2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ටාෙයිලට් ප්‍රශ්නෙන් කැඩුණු කසාදේ

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

කොළ පැහැති සාරවත් ගස් කොළන්වල පිපිලා තියෙන නානා ප‍්‍රකාර මල් සොලවගෙන සීතල සුළං රැළි හමනවා. තැනින් තැන දිය සීරාව ගලා යන සුන්දර ගම්බද පළාතක්. සාරවත් තණකොළ බුදින ගවයින්ගේ උම්බෑ නාදයන් මේ පළාත පුරාම ඇහෙන්න දකින්න ලැබෙන සුලභ දසුනක්. මම මේ කියන්න හදන්නේ ලංකාවේ ස්ථානයක් ගැන නම් නෙවෙයි. මේ ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශය කියන පළාතේ වුණු කතාවක් ගැනයි මම කියන්න හදන්නේ.

කේෂව්... කියන්නේ තමන් කැමති දෙයක් ලබා ගන්නකම් උත්සාහය අත් නොහරින කෙනෙක්. ඔහු මධ්‍යස්ථ මතධාරිනියක් වුණු ජයාට ආදරය කරලා ඇයව කසාද බඳිනවා. කසාද බැන්ඳට පස්සේ තමයි ජයාගේ හැටි කේෂව්ට දැනගන්නට ලැබෙන්නේ. මොකද කියනවා නම් ජයා කේෂව්ට එරෙහිව දිකක්සාද නඩුවක් පවරනවා. එකට හේතුව වුණේ කේෂව්ගේ නිවසෙහි ටොයිලට් එකක් වැසිකිළියක් නොතිබීම.

ඒ වගේ දෙයකට දික්කසාද වෙයිද කියලා ඔබට හිතෙන්න ඇති නේද? ඒ ප‍්‍රශ්නයට උත්තරය... ඔව්... යන්නයි. මේ සුන්දර කතාව හාස්‍ය රසය තියෙන අලුත්ම හින්දි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කේෂව් විදියට රඟපාන්නේ බොලිවුඩයෙහි ජනප‍්‍රිය නළුවෙක් වන ආක්ෂය කුමාර්. ඒ වගේම ඔහු මේ ෆිල්ම් එකේ සහාය නිෂ්පාදකයාද වෙනවා. ජයා ලෙස රඟපාන්නේ 1989 ජූලි 18 වැනිදා උපත ලද භූමි පෙඩ්නේකර්. මහාරාෂ්ට‍්‍රයෙන් හින්දි සිනමාවට දායාද කළ භූමි යාශ් රාජ් ෆිල්ම්හි සහාය අධ්‍යක්ෂකවරියක් විදියටයි සිනමාවට සම්බන්ධ වුණේ. ඊට පස්සේ ඇය 2015 වසරේදී දම් ලගා කේ හයිෂා හින්දි ෆිල්ම් එකේ රඟපාමින් එම වසරේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානයත් ෆිල්ම් ෆෙයාර් සම්මානයත් දිනා ගැනීමට සමත් වුණා.

ටොයිලට් ඒක් ප්‍රේම් කතා හින්දි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ ශ්‍රී නාරායන් සිං විසින් වන අතර මේ සිනමාපටය නිෂ්පාදනය කළේ, අරැණ භාටියා, ශීතල් භාටියා, පේ‍්‍රර්නා අරෝරා, අර්ජුන් එන් කපූර්, හිටේෂ් තක්කර් විසින්. මේ සිනමාපටය ලියා ඇත්තේ සිද්දාර්ත් සිං සහ ගරීමා වහල්, ආක්ෂය කුමාර් සමඟින් මේ සිනමාපටයෙහි අන්නුපම් ඛේර් සහ සනා ඛාන්ද රංගනයෙන් දායක වෙනවා.

ඉන්දියාවේ නිදහස් දිනය දා එනම් 2017 අගෝස්තු 11 වැනිදා තිරගත කළ මේ සිනමාපටය විනාඩි 155කින් සමන්විත වන අතර, මේ සිනමා පටය සෑදීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 18ක් වැය වෙලා. එහෙත් සිනමාපටය තිරගත වී දින කිහිපයක් තුළ බොක්ස් ඔෆීස් වාර්තා තබමින් ඉන්දියානු රුපියල් කෝටි 36ක් උපායාගෙන.

2013 වසරේදී තිරගතවුණු ගෝලියෝන් කී රාස්ලීලා රාම්-ලීලා සිනමාපටයෙහි තිර රචනය කළ සිද්ධාර්ත් සිං සහ ගරීමා වහල් විසින් ටොයිලට් කී ෙප්‍ර්ම් කතා සිනමා පටයයෙහිද තිර රචනය සිදුකොට තියෙනවා. 2012 වසරේදී අවුරුදු 19ක් වූ ප‍්‍රියංකා භාර්තී විසින් ටොයිලට් එකක් නොමැති නිසා තම සැමියාව අතහැරි සත්‍ය සිද්ධිය ඇසුරෙන් මේ සිනමාපටය සඳහා වස්තු බීජය සපයාගෙන.

ප‍්‍රවීන් ව්යාස් නැමති සිනමාපට තනන්නා විසින් ටොයිලට් ඒක් ප්‍රේම් කතා ෆිල්ම් හි සිද්ධි සහ දෙබස් මානිනි නමින් තමන් විසින් කළ වාර්තා චිත‍්‍රපටයට සමාන බැව් පවසමින් නීතිමය ලියවිල්ලක් යවලා. ටොයිලට් ඒක් ප්‍රේම් කතා චිත්‍රපටයේ ගීත ගායනා සිදුකොට ඇත්තේ, සෝනු නිගම්, ශ‍්‍රියා ඝෝෂල්, සුඛ්වින්දර් සිං, සුනිධි චව්හාන් ආදී ජනප‍්‍රිය ගායක ගායිකාවන්.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයක් වන පිරිසිදු භාරතයක් නැමති සංකල්පයක් යටතේ මුම්බයි ඇතුළු නගරයන් පුරා කැලි කසළ දමන පුද්ගලයින්ට එරෙහිව දඩ ගසමින් නීතිය හමුවට පත්කරමින් සිදුකරන යහපත් කාර්යයටද මේ සිනමාපටයෙන් ප‍්‍රවර්ධනයක් ලබා දේ. මේ සිනමා පටයෙන් ආක්ෂය සමාජයට ලබාදෙන පණිවුඩය පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි ආක්ෂයට තම ප‍්‍රණාමය පුදකොට ඇත.

ඉන්දියාවේ ජනගහනයෙන් 98ක් පමණ ජංගම දුරකතන භාවිත කළද ජනගහනයෙන් 58කට පමණ වැසිකිළි පහසුකම නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නිවාස ආසන්නව සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම නිසා ඒ සඳහා දුර ස්ථානයන්ට සහ කැලෑ බද අඳුරු ප‍්‍රදේශ සහ දුම්රිය පීලී වැනි දෑ භාවිත කරන්නට එරට වැසියන් පුරුදු වෙලා. සනීපාරක්ෂක පහසුකම් සපයාගන්නට යන කාන්තාව ලිංගික හිංසනයන්ට ගොදුරු වන බවද ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා.

ටොයිලට් ඒක් ප්‍රේම් කතා ෆිල්ම් හි අධ්‍යක්ෂක ශ්‍රී නාරායන් සිං. මේ ෆිල්ම් එකෙන් ගම් ප්‍රධානියාගේ සිට මැති ඇමැතිවරුන් විදියට දේශපාලනයෙහි නිරත වෙමින් සිදුකරන දූෂණ වංචාද හාස්‍යයට ලක්කරමින් උලුප්පා දැක්වීමට උත්සාහයක් දරනවා. එමෙන්ම කාන්තාවන්ට ගවයින්ටත් වඩා නරක විදියට හිංසනයට පීඩාවට පත් කරන හැටිද මේ කලාකෘතියෙන් පෙන්නුම් කීරීමට ප‍්‍රයත්න දරනවා.

ටොයිලට් ඒක් ෙප්‍ර්ම් කතා චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් මාධ්‍යවලට ආරාධනා කොට එහි ප‍්‍රවර්ධන කටයුත්තක් සිදුකළා. එයට ආක්ෂය කුමාර්, අනූපම් ඛේර් සහ භූමි සහභාගී වුණු අතර ඔවුනට වාඩිවීම සඳහා කොමඩ් මෙන් අනුරුවක් පුටු වෙනුවට භාවිත කොට තිබුණ මෙම වීඩියෝව ඔබටත් යූ ටියුබ් හරහා නැරඹීමට හැකියාවක් තියෙනවා. මේ මාධ්‍ය දැනුම්වත් කිරීම ප‍්‍රවර්ධන වැඩ සටහන අතරතුර මුම්බයි නගරයෙහි අවිධිමත් අයුරින් කුණු කසළ බැහැර කරන පුද්ගලයින් අල්ලා දඩ අය කිරීමට සහ උසාවියට ඉදිරිපත් කිරීමට සිටින නිලධාරීන් සහ නිලධාරිනියන් ගෙන්වා කුණු කසළ විධිමත්ව බැහැර කිරීමට ජනතාව දැනුම්වත් කිරීමක්ද සිදුකළ අතර අවසානයේ ආක්ෂය ඔවුන් සමඟින් සෙල්ෆි ඡායාරූපයන් ද ගත්තා.

ටොයිලට් ඒක් ප්‍රේම් කතා චිත්‍රපටයේ ප‍්‍රචාරක ට්‍රේලර් සඳහා ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදකයෙක් සහ රංගන ශිල්පියෙක් වන කරන ජෝහර්, ජනප‍්‍රිය නළුවන් වන සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, වරුන් ධවාන් සහ ජනප‍්‍රිය නිළි ආලියා භාත්ද පෙනීසිට ඇති අතර ඒවා වඩාත් සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් තනා ඇත.

► Text – Chandana Waravitage

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00