අනන්ත සැතපුම් පසුකර ආවෙමි
භවයෙන් භවයට මතකය අරගෙන
අනන්ත සැතපුම් පසුකර ආවෙමි
දැනී දැනෙන ඒ ජීවන සුවඳට
එළිවැට ගිලිහුණු කවි පැබඳූවෙමි
නුඹේ නමින් ලියූ එකමෙක කවියට
අවසන් පදයක් නැතුවම ලතවෙමි
ආදරයේ මුතු පැහැසර ගිලිහී
නෙතින් මුදාහල කඳුළු සමුදුරේ
ගිලී ගිලන් වූ හදවත සඟවා
නුඹ හැරදා දුර ඉගිලී ආවෙමි
ප්‍රාර්ථනා දුර නිම්නෙක රඳවා
අනන්ත සැතපුම් පසුකර ආවෙමි
I Saara