2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

කොයිතරම්නම් දුරක හිටියත් 
අදත් දැනෙනවා එදා සුවඳම 
ගං තෙරේ නුඹ හා සැඳෑවක් 
හමුවේද යළි ජීවිතේ මට 

හදවතේ මගෙ හැම ඉසව්වෙම 
ඇවිද්දේ ඇයි මගෙන් නොඅසම 
මතක නොතබා ගියානම් නුඹ 
කඳුළු අදටත් නෑ දෙනෙත් අග 

සමුඅරන් හිරු යනෙන අහසක 
සොඳුරු සිත්තම් මැවූ ගංතෙර 
එදා වාගෙම අදත් සොඳුරුය 
ළඟ නැත්තෙ ආදරේ විතරය 

සඳ ඇවිත් ප්‍රේමයත් අරගෙන 
ඒත් මං දුර යන්නෙ කොහොමද 
එකම එක දවසක් ඇවිත් නුඹ 
අරන් යනවද අපේ මතකය 

I Saara