තුරු අග්ගිස්ස රිදී පාටින් දිලිසෙන
පිනි බිඳුව මොනතරම් ලස්සනද ඇත්තටම
අසිරිමත් හැම රෑම කළුවරට පෙම් බැන්ද
මා නොකී මගෙ කවිය පිනි බිඳුව වගේමය
සඳ සේල රන් පැහැය නුඹ අරන් දුරක ගිය
හැම රූම මං ඇඬුවේ නුඹ කොහෙද අසාගෙන
සොඳුරුතම කළුවරට රහසේම දුක කීව
ජීවිතේ ඒ දවස් මොනතරම් දුක්බරද
උරහිසේ හිස හොවන කළුම කළු කළුවරක
ලෝකෙන්ම හැංගිලා මං වින්දෙ ආදරය
අහම්බෙන් දවසකදී මඟ හැරුණු ජීවිතය
යළිත් මට හමුවුණේ හැඟුම්බර කළුවරක
කෙළවරක් නොවේමැයි කළුවරක සුයාමය
නුඹෙ සුසුම මට දැනුණ සංසාර සුළඟක්ය
හිස හොවා ළය මඬල නිදියන්න අවසරද
දම්පාට සඳ එළිය දුරක ගිය අමාවක
ඈ ඇවිත් අඬ ගසන නුඹට හිමි හීනයට
ඉගිල්ලී නුඹ යනෙන උදෑසන එන්න පෙර
මුව මඬල හංගාන පපුතුරේ කෙළවරක
හඬන්නට එකම එක ඉසිඹුවක් මට දෙන්න
► Saara