මහමෙරක් මහ දුකින් මහපොළොව හඬන්නේ
ළපල්ලක් මියැදිච්ච ශෝකයෙන්
කුසුමක්ව නොපිපිච්ච එකම එක පොහොට්ටුව
සීතලේ මියගිහින්
නුඹේ ප්‍රාණ ස්නේහයෙන් ලද ප්‍රේම ආත්මය
අනන්තය කෙළවරක හුදෙකලා තරුවක්ය
මගේමයි මං කීව සඳත් මගෙ නොවේමය
මගේමයි මං සිතුව මාත් මගෙ නොවේමය
සංසාර මතකයට මං ලීව පෙරවදන
අකුරු මුතු ගිලිහිච්ච පව්කාර කවියක්ය
නුඹ නැතුව මං එක්ක ඉකිගසන ආත්මය
සඳ නැතුව දුක් විඳින අහස සේ දුක්බරය
උරහිසේ හංඟාන ඉකිබින්ද දෙඇස් අග
මේ දැනුත් දිලිසෙන්නෙ අතීතෙක කඳුළක්ය
ප්‍රාර්ථනා ගං දියේ අවසාන තොටුපොළක
මා බලා හිඳින්නේ යළිත් නුඹ එනතුරුය
I saara