හැංගිලා ඇවිත් සඳවත
ඉඟි පාන මහරෑක
සඳ යහනෙ කෙළවරක
සිහින සිත උණුසුම්ය
පපුතුරේ සංසාර
ඉසව්වක ආදරය
ජීවිතේ කටු අත්ත
සුවඳ කළ එකම මල
එක්වරක් සිඹිනු මැන
ඇති තරම් හිනැහෙන්න
ජීවිතේ අවසාන
හිනාවත් ඔබ ළඟය
ආදරෙන් අරගන්න
මේ ළතෙත් කඳුළු බිඳ
අනන්තය තරම් දුර
සංසාරෙ පුරා එන
කල්පයක් රිදුම් දෙන
වේදනා සුසුම්සර
අඳුර මැද ඉකිබිඳින
අසම්මත කුසුම මම
I Saara