
රජත් - මහන්සිවෙලා වැඩ කළ නිසා නෙවෙයි.
අක්ෂය - අනිවාර්යෙන්ම මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා. ඒත් මට හිතෙනවා මහන්සිය වගේම දෛවයත් යහපත්වෙන්න ඕන. මම 70ක් දෛවය තියෙන්න ඕන සහ උපරිමයෙන් මහන්සිය 30ක් තියන්න ඕන කියලයි මම හිතන්නේ. මම එක මගේ අත්දැකීමෙන් කියන්නේ. මම ඉන්ඩස්ට්‍රි එකේ ස්ටුඩියෝවලට කී සැරයක් ගියාද? එතන මට වඩා හොඳ පෙනුමක් තියෙන අය වාඩිවෙලා ඉන්නවා මම දැකලා තියෙනවා. ඔවුන් කවදා ඉඳලා උත්සාහ කරනවා ඇද්ද? ඔවුන් මට වඩා දක්ෂ නළුවෝ. මට වඩා හොඳ ඩාන්සර්ලා (නර්ථන ශිල්පීන්). ඒත් ඔවුන් ළඟ එක දෙයක් නැහැ. ඒ තමයි දෛවය. ඔවුන්ට හරි වෙලාවට වැඩ හම්බවෙන්නේ නැහැ. ඔවුන්ට හරි වැඩක් හම්බවෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම හිතනවා මම වාසනාවන්තයි. ඒ නිසා මට මේ හැමදෙයක්ම ලැබුණා.
රජත් - අක්ෂය අද ඔබගෙන් නොයෙකුත් ප‍්‍රශ්න ඇහුවා. ඔබ ඒවාට ඉතා අගනා පිළිතුරු ලබාදුන්නා. මේ අවස්ථාව අද විනිසුරු සෝනාල් කාල්රාගේ තීන්දුව ලබාදීමටයි.
විනිසුරු - අපි අවුරුදු ගාණක් තිස්සේ ආප්කී අදාළත් වැඩ සටහනෙන් දකිනවා රජත් ජීගේ ප‍්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු ලබා දෙන්න අපහසුයි කියලා. ඒක මේ වැඩසටහන් බලන වැඩ සටහන් ගැන දන්න හැමෝම දන්න දෙයක්. මම ජනතාවගෙනුත් අහන්න කැමතියි මට දැනුණු දේම ඔවුන්ටත් දැනුණද කියලා. අක්ෂය ඔබගේ පිළිතුරුවල ඉතාම විශ්වසනීයත්වයක් සහ මානූෂීය ස්වරූපයක් තිබුණා. සමහරවිට ඒ ඔබ හදවතින්ම පිළිතුරු ලබාදුන්න නිසා වෙන්න ඇති. අනිත් එක තමයි ඔහු ඔබට චෝදනා නගද්දී ඔබ ඒ හැම එකක්ම පිළිගත්තා. ඒ වගේ මනුස්සයෙකුට දඬුවම් ලබාදීම කොතරම් අපහසු කටයුත්තක්ද කියලා මෙතන ඉන්න ඔබ හැමෝම මට කියන්න. ඔබලා හිතන්වද මේ මනුස්සයට දඬුවමක් ලබා දෙන්න පුළුවන්ද කියලා.
ෙප්‍ර්ක්ෂකයින් බැහැ කියලා හඬ නගනවා.
මම තව දෙයක් කියන්න ඕන ඔබ කිව්වා ඇක්ටර් කෙනෙක් වුණත් යහපත් මනුස්සයෙක් වීම ඉතාම වැදගත් කියලා. මහජනතාවගේ පිළිගැනීමක් තියෙනවා ජනප‍්‍රිය පුද්ගලයින් ගොඩාක් කතා නම් කියනවා. ඒත් කිසිම දෙයක් කරන්නෙනම් නැහැ කියලා. ඔබ ඔබගේ පණිවුඩ සහ ෆිල්ම් වලින් දෙන්න හදන්නේ ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන්නයි කියලා ඔබම කිව්වා. මේ ගරැ අධිකරණයත් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ වැරදි දේවල් වැරදියි කියලාම පෙන්වන්න. අනිත් එක ඔබ හදවතින්ම විශ්වාස කරනදේනේ කරන්නෙත්. අපි ඔබගේ සියලු යහපත් පැතුම් ඉෂ්ඨවේවා යැයි ප‍්‍රාර්ථනා කරනවා.
අක්ෂය - තෑන්ක් යූ මැඩම්.
පසු සටහන - අක්ෂය කුමාර් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී බොහෝ වාරයක් නිර්දේශ වුවද දෙවතාවක් පමණක් සම්මාන දිනාගෙන ඇත. 1990 වසරේදී ඛිලාඩී සිනමාපටයෙන් රංගනයට පැමිණි අක්ෂය 1993දී වක්ත් හමාරා හෑ, 11994 දී මොහරා, 1994 දී සුහාග්, 1994දී යෙහ් දිල්ලගී ඇතුළුව සිනමාපට 100කට අධිකව රඟපා ඇත. ඔහු සටන් ජවනිකා නළුවෙක් නිසා 2008 වර්ෂයේදී ඉන්ඩියන් ජැකී චෑන් ලෙසින් මිනිසුන් අතර නමක් දිනා ගන්න ලදී. තමන්ගේම් කබඩි ටීම් එකක් ලෝක කබඩි සම්මෙලනය නියෝජනය කරමින් අක්ෂයට තිබේ. 20015 වසරේදී ෆෝබ්ස් සඟරාවෙහි අධික මිලක් අය කරන නළුවන්ගේ නාම ලේඛනයේ අක්ෂය කුමාර් නාමය 09 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. 2008 වර්ෂයේදී ඉන්දීය සිනමාවට කළ සේවය වෙනුවෙන් වින්ඩ්සර් විශ්ව විද්‍යාලයෙන් අක්ෂය කුමාර්ට නීතිය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුණි. ඉන්දියාවේ අම් රිත්සර් වල හරි ඕම් භාටියා යන නාමයෙන් උපත ලද අක්ෂය කුමාර් දිල්ලිවල චාංද්නී චෝක් ටූ චයිනා වලද ජීවත්වූ අතර ඉන අනතුරුව මුම්බයී වල පංජාබ් අය ජීවත්වන ප‍්‍රදේශයක් වන කොලිවාඩා වලට පදිංචිය මාරුවිය. අක්ෂය කුමාර්ගේ පියා හමුදා නිලධාරියෙක් විය. දොන් බොස්කෝ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අක්ෂය කුමාර් මුම්බායීවල ගුරු නානාක් ඛාස්ලා කොලේජ් හී ද්වීතීයික අධ්‍යාපනය ලැබූෙව්ය. අක්ෂය කුමාර්ට අල්කා භාටියා නමින් සහෝදරියක්ද සිටී. ඉන්දියාවෙන් ටයි කොන්ඩෝ නැමැති ආත්මාරක්ෂක සටන් කලාව සඳහා කළුපටිධාරියෙක් ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව අක්ෂය කුමාර් බැංකොක් සහ තායිලන්තයට ගොස් කෝකියෙක් ලෙසින් සහ වේටර් කෙනෙකු ලෙසින් රැකියාවක් කරමින් සටන් කලාව වැඩි දුරටත් ප‍්‍රගුණ කොට ඇත. අක්ෂයගේ ශිෂ්‍යයෙක් විසින් (ඔහු ඡායාරූප ශිල්පියෙකි) අක්ෂයව මොඩ්ලින් කිරීම සඳහා අවස්ථාවක් උදාකර දී තිබේ. ඔහු පළමු දෙවැනි මාස දෙක තුළ තමන්ගේ මාසික වැටුපම උපයාගන්නට සමත්වී ඇත. ඉන් අනතුරුව ඔහු විසින් නිරූපන වෘත්තියෙහි නියැලුණු අතර ෆිල්ම්වල අතිරේක නර්තන ශිල්පියෙක් ලෙසින් සහභාගීවීමට අවස්ථාවක් ලැබී ඇත. බැංගලෝරවල ඇඩ් ෂූට් එකකට යාමට සිටි අක්ෂයට එක උදෑසනක ඔහුට යෑමට තිබූ ඔහුගේ ගුවන් යානය මඟ හැරුනි. ඒ නිසා ඔහු එදින තනියම ෆිල්ම් ස්ටුඩියෝ වල ඇවිදිමින් කාලය ගත කොට ඇත. එදින හවසම ප‍්‍රමෝද් චක‍්‍රවර්ති නැමති නිෂ්පාදකයාගේ ෆිල්ම් එකක ප‍්‍රධාන චරිතය සඳහා අත්සන් කිරීමට අක්ෂයට අවස්ථාවක් ලැබී ඇත.
(අාප් කී අදාළත් විෙශ්ෂාංගය මෙතෙනින් අවසානයි)
► Translation — Chandana waravitage