2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

වසන්තයේ කෙළවරකදි
ගිම්හානයේ හීන අස්සෙ 
නුඹෙ ගින්දර ඇස් අස්සේ 
ආදරයද මං දැක්කේ 

ඈත ඉඳන් සීත සුළඟ 
ළඟට ඇවිත් කොපුල් සිඹින 
විහඟ ගීත ගොලුවී ගිය 
හැන්දෑවද මං දැක්කේ 

අතීතයේ දවස් ඇවිත් 
ගිහින් එන්න අඬ ගසද්දී 
නෙත් විල්තෙර කඳුළු අස්සේ 
සමුගැන්මද මං දැක්කේ 

රෝස කුසුම් අනන්තයක 
සඳත් එක්ක කතා කරන 
හැඟුම්බරම එක මොහොතක 
ජීවිතයද මං දැක්කේ

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00