2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ලාෙකුම ගුවන්යානයක් පදවන පුංචිම කෙල්ල

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

මම පොඩි කාලේ මගේ වයසෙ යාළුවෝ හැමෝටම වගේ වුවමනා වුණේ එක්කෝ ඉංජිනේරුවෙක් වෙන්න එහෙමත් නැත්නම් දොස්තර කෙනෙක් වෙන්න. මට ලොකු වෙලා ගුවන් නියමුවරියක් වෙන්න ඕනෙ කිව්වම හැමෝම හිනාවුණා. හැබැයි මගේ අම්මයි තාත්තයි මගේ හීනේ විශ්වාස කළා....”

එසේ කියන්නේ ඇනී දිව්‍යා ය. ඇනී දිව්‍යා යනු ලොව විශාලතම මගී ගුවන් යානාවක් ලෙස සැලකෙන බොයිං 777 යානා පදවන ලොව ළාබාලම ගුවන් නියමුවරියයි. 

ඉන්දියාවේ පතන්කොට් නගරයේ ඉපිද අනතුරුව විජෙයිවාඩාහි හැදී වැඩුණු ඇය කුඩාකල සිටම සිහින දැක්කේ ගුවන් නියමුවරියක වීමට ය. ඇය හැදී වැඩුණු පරිසරය තුළ කෙල්ලක ගුවන් නියමු වෘත්තියට එක්වීම තරමක් නුහුරු සිදුවීමක් විය. පවුලේ ඥාතීන් මෙන්ම හිත මිතුරන් ද ඇයට ආශීර්වාද කරනු වෙනුවට ඇයට කොළොප්පම් කළහ. එහෙත් සියල්ල මධ්‍යයේ තම සිහින බිඳගැනීමට ඇය කිසිලෙසකින්වත් සූදානම් වූයේ නැත.

මගේ ගුවන්නියමු සිහිනය ගැන හැමාේම මට කාෙලාෙප්පම් කළා

 

ඉංග්‍රිසි බැරි නිසා මාව කාෙන් වුණා 

 

ඒත් මම සිහිනය අත්හැරියේ නෑ 

 

අන්තිෙම්දි මම දිනුවා 

 

දැන් මම ලා්ෙකේ හුඟාක් රටවලට ඉගිල්ලෙනවා 

එහෙත් තම සිහිනය කරා යන ගමන අතිශය දුෂ්කර එකක් බව ඇයට වැටහුණේ, ගුවන් නියමුවරියක වීමට ඉගෙන ගැනීම සඳහා උත්තර් ප්‍රදේශ් වෙත පැමිණි පසුය. ඇය මුහුණ දුන් විශාලතම ගැටලුව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසියෙන් ලියන්නට තරමක හැකියාවක් තිබුණත් ඇගේ ඉංග්‍රීසි කථනය තිබුණේ අතිශය දුර්වල තැනකය. එනිසා බොහෝ විට අනෙක් අයගේ උසුළු විසුළුවලට ලක්වීමටත් ඇයට සිදුවිය. 

“ඇත්තටම ඉංග්‍රීසි බැරිවුණු නිසා ගොඩක් සිත් රිදවීම්වලට ලක්වෙන්න මට සිද්ධ වුණා. හැබැයි ඒ හැම වෙලාවකම මගේ මව්පියෝ මා එක්ක හිටියා. ඒ හින්දා මට ඉස්සරහට යන්න අවශ්‍ය ශක්තිය ලැබුණා”
වයස අවුරුදු 19 වනවිට තම පළමු පුහුණුව අවසන් කළ ඈ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට එක්වන්නීය. ඇයට තම මංගල පියාසර අත්දැකීම ලැබෙන්නේ ද එහිදී ය. එනම් විදේශ පුහුණුවකට ඇයව ස්පාඤ්ඤයට යැවිණි. ස්පාඤ්ඤයේදී ඇයට වානිජ ගුවන් සේවා පැදවීමේ විශේෂ පුහුණුවක් හිමිවිය. නැවතත් ඉන්දියාවට පැමිණි ඇනීට බොයිං 737 යානා පැදවීමේ අවස්ථාව ලැබුණේ ලොව ළාබාලතම ගුවන් නියමුවරිය බවට ඇය පත්කරමිනි. 

අනතුරුව වයස අවුරුදු 21 වනවිට ලන්ඩනයේ තවත් පුහුණුවකට එක්වුණු ඇය එය සාර්ථකව අවසන් කිරීමත් සමඟ බොයිං 777 දැවැන්ත මගී ගුවන් යානාව පැදවීමේ අවස්ථාව හිමිකරගත්තාය. දැනට වයස අවුරුදු තිහක් වන ඈ බොයිං යානා සමඟින් ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබේ. 

“බොයිං 777 යානය පැදවීමට පටන් ගැනීමත් එක්ක ලෝකයේ රටවල් රාශියක සංචාරය කරන්න මට හැකිවුණා. ඇත්තටම මෙතෙක් ආපු ගමන ගැන ලොකු සතුටක් දැනෙන්නෙ. අතීතයේදී මම කරපු කැපකිරීම්, මුහුණ දුන් අපහසුතා එක්ක බලද්දි ඒ සතුට තවත් වැඩිවෙනවා” ඈ කියන්නීය. 

ඇය පෙන්වා දෙන ආකාරයට ගුවන් නියමුවරියන් වීම සඳහා ඉන්දියාව තුළ මේ වනවිට විශාල ප්‍රවණතාවක් හටගෙන තිබේ. ගෝලීය වශයෙන් ගුවන් සේවා තුළ ගුවන් නියමුවරියන්ගේ ප්‍රතිශතය සියයට 05ක් වෙද්දී ඉන්දියාවේ ගුවන් සේවා තුළ ගුවන් නියමුවරියන්ගේ ප්‍රතිශතය සියයට 15කි. 

( හින්දුස්ථාන් ටයිම්ස් අැසුරින් ) 

Text - Rajitha