චිත්‍රපටවල, ටෙලි නාට්‍යවල රඟපෑමේ පිපාසාවෙන් පෙළෙන තරුණ තරුණියෝ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්නට සැදීපැහැදී ඉන්න බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
ඒත් රංගන අවස්ථා ලබා ගැනීමට අපහසු වන්නේ තරුණයන්ටය. එවැනි තරුණයෙක් අලුත් චිත්‍රපටයක සම්මුඛ පරීක්ෂණයකට පෙනී හිටියලු. ඒකෙන් තේරිලා චිත්‍රපටයේ චරිතෙකුත් ලැබුණලු. ඒත් එදායින් පස්සේ කවුරුත් ඔහුට කතා කරලා නැහැ.
අධ්‍යක්ෂකවරයාට කතා කළාට ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. කොහොම හරි කොල්ලට මේ අධ්‍යක්ෂකවරයාගෙ බිරිඳගෙ දුරකථන අංකය හම්බවෙලා. ඇය තමයි චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරිය.
“මිස් මම එදා ඉන්ටවිව් එකට ඇවිත් පාස් වෙච්ච නළුවෙක්. මට කවදද ෂූටිං තියෙන්නෙ... ඔහු අධ්යක්ෂකගෙ නෝනගෙන් අහලා. නෝනා ෆෝන් එක දීලා එයාගෙ මහත්තයට.
“අයිසේ මේ... මේකෙ අධ්‍යක්ෂකවරයා මමයි හරිද මගේ නෝනා නෙවෙයි. ඔයාට ෂූටිං තියෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ මම. නෝනා නෙවෙයි. මම කෝල් එකක් දෙනකම් අපට කරදර නොකර හිටියොත් හොඳයි. අධ්‍යක්ෂකවරයා කිව්වලු.
එක්තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වන ජනප්‍රියතම ටෙලි නාට්‍යයක අධ්‍යක්ෂකවරයා ඔහුගේ වගකීම් පැහැර හැරීම ගැන කේෂත්රයේ බොහෝ අය කතා කළේ නොසතුටින්.
සෑම රූපවාහිනී නාලිකාවක්ම ප්‍රේක්ෂකයින් තමන් වෙත නතු කරගැනීම සඳහා තියුණු තරගයක නියැලී සිටින මෙවැනි කාල වකවානුවක එම ටෙලි නාට්‍යයේ අධ්යක්ෂවරයා දින තුනක විනෝද චාරිකාවක් සඳහා සීතල පළාතකට ගොස් තිබෙන්නේ තමාගේ වගකීම් කොටස සහාය අධ්‍යක්ෂකවරයා හට පැවරීමෙන්.
ජනප්‍රිය චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නළුවෙක් මේ ළඟදී දවසක ඔහුගෙ යාළුවෙක් එක්ක ජීවිතේ මුල්ම වතාවට නයිට් ක්ලබ් එකකට ගියාලු.
යාළුවාගේ පෙරුත්තයට ගියා මිසක් ඔහු සාමාන්‍යයෙන් නයිට් කලබ්වල ගැවසෙන නළුවෙක් නොවන බව කේෂත්රය අය වගේම ඔහුගේ හිත මිතුරන්ද හොඳින් දන්නා කාරණයක්.
දිලි දිලි නිවී පත්තුවෙන පාට පාට විදුලි බුබුළු එලියෙන් යාළුවා සමඟ සමාජශාලාවට ඔහු ඇතුළුවෙලා අසුන් ගත්තා. හතර් වටේම කට්ටිය කනවා, බොනවා, නටනවා.
ඔහුගෙ ඇස් එක පාරටම නතර වුණේ හුරුපුරුදු මුහුණක් ළඟ. ඔහුගේ සහෝදර කලා ශිල්පියෙක්. රඟපාන්නෙ තාත්තාගෙ චරිත. ඒත් ඔහු වටකරගෙන නාඹර ලියන් හතර පස් දෙනෙක්. තරුණ නළුවගෙ ඇස් අදහගන්නවත් බැරිලු.
“කොහොමද අයියෙ...
“අම්මේ ඔයා කොහෙද මෙහෙ. ගුඩ් ගුඩ්... කලබල වෙන්න එපා මචං මේ බබාලා මගේ දරුවො වගේ... බබාලා වගේ... අර ප්‍රවීණ නළුවා කිව්වලු.
එදා මීගමු පාරේ සිනමාශාලා කීයක් නම් තිබුණාද? අසෝකා සිනමාහලෙන් පටන් ගත් විට සෙයින්ස්නාස්, ගැමුණු පැලස්, සමුද්‍රා, නිල්මිණි, රත්නාවලී සිනමාශාලා එදා තිබුණත් අද මේ කිසිවක් නෑ.
අද මීගමු හමුවන පාරේ පළමු සිනමාහළ ජාඇළ K-ZONE සංකීර්ණයේ විස්ටා සිනමා ශාලාව. ඉන් අනතුරුව සිනෙමැක්ස් හා කටුනායක ජයලත්.
එදා මීගමු පුරවරයෙන් කලා ශිල්පීන් සිය ගණනාවක් බිහිවුණාද අද ඒ ප්‍රදේශයේ තිබුණු සිනමා ශාලාද වැසී ගොස්.
කොළඹ ප්‍රධාන පෙළේ සිනමා ශාලාවක් අමතර ආදායමක් ඉපැයීම් සඳහා ජංගම දුරකථන රීලෝඩ් කාඩ්පත් විකුණන තත්ත්වයට පත්ව තිබෙනවා.
මෑතකදී රූගත කෙරුණු අලුත්ම ටෙලි නාට්‍යක පෙම් යුවල හැටියට රඟපාන්නෙ අලුත් නළු නිළි ජෝඩුවක්.
කතාවෙ හැටියට මේ දෙන්නට එකට එකතු වෙන්න ලැබෙන්නෙ දැඩි බාධක, කම්කටොලු මැද. දෙමවුපියන්ගෙ ආශිර්වාද ලබා ගන්න පුදුම සටනක් දෙන්න වෙනවා මේ තරුණ ජෝඩුවට. ඉතාම සංවේදී මේ දර්ශන පෙළ රූගත කිරීමට සෑහෙන වේලාවක් සැලසුම් කළ අධ්‍යක්ෂකවරයා දර්ශන පෙළ රූගත කිරීමට පටන් ගත්තා.
මේ සීන් ටික අපි එක ගැම්මට ගමු. එතකොට ඒක හරිම තාත්වික විදිහට එයි. අධ්‍යක්ෂක කිව්වලු. ඔන්න දැන් දර්ශන පෙළ රූගත කරමින් යනවා. දෙමවුපියන්ගෙ මෙන්ම කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් කඳුළුවලින් පිරිලා. අධ්‍යක්ෂකට මාර සතුටුයි. දැන් තියෙන්නෙ අවසාන දෙබස් කාණ්ඩ ටික.
කොල්ලා ළඟට කඳුළු පිරි දෙනෙතින් ළංවෙනවා.
අයි ලව් යූ මගෙ කෙල්ලෙ... එහෙම කිව්වා විතරයි කෙල්ලට බකස් ගාලා හිනා ගියාලු. අධ්‍යක්ෂකට මල පැන්නලු.
► Text – Mithra