2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

යැංකි රටේ හැඩ-වැඩකාරී

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153

මේ ඉන්දියාවේ තියෙන රමණීය ප‍්‍රදේශයක් .මේ පළාතට කියන්නේ ගුජ් රාත් කියලයි. මේ පළාත කොළපාට ගහකොල වලින් පිරිලා තියෙනවා. සුදු ලස්සන කෙල්ලක් ලොකු බෑග් එකකුත් අපහසුවෙන් ඔසවාගෙන කොහේදෝ යනවා. මේ ලස්සන කෙල්ල හිනාවෙද්දී හරිම ලස්සනයි. ඉටි රුපයක් වගේ. මේ කෙල්ල හිනාවෙද්දී කම්මුල් දෙක වළ ගැහෙනවා. ඒත් මේ කෙල්ලගේ ඇඳුම් ආයිත්තම්වලින් නම් පේන්නේ එයා ගමක හැදුණු වැඩුණු කෙල්ලෙක් කියලයි. ඒක ඇත්ත. එයා හැදුෙණ් වැඩුෙණ් ගමක. එයාගේ නම... එයාගේ නම ප‍්‍රෆුල් පටෙල්. එයා මේ ඔසවාගෙන යන්න බැරි තරම් බෑග් එක ඔසවාගෙන යන්නේ රස්සාවකට යන්නයි. ඒකත් ඉන්දියාවේ නෙවෙයි.

එයා යන්නේ අමෙරිකා එක්සත් ජනපදයටයි. නිවසක මෙහෙකාරියක් විදියට ඇට්ලැන්ටාවලට යන ප‍්‍රෆූල් පටෙල්ට කාලයක් ගත වෙද්දී දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ඇයගේ සිහිනවලට අත් තටු දෙන්න බැරි බව ඇයම තේරැම් ගන්නවා. ඒත් අද අපේ කතාවේ නායිකාව ප‍්‍රෆූල් පටෙල් තමන්ගේ සිහින සැබෑ කර ගන්නවා. ඒ කොහොමද කියලා දැන ගන්නනම් ඔයාටත් හන්සල් මෙහතා අධ්‍යක්ෂණය කළ, භුෂන් කුමාර්, ශෛලේෂ් ආර් සිං, අමිත් අග‍්‍රාවල් විසින් නිෂ්පාදනය කළ 2017 සැප්තැම්බර් 15 වැනිදා සිට තිර ගත වුණු සුන්දර සිනමාපටයක් වන සිම්රන් නරඹන්නම වෙනවා. විනාඩි දෙසීය තිස් අටක් පුරා ඔබව අමන්දානන්දයට පත්කරන මේ සිනමාපටය පළවෙනි දින දෙක තුළ බොක්ස් ඔෆිස් වාර්තා තියන්නත් සමත් වූ සිනමාපටයක් බව කිව යුතුමයි.

සිම්රන් සිනමාපටයේ රංගනයේ යෙදෙන ප‍්‍රධාන නිළිය ගැනත් කියන්න බොහෝ දේවල් තියෙනවා. 1986 මාර්තු 23 වෙනිදා හිමාචල් ප‍්‍රදේශ්වල භාම්බ්ලාවල ගුරුවරියකට සහ ව්‍යාපාරිකයෙකුට දාව ඉපදුණු මේ ලස්සන කෙල්ලට සහෝදරියක් සහ සහෝදරයෙක්ද සිටිනවා. ඇය මේ වනවිට ෆිල්ම් ෆෙයාර් සම්මාන වගේම නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් පවා හිමි කරගෙන සිටිනවා. නිරූපණ ශිල්පිනියක් ලෙසින් කරළියට පැමිණි ඇය මේ වන විට ලොවම හඳුනන සිනමා නිළියක්. ඇය රංගනයෙන් දායක වුණු සිනමාපට සියල්ලක්ම පාහේ සාර්ථකත්වයට පත්වූ නිසාම වැඩිම මිලක් අය කරන බොලිවුඩ් නිළියන්ගේ ලැයිස්තුවේ ඉඩක් ඇයටත් හිමිවී තිබෙනවා. ඇය නමින් කංගනා රනවුට්. මෙන්න මේ සිනමාපට ඔබ නරඹලා නැත්නම් ඒවා නැරඹීමෙන් ඇයගේ දක්ෂතා දැක බලා ගන්නට අවස්ථාව තියෙනවා.

2006 Gangster, Woh Lamhe (2006), Life in a... Metro (2007) Fashion (2008). Once Upon a Time in Mumbaai (2010), Tanu Weds Manu Krrish 3 (2013), Queen (2014). 2015, Tanu Weds Manu Returns, Game, Double Dhamaal, Rascals, Miley Naa Miley Hum. Tezz, Shootout at Wadala (2013) 
දෙමාපියන් කංගනාව වෛද්‍යවරියක් කරන්නට උත්සාහ දැරුවත් කංගනා තෝරාගත්තේ රංගනයයි. ඇය නිරුපණ ක්ෂේත්‍රයට පා තැබීමට පෙරාතුව අර්වින්ද් ගවුර් කියන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ අස්මිතා නාට්‍ය කණ්ඩායමේ රංගන ශිල්පිනියක් ලෙසින් කටයුතු කොට තියෙනවා. මේ වනවිට තමන්ගේ සහෝදරිය රංගෝලි සමඟින් මුම්බායිවල ජීවත් වන කංගනා නිරන්තරයෙන්ම සාමාන්‍ය කෙනෙක් මෙන් ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් බවත් කියන්න ඕනෑ.
සිම්රන් සිනාමාපටයේ දෙබස් අපූර්ව අස‍්‍රානි විසින් ලියා ඇති අතර අතිරේක දෙබස් කංගනා රනවුට් විසින් ලියලා තියෙනවා. කංගනා සමඟින් මේ සිනමාපටයෙහි සෝහම් ශාහ, ඊශා තෙවාරි පාන්ඩේ, අනීශා ජෝශී රංගනයෙන් දායක වෙනවා. සචින් සහ ජිගර් විසින් සංගීතවත් කොට තිබෙන මේ සිනමාපටයේ ගී පද මාලා ප‍්‍රියා සරයියා සහ වායු විසින් සිදු කරලා තියෙනවා. මෙම සුමියුරු ගීතයන් ගුරු රන්ධවා, ජොනිතා ගාංධී, සුනිධි චවුහාන්, අර්ජිත් සිං, ශල්මලි ඛොල්ගඩේ, මෝහිත් චවුහාන් සහ අදිති සිං ශර්මා යන ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬවලින් විචිත‍්‍රවත් කොට තියෙනවා.

සිම්රන් සිනමාපටය සන්දීප් කොවුර්ගේ බොම්බ්ෂෙල් බැන්ඩිට් කියන සන්දීප් කොවුර්ගේ සත්‍ය ජීවිත කතාව මත පදනම් ව නිර්මාණය වූවක් බව තතු දන්නන් විසින් ඉන්දියානු මාධ්‍යවල සඳහන් කර තිබුණා. කංගනා කොවුර්ගේ සපත්තු පැළඳීමට උත්සාහ දරා ඇති බවද ඉන්දියාවේ මාධ්‍යවල සඳහන් කොට තිබුණා. සිම්රන් සිනමාපටයේ ගුජ්රාත් ලෙස යොදා ගත්තද සත්‍ය කතාවට පදනම්වූ කාන්තාව චන්ඩිගර්වල අයෙක් බවද ඔවුන් කියනවා. සිම්රන් සිනමාපටය සඳහා තරු 05ක් ලබා දුන්නද එයට හිමි විය යුත්තේ තරු 03 පමණක් බව ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පතේ සඳහන් වුණා. මේ සිනමාපටයේ මස් කුට්ටියක් ඇතත් එයට නිසියාකාරයෙන් තුන පහ ලුණු ඇඹුල් එක්කාසු නොකොට ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්. මේ මොන දේ කිව්වත් සිම්රන් සිනමාපටය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් අලෙවි වාර්තා තබමින් මේ දිනවල ඉන්දියාව ඇතුළු ලොව රටවල් රාශියක අතිසාර්ථකව ප‍්‍රදර්ශනය කරනවා. 

ඉන්දියාවේ මාධ්‍ය ඇසුරෙන් 

 

► Translation – Chandana Waravitage

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00