හීන තිබුණට කෝටියක් - අතේ නෑ එක රුපියලක්
ස්වර්ණවාහිනියේ විකාශනය වන “හාරකෝටිය ටෙලිනාට්‍යයේ තේමා ගීතය මේ දවස්වල හරි ජනප්‍රියයිනේ. තරුණ කොල්ලන් අතරේ විතරක් නොවේ කුඩා දැරුවනුත් දැන් මේ ගීතය ගායනා කරනවා. ඉතින් අපිට හිතුණා මේ කටහඬේ හිමිකරුවා එක්ක පොඩ්ඩක් කතාකරන්න. කලා ක්ෂේත්‍රයේ නම් ඔහුව හඳුනන්නේ “දංගා කියලා. බලමු දංගාට හාරකෝටිය ඇදුනේ කොහොමද කියලා.
ශාමෙන් හාරකෝටියක් ඇදිලා වගේයි නේද...?
ඔව්... ඔව්... ඒක ඇත්ත... ඇත්තටම මට හාරකෝටියක් ලැබුණා තමයි. හීන තිබුණට කෝටියක්... මාවත් දැනගෙන හිටියේ නෑනේ කට්ටිය. දැන් එහෙම නෑ... දැන් මාවත් බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් දැන් මටත් හාරකෝටියක් ඇදුණා වගේ තමයි.
කොහොමද “හීන තිබුණට කෝටියක් ගීතයට ශාමෙන්ට අවස්ථාව ලැබුණේ?
මේ සින්දුව මියුසික් කළේ සන්ෆවර් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදක දිනේෂ්. ඒ මල්ලී තමයි දවසක් මට කිව්වේ “අයියෙ... මෙහෙම ටෙලිනාට්‍යයක සින්දුවක් තියෙනවා කියමුද කියලා. එතකොට දිනේෂ් මියුසික් හදලයි තිබුණේ. ඉතින් මම ගිහින් කිව්වා ඒකේ වචනත් හරි ලේසියි. ඉතින් මම වොයිස් කරලා ඊට පස්සේ සද්ධා අයියා (සද්ධා මංගල සූර්යබණ්ඩාර) අහලා තිබුණා ඉතින් සද්ධා අයියත් කැමති වුණා. එහෙම තමයි හීන තිබුණට කෝටියක් එක්ක මගේ හීනේ හැබෑ වුණේ.
ශාමෙන් සන්ෆවලර් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක්. කොහොමද ප්‍රසංග වේදීකාවේදී හාරකෝටියට ලැබෙන ප්‍රතිචාර?
පුදුම ප්‍රතිචාරයක් තමයි ලැබෙන්නේ. සමහර ප්‍රතිචාර දකිද්දී මටම පුදුමයි. මිනිස්සු මේ තරම් මේ සින්දුව දන්නවාද කියලා. සින්දුව නිසා මාව බලන්න වෙනමම පිරිසක් සමහර ප්‍රසංග බලන්නත් ඇවිත් ඉන්නවා. සන්ෆවලර් එකේ සින්දු කිව්වට ගොඩක් අය දැනගෙන හිටියේ නෑ මමද මේ සින්දුව කියන්නේ කියලා. සමහර වෙන සංගීත කණ්ඩායම් මේ සින්දුව ප්‍රසංග වේදිකාවේදී ගායනාත් කළා. සමහරැ මටත් කෝල් කරලා කියනවා “මෙන්න ඔයා කියන සින්දුව වෙන අය ගායනා කරනවා කියලත්. දැන් ඇත්තටම මම ප්‍රසංග වේදිකාවේදී සින්දුව කියන්නෙත් නෑ. මම සින්දුව මුල්ටික කියන්න පටන් ගනිද්දී ප්‍රසංගය බලන්න ඇවිත් ඉන්න අය තමයි ඉතුරු ටික කියන්නේත්.
ශාමෙන්ගේ මේ පළමු ගීතයද...?
නෑ... මම කළින් එක ෆිල්ම් එකකටත් ගීතයක් කළා. ඒ “අනිත්‍යා කියන ෆිල්ම් එකයි. ඒකේ මම රොක් ඇන්ඩ් රෝල් ස්ටයිල් එකේ සින්දුවක් කළා. “ජීවිතේටත් දැකලා නැති කියලා. ඒත් සින්දුව හිට් වුණාට ඒ සින්දුව කිව්වේ මම කියලා ගොඩාක් අය දැනගෙන හිටියේ නෑ.
ශාමෙන් දකුණෙන් බිහිවෙච්ච කලාකරුවෙක්...? එහෙම නේද...?
ඔව්... මගේ ගම ගාල්ලේ. මම ඉගෙනගන්නේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ. ඉස්කෝලේ ඉන්න කාලේදීත් අපිට මියුසික් පිස්සුව තිබුණා. ඉස්කෝලෙදීත් අපේ යාළුවෝ එකතුවෙලා හදාගත්තු බෑන්ඩ් එකක් තිබුණා. ඒක “ඇලෝෂියන්ස් ඉස්කෝලේ උත්සවවලදී අපි ඒ බෑන්ඩ්එක ගැහුවා. අද වෙද්දී ඒ බෑන්ඩ් එකේ හිටපු දෙනෙක්ම මේ මියුසික් ෆීල්ඩ්එකේ ඉන්නවා.
කොහොමත් ඔයා සන්ෆවලර් සංගීත කණ්ඩායමට එකතුවුණේ මෑත කාලයේනේ...?
ඔව්... මම සන්ෆවලර් සංගීත කණ්ඩායමට එකතුවුණේ මීට අවුරුදු පහකට කළින්. ඊට කළින් මම හොටෙල්වල ප්ලේ කළා. වැඩිපුරම මම ඉංග්‍රීසි සින්දු තමයි කිව්වේ. ඊට පස්සේ මම සන්ෆවලර් සංගීත කණ්ඩායමේ ඉංග්‍රීසි ගායකයෙක් විදියට එකතුවුණා.
මේ වෙනකොට ශාමෙන් කැමති රොක් ස්ටයිල් ගීත ගායනා කරන්නද...?
මම හොටෙල්වල ක්ලබ්වල මියුසික් කරද්දීනම් වැඩිපුර කිව්වේ රොක් ස්ටයිල්වල ගීත තමයි. ඒ රෙගී ස්ටයිල් එක මගේ අැඟේ තියන නිසාමද මන්දා. රොක් ස්ටයිල් එකට මගේ කටහඬ හැඩගැන්වෙනවා. කොහොම වුණත් අද වෙද්දී මම රොක්, හින්දි, සිංහල, වෙනස් ගීත ගායනා කරනවා.
ශාමෙන් අද වෙනකොට දරැවන් හතර දෙනෙකුගේ තාත්තා කෙනෙක්. කොහොමද ඒ ජීවිතේ...?
ඔව්... මම විවිහ වුණේ අවුරුදු පහක ප්‍රේම සම්බන්ධයකින්. එයා ගාල්ලේ මාපලගම කෙනෙක්. එයාගේ නම බුද්ධි අමල්කා. ඉතින් අපි දෙන්නා යාළු වුණා. අවුරුදු පහක් ආදරේ කළා. ඊට පස්සේ අපි 2003 අවුරැද්දේ විවාහ වුණා. දැන් මට දුවලා දෙන්නයි, පුතාලා දෙන්නයි ඉන්නවා. ඉතින් දැන් ඒක තමයි ජීවිතේ.
ඔයාගේ වැඩවලට බුද්ධිගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
බුද්ධි අධ්‍යාපන අමාත්‍යංශයේ තමයි වැඩ කරන්නේ. ඇත්තටම අපි දෙන්නා වැඩකරන්නේ හරියට ෂිෆ්ට් එකට වගේයි. මම දවල්ට බබාලාගේ වැඩ කරනවා. ගෙදර වැඩ කරනවා. ගොඩාක් වෙලාවට එයා වැඩ ඇරිලා ගෙදර එද්දී මම මගේ වැඩවලට ගෙදරින් යන්න ලෑස්ති වෙනවා. සන්ෆවලර්එකට එකතුවුණාට පස්සේ ඒක ටිකක් වෙනස් වුණා. නැත්නම් ඉස්සර එකදිගටම මම රෑ හොටෙල්වල වැඩ. දැන් නම් ටිකක් වෙනස් වෙලා. ඇත්තටම බුද්ධි මාව ගොඩාක් හොඳින් තේරුම්ගත්තු කෙනෙක්.
හාරකෝටියක් නිසා ශාමෙන්ගේ මුළු ජීවිතයම වෙනස් වුණානේද...?
ඔව්... මගේ ජීවිතේම ඒ සින්දුව නිසා වෙනස් වුණා. ඇත්තටම ඒක හරියට මට හාරකෝටියක් හම්බවුණා වගෙයි. මාව දැන් මිනිස්සු හොයන්නේ මේ හාරකෝටිය නිසාම තමයි. පොඩි අය පවා මේ ගීතයෙන් මාව හොයන්න පටන්ගත්තා. ප්‍රසංගවලටත් දැන් මට ආරාධනා ලැබෙනවා. ඉතිං ඉඩලැබෙන විදියට මම ඒවටත් යනවා.
ශාමෙන් තව ඔයාගේ ගීත කරන්න අදහසක් එහෙම නැද්ද...?
මේ වෙනකොට මම ගීත කීපයක්ම හදලත් තියෙනවා. සද්ධා අයියා එක්කත් ගීතයක් කරන්න හිතාගෙන ඉන්නවා. කැළුම් ශ්‍රීමාල් අයියට කියලා අවුරුදු දහයට කළින් ලියාගත්තු ගීතයකුත් තියෙනවා. දැන් බොහෝදෙනා මගෙන් ගීත ගැන අහනවා. ඉතින්... බලමු... ඉස්සරහදී ගීතයක් දෙකක් ඉක්මණට ඒවී...
► Text – Jayamali / Pic - Sumudu