2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

කහපාට කොළ හැලෙන වීදියේ කෙළවරක 
නුඹේ යස උරහිසේ හංඟාන මගේ හිස 
ජීවිතේ තිත්ත රස ඈතකට වීසීකර 
මගේ හිතටත් හොරෙන් මං වින්දෙ ප්‍රේමයද 

දුක්බරම පිටු අස්සෙ කවියක්ය අතීතය 
ලියූ හැම පදයකම නුඹත් අකුරකි සොඳුර 
සංසාර සඳ ඇවිත් ආදරය කියාදෙන 
රාත්‍රිය තරමටම ජීවිතෙත් සුන්දරය 

නොකියාම සමුගත්ත අවසාන හැන්දෑව 
හැමදාම දිනපොතේ කවියකට අකුරක්ය 
තාම මඟ බලා ඉමි නුඹ එතැයි සිතාගෙන 
එන්න කළු දළ මලක් අරන් මගෙ තනිකමට 

තාම මට හමුනොවුණ නුඹ කීව ජීවිතය 
මං තාම හොයනවා ආදරෙන් කියවන්න 

පියාපතක් වන් ජීවිතයක් ගෙන 
අායෙත් දවසක අැවිදින් යනවද?

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00