ඉන්දියාවේ මහාරාෂ්ට ප‍්‍රාන්තය කියන්නේ රාජාවරු මහාරාජාවරු අදටත් ජීවත්වන ප‍්‍රදේශයක්. ඉංග‍්‍රීසී ජාතිකයින් ආසියාතික රටවල් යටත් විජිත විදියට පාලනය කළ කාලය තුළ මේ කියන රාජාවරු මහාරාජාවරුන්ට තිබුණේ අති විශාල බලයක්. ඔවුන් තමන්ගේ ප‍්‍රදේශයන් තුළ අක්කර ගාණක් පුරා හදලා තියෙන මාළිගාවල අති සුඛෝපභෝගීව ජීවත්වුණා. ඒ වගේම තමයි තමන් යටතේ තමන් ළඟ වැඩ කරන දුප්පතුන් පෙළමින් ජීවත් වුණු පිරිසකුත් මේ අතරේ හිටියා. මේ රාජාවරුන්ට මහාරාජාවරුන්ට අක්කර දහස් ගාණක් භූමිය විතරක් නෙවෙයි පෞරාණික වටිනාකමින් යුත් රන් රීදී මුතු මැණික් වලටත් හිමිකාරත්වයක් තිබුණා. ලෝකයේ වටිනාම දියමන්තිය හමුවෙලා තියෙන්නෙත් ඉන්දියාවෙන්නේ. අදටත් බ්‍රිතාන්‍ය මහ රැජන වන එලිසබෙත්ගේ හිස පළඳනාවකට මේ දුර්ලභ දියමන්තිය සවිකොට පළදින බව අපි හැමෝම දන්න දෙයක්නේ. ඒත් මහාරාෂ්ටය විතරක් නෙවෙයි ඉන්දියාව පුරා ජීවත්වුණු රාජාවරු මහාරාජාවරුන්ට බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉන්දියාවට නිදහස ලබාදී ඒ රටේ ධනය දේපළ සහ වටිනා සම්පත් රැගෙන යන වෙලාවේ කර ගන්න දෙයක් නැති වුණා පමණක් නෙවෙයි ඔවුන්ට තිබුණු බලය පිළිගැනීම සහ ආර්ථික තත්ත්වයත් පහත වැටෙන්නට පටන් ගත්තා. ඒත් ඔවුන් තමන්ගේ තැනෙන් පහළට නොවැටී ජීවත් වෙන්නට වෙර දැරුවා.
මේ කියන්න හදන දේ වෙලා තියෙන්නේ 1975දී. මහරුජනක් වුණු ගීතාංජලී දේවීත් ජීවත් වුණේ මහාරාෂ්ට ප‍්‍රාන්තයේ. එයාගේ මුදල් පසුම්බිය නැතිවෙන අතර ඒ නිසා ඇයට අයත් රත්තරන් තොගයක් දිල්ලියට ගෙනියන්න හදන බව මේ කියන සොර කල්ලිය විසින් දැන ගන්නවා. ඒ රත්තරන් තොගය මංකොල්ල කන්න සොර කල්ලිය තීරණය කරලා ඔවුන් ඒක කරන්න හදනවා. කතාවේ ඉතුරු ටික දැනගන්නනම් ඔබටත් 2017 සැප්තැම්බර් 01 වැනිදා තිරගත වුණු, දැනට අලෙවි වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වන බාද්ශාහෝ (රජවරැ) සිනමාපටය නරඹන්නටම සිද්ධ වෙනවා.
ඉන්දියානු රුපියල් කෝටි 65ක් වියදම් කරලා හදලා තියෙන බාද්ශාහෝ සිනමාපටය තිරගතවී දින දෙක තුනක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 40ක් පමණ උපායා ගනිමින් අලෙවි වාර්තාවලටද හිමිකම් කියනවා. මිලාන් ලූත‍්‍රියා අධ්‍යක්ෂණය කරලා තියෙන බාද්ශාහෝ සිනමාපටය භූෂන් කුමාර්, ක්‍රිෂ්ණා කුමාර් සහ මිලන් ලූත‍්‍රියා විසින් නිෂ්පාදනය කළා. මේ සිනමාපටය රචන කරලා තියෙන්නේ රජත් අරෝරා විසිනුයි.
බාද්ශහෝ සිනමාපටයෙහි ප‍්‍රධාන නළුවාගේ චරිතය නිරූපණය කරන්නේ 1969 අප්‍රේල් 02 වැනිදා ඉන්දියාවේ පංජාබයේ අම්රිත්සර්වල ඉපදුණු අජේ දෙව්ගන්. ඔහු දෙදරු පියෙක් බවත් විවාහවෙලා ඉන්නේ ජනප‍්‍රිය සුන්දර නිළියක් වන කාජල් එක්කත් කියලා අපි හැමෝම දන්න කරුණක් වුණත් ඇක්ෂන් ෆිල්ම් අධ්‍යක්ෂකවරයෙක් වන වීරු දෙවගන් ඔහුගේ පියා කියලා ඔබ දන්නේ නැතුව ඇති. නැෂනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම්ෆෙයාර් සම්මාන විතරක් නෙවෙයි ඉන්දියාවේ සිවිල් වැසියෙකුට ලබාදෙන ඉහළම සම්මනය වන පදම ශ්‍රී සම්මානයත් අජේ දෙව්ගන්ට හිමිවෙලා තියෙනවා. තමන්ගෙම ප‍්‍රඩක්ෂන් ආයතනයක් පවතගෙන යන අජේ දෙව්ගන්ට ප‍්‍රයිවට් ජෙට් එකක් පවා තියෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. බාද්ශාහෝ සිනමාපටයෙහි ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අජේ දේව්ගන් කියලා අපි ඔබ දැනගෙන හිටියත් ඔහුගේ ඇත්ත නම විශාල් වීරු දේව්ගන් කියන එක දන්නෙ බොහොම අතළොස්සක් විතරයි.
බාද්ශාහෝ සිනමාපටයෙහි ප‍්‍රධාන නළුවා ගැන ගොඩක් විස්තර ඔබට කිව්ව නිසා මේ කතාවේ ගීතාංජලී රැජනට පණ පොවන්නේ කවුද කියලා දැන් කියන්නම ඕනනේ නේද? 1987 නොවැම්බර් 01 වැනිදා පූනේ වල කතෝලික පවුලක ඉපදී ගෝවේවල හැදී වැඩුණු මේ සුරූපිනිය නම කිව්ව ගමන් ඔබ හැමෝම දන්නවා. ෆිල්ම්ෆෙයාර් සම්මන පවා දිනාගෙන තියෙන ඇය නමින් ඉලේනා ඩී කෲස්.
1979 මාර්තු 24 වැනිදා මහාරාෂ්ටවලදී ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් විදියට ඉපදුණු හින්දි සිනමාවෙහි කිසස් ඔෆ් ලයිෆ් කියලා කියන නළුවා ගැනත් කියන්නම වෙනවා. මොකද එයත් මේ සිනමා පටයෙහි රඟපානවා. මුම්බායී විශ්වවිද්‍යාලයෙන් උපාධියක් පවා හිමිකරගෙන මේ නළුවාගේ මිත්තනිය පූර්නිමාත් ජනප‍්‍රිය සිනමා නිළියක්.
යුවතියන්ගේ සිත් වශීකරගෙන සිටින මේ විවාහකයා වෙන කවුරුවත් නෙවෙයි ඉම් රාන් හෂ්මියි. ඔහුත් බාද්ශාහෝ සිනමාපටයෙහි රංගනයෙන් දායකවෙනවා.
Jannat 2, Chakravyuh (2012), Humshakals (2014) Raaz 3D (2012) Rustom (2016). මෙන්න මේ සිනමාපටවල රඟපෑව සුරූපිනිය ඔබට මතක ඇති කියලා හිතනවා. මොකද මේ කියන්න හදන කෙනා තමයි බාද්ශාහෝ සිනමාපටයේ සංජනා ලෙසින් රඟපාන්නේ. 1985 නොවැම්බර් 28 වැනිදා ඉන්දියාවේ නවදිල්ලිවල්දී ගුවන්හමුදා නිලධාරියෙකුගේ දියණියක් ලෙසින් ඉපදුණු ඇය. 2007 වර්ෂයේදී ෆෙමිනා මිස් ඉන්ටර්නැෂනල් විදියට කිරුළු පැළදුවා. ඇය ජනාමාධ්‍ය පිළිබඳව උපාධිධාරිනියක්ද වන අතර ඇය නමින් ඊශා ගුප්තා.
බාද්ශාහෝ සිනමාපටයෙහි අජේ දෙව්ගන් හවානි ලෙසත්, ඉල්ලෙනා ඩී කෲස් ගීතාංජලී ලෙසත්, ඉම්රාන් දාලියා ලෙසත්, චරිත නිරූපණය කරනවා.
ඒ වගේම මේ සිනමාපටයේ එක ගීතයක් සඳහා (පියා මොරෙ) ඉන්දියාවේ පංජාබ් ප‍්‍රදේශයේ 1981 මැයි 13 වැනිදා ඉපදී අමෙරිකාවේ හැදුනු වැඩුනු කරෙන්ජිත් කෞර් වොහ්රා හෙවත් සනී ලියෝන් ඉම්රාන් හෂ්මි සමඟින් පෙනී සිටිනවා. එම ගීතය අනිසි දසුන් සහිත ගීතයක් යැයි විචාරකයින් පෙන්වා දුන්නත් එය මේ දිනවල අන්තර්ජාලය මගින් වැඩිම පිරිසක් නැරඹූ ගීතය බවටත් පත්වෙලා තියෙනවා.
බාද්ශාහෝ සිනමාපටයෙහි ඇති සුන්දර ගීතයන් නුස‍්‍රත් ෆතේ අලි ඛාන්, රහත් ෆතේ අලි ඛාන්, අන්කිත් තිවාරී, මිකා සිං, නිටී මෝහන්, ආර්.ඩී බර්මන් ඇතුළු ගායක ගායිකාවන්ගේ හඬින් රසවත් කොට තියෙනවා.
මීට දායක කර ගැනීමට කරීනා කපූර්, කත‍්‍රිනා කයිෆ්, ශෘති හසන් සහ ප‍්‍රියංකා චොප්රාව තෝරාගෙන තිබුණද අජේ දේව්ගන් එයට විරුද්ධ වූ නිසා ප‍්‍රධාන නිළිය වෙනස් කිරීමට සිදුවුණා. ඒ වගේම කරීනා සහ කත්‍රිනා පිටපතට කැමැත්තක් පළ කළද ඔවුන් දින පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා සිනමාපටය භාර නොගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණා. මේ දිනවල අති සාර්ථකව බාද්ශාහෝ සිනමාපටය ප‍්‍රදර්ශනය වන බව අප හැමෝටම පෙනෙන්නට දකින්නට තියෙන සත්‍යක්.
(ඉන්දිය මාධ්‍ය වාර්තා ඇසුරෙන්)
Translation – Chandana Waravitage