මේ සාහිත්‍ය මාසයනේ. වෙන කාලෙට වඩා මේ සැප්තැම්බරය වැඩිපුරම පොත්පත් කියවන කාලයක්නේ. කොච්චර රාජකාරි කටයුතු තිබුණත් මේ කාලේදී අපේ කලාකරුවන් කලාකාරියනුත් හරි හරියට පොත් කියවනවා. ඉතින් බලමු ඒ අයගේ හිතට දැනිච්ච පොත මොකක්ද කියලා.
ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම පොත් කියෙව්වා. ඉස්කෝලේ තිබුණ බුක් ෂොප්වලින් එහෙමත් මම ගෙදරට පොත් අරගෙන එනවා. හැබැයි ඒ ගෙනාපු හැම පොතක්ම ඒ කාලේදී කියෙව්වද කියන ප්‍රශ්නය අද මගේ හිතේ තියෙනවා. සමහර පොත් ගෙදර ගෙනල්ලා බාගෙට කියෙව්වා. සමහර පොත් සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඉස්කෝලේ යන කාලේදි මම හරිම ආසාවෙන් ඔය රහස් පරීක්ෂක පොත් කියෙව්වා. පසු කාලේදිනම් මම හරි රහට පොත් කියවනවා.
ඒ අතරින් තාමත් මගේ හිතේ රැඳිච්ච පොතක් තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං කියන නවකතාව. හැබැයි මම අන්තිමට කියවපු පොත තමයි ගාමිණි වියන්ගොඩගේ විසේකාරී. ඒක මම කියවලා ඉවර කළේ බොහෝම මෑතකදියි. සාහිත්‍ය මාසේ කියලා නෑ. කොහොමත් මම හැම මාසෙකටම සැරයක් පොතක් ගැනීම පුරුද්දක් විදිහට කරනවා. ඒ ආසාවෙන් ගත්තු පොත් මම හරිම පරිස්සමින් තියාගන්නවා. එහෙම හරිම පරිස්සමින් තියාගත්තු මගේ පොත් රාක්කේ පොත් මම වැඩිකරගන්න තමයි හැම වෙලේම උත්සාහ ගන්නේ.
පුංචි කාලේ මම හරිම ආසාවෙන් කියවපු පොත් පෙළක් තමයි පිප්පි කියන්නේ. ඒක බොරු කියන පුංචි ගෑනු ළමයෙක් ගැන කියන පොත් පෙළක්. මට මතකයි මම ඒක හරිම ආසාවෙන් කියවනවා දැකලා මට පිප්පි කතා පෙළේ පොත් තුනක්ම ගෙනත් දුන්නා. ඒ වගේම ආර්.කේ. නාරායන්ගේ මල්ගුඩි දවස පොතත් මම හරිම ආසාවෙන් කියෙව්වා මතකයි.
ඒකේ සමහර තැන් මගේ හිතට තදින්ම වැදුණා. තව එහෙම ඉස්කෝලේ යන කාලේ හරිම ආසාවෙන් කියවපු පොතක් තමයි හරි අපූරු ඉස්කෝලේ කියන පොත. මගේ අම්මා ගොඩාක් පොත් කියවනවා. ඉතින් හරි ලස්සන පොතක් අම්මා කියෙව්වම එයා මටත් ඒක දීලා මේ පොත කොහොමහරි කියවන්න කියලා කියනවා. එහෙම අම්මා ගෙනත් දීපු මගේ හිතට දැනිච්චි ළඟකදී මම කියවපු පොත තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං
ළඟදිනම් මම එහෙම පොතක් අරගෙන එකදිගට කියවපු දවසක් මතක නෑ. හැබැයි මම හරිම ආසාවෙන් අන්තිමට කියවපු පොත තමයි ධර්මසිරි පතිරාජගේ සක්කාරං පොත.
ඉස්සරනම් මම ගොඩාක්ම ආතර් සී ක්ලාක් ලියපු 2010 පොත වගේ තාරකා විද්‍යාවට සම්බන්ධ පොත් නිතර නිතර කියෙව්වා. ඒ වගේම මම හරිම ආසාවෙන් ශ්වෝලොක් හෝම්ස් රහස් පරීක්ෂණ පොත් කියෙව්වා. නවකතා කියවනවට වඩා මම හරිම ආසාවෙන් එක හුස්මට රහස් පරීක්ෂක පොත්, අත්භූත පොත් කියවන්න හරි ආසයි.
පුංචි කාලේ ඉඳන් මම පොත් කියවන්න නම් හරිම ආසයි. කොහොමටත් සාහිත්‍ය මාසේදි මම පොත් කීපයක්ම ගන්නවා. ගිය අවුරුද්දේනම් මට පොත් ගන්න Book Fair එකට යන්න බැරිවුණා. 2015 අවුරුද්දේනම් මම Book Fair එකට ගිහින් පොත් අරගෙන ආවා.
ඉස්සර මම ඉස්කෝලේ යන කාලේදී මම හරිම ආසාවෙන් කියවපු පොත් තමයි රහස් පරීක්ෂක පොත්. සමහරදාට ඉස්කෝලේ පාඩම් නතර කරලා මම එක හුස්මට ඒ වගේ පොත් කියවලා තියෙනවා. මෑත කාලේදි කියවපු පොත් අතරින් මම හරිම ආසාවෙන් කියවපු තාමත් මගේ හිතට දැනෙන පොත තමයි බල්ලෙකුගේ හදවත කියන පරිවර්තන පොත. ඒකත් මම එක හුස්මට කියෙව්වා. ඉස්සර රහස් පරීක්ෂක පොත් කියෙව්වට දැන් මම වැඩිපුරම කැමති පරිවර්තන පොත් කියවන්නයි. ඊට අමතරව නවකතා කෙටිකතා පොත් එහෙමත් මම කියවනවා.
පුංචි කාලේ ඉඳන්ම මම පොත් කියෙව්වේ නැතත් ඉස්කෝලේදී නවය වසර දහය වසර වගේ පන්තිවල ඉඳිද්දි මම පොත් කියවන්න පටන් ගත්තා. මෑත කාලයේදී මම එහෙම බුක්ෂොප්වලට ගිහින් පොත් ගන්න පුරුදු වෙලා නොතිබුණාට පොත් කියවන කීපදෙනෙක්ම මම ළඟින්ම ඇසුරු කරනවා.
ඒ අතරින් රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක විශේෂයි. ළඟකදි මට තරංග අයියා හරි ලස්සන පොතක් දුන්නා. ඒකේ තම පොලියානා. ඒක පරිවර්තනයක්. ඇත්තටම තාමත් මගේ හිතට තදින්ම දැනෙන පොත තමයි පොලියානා
► Text - Jayamali / Pic - Internet