පසුගියදාක චිලීට හරි අපූරු අභියෝගයක් ලැබුණා. ඒ තමයි බේබි ශානිකාව උස්සන අභිෙයා්ගය. හැමෝම බේබි ශානිකා කිව්වට දැන් බේබි ශානිකා බේබිත් නැහැනේ. දරුවන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. හැබැයි ඉතින් අභියෝගය නම් චිලී පිළිගත්තා. චිලී එහෙම අභියෝගය බාරගත්තම ශානිකා නම් හිටියේ මර බයෙන්. කොහොමෙන් කොහොම හරි අභියෝගය දින්නා කිව්වට මේ දවස්වල නම් චිලී ලංකාවේ පේන්නේ නෑ. හොයලා බලද්දී ඉන්නේ ඉතාලිවල. ඒ මොකද කියල දැනගන්නයි ශානිකාගේ දැන් තත්ත්වය කොහොමද කියලා දැනගන්නයි එක්ක අපි මේ දෙන්නටම කතා කළා.
ශානිකා... ළඟකදී ශානිකාගේ බර කිරුවා කියලා ආරංචියි...?
ඔව්... ඔව්... ළඟදී බරනම් කිරුවා. හැබැයි ඒ තරාදියක නැගලා නෙමේ. චිලී උස්සලා. එක වැඩසටහනකදී රංගන අයියා චිලීට අභියෝගයක් දුන්නා. ඒ අභියෝගයට චිලී මාව ඉස්සුවා.
චිලී උස්සන්න කළින් ශානිකාගේ බර කීයද...?
සාමාන්‍යයෙන් දැන් මාසයකට කළින් බර කිරලා බලද්දී නම් මගේ බර කිලෝ එකසිය පහළොවකට තමයි තිබ්බේ. දැන්නම් කීයද දන්නේ නෑ. හැබැයි දැනුවත්ව නම් වැඩිවෙලා නැහැ. කොහොමහරි චිලීයා ඒ ගාණ තමයි උස්සන්න ඇත්තේ.
හිතුවද චිලී උස්සයි කියලා...?
ඇත්තටම චිලී මාව උස්සන්න හදද්දී මට මතක් වුණේ මගේ දරුවෝ තුන්දෙනා. සාමාන්‍යයෙන් මම එක තැනකට වෙලා ඉන්න හරි බයයි. ඉතින් මූ මාව වට්ටලා මගේ කොන්ද කැඩුණොත් මම එකතැන් වෙනවානේ. අනික මට එකතැනකට වෙලා ඉන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයිනේ. කොහොම හරි මූ මාව උස්සලා ෂේප් එකේ අයෙත් මාව බිමින් තිබ්බා. චිලීමයි මම බෑ බෑ කියලා කියද්දී Come Come baby කියලා ආවා. Come Come baby තමයි මගේ කොන්ද කැඩුනනම්.
ළඟකදී ශානිකාගේ මහත්තයාවත් ශානිකාව උස්සලා නැතිව ඇති...?
නෑ... නෑ... උස්සනවා. සාමාන්‍යයෙන් හස්බන්ඩ් අපේ ගෙදර අය ඔක්කොම සෙල්ලම් කරන වෙලාවට එකා එකා කරේ තියාගන්නවා. ඒ වගේ වෙලාවට මාවයි, ලොකු දුවයි කරේ තියාගත්තාම එයා පොඩ්ඩක් පැරලයිස් වෙලා වගේ පැත්තකට වෙලා හිටපු ගමන් ඉන්නවා. මුලින් එයා පොඩි ඇටයෝ දෙන්නම කරේ තියාගන්නවා. ඊට පස්සේ ඉතිරි වෙන්නේ මායි ලොකු දුවයි විතරයිනේ. ඉතින් අපි දෙන්නත් කොහොම හරි කියලා කියලා හස්බන්ඩ්ගේ පිටට නඟිනවා. ඉතින් හස්බන්ඩ් මහතයි චිලීට වැඩිය. චිලී හරියට රිටක් වගේ උසයිනේ. ඒකයි මම බය වුණේ.
ශානිකා චිලී ඉස්සුවට පස්සේ ශානිකාට අමාරුවක් වුණේ නැහැ නේද...?
නෑ... නෑ... මට නම් අමාරුවක් වුණේ නැහැ. හරිම ජොලියේ හිටියා. මම චිලීගෙනුත් ඇහුවා මොකද අමාරුද කියලා. කියන්නේ නම් නෑ කියලා තමයි... අමැරු වුණත් දැන් නැහැ කියාවි...
ඔන්න ඉතින් ශානිකාගෙන් ඒ ගැන අහපු එකේ අපි චිලීගෙනුත් ඒ ගැන අහුවා. හැබැයි චිලී හිටියේ ඉතාලියේ.
ඇත්තද චිලී කොන්දෙ අමාරුවට බෙහෙත් කරන්න ඉතාලි ගියා කියන්නේ...?
කවුද අප්පෙ ඔය බොරුව කිව්වේ. මම මේ ආවේ ඉතාලි ප්‍රසංගයකට.
එතකොට පසුගිය කාලයේදී බර ඉසිලීමේ තරගයකට සභගාගී වුණා කියන කතාව මොකද්ද...?
ආ... මම දන්නවා ඔය කියන්නේ මොකද්ද කියලා.රූපවාහිනි වැඩසටහනකදී රංගන අයියා මට එක අභියෝගයක් දුන්නා. කොහොමත් මම ආසයි අභියෝගවලට.
ඔය චිලී උස්සපු වැඩිම බරද...?
ම්... පුංචි කාලේ ඉඳන් මම බර වැඩනම් කරනවා. බර උස්සනවා. ඒ නිසා ඒක මට අමාරුවක් වුණේ නෑ. හැබැයි සීරියස්ලි ළඟදී උස්සපු බරක් තමයි මේ. මොකද පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් දෙන්නත් එක්කම බිම. එහෙම වුණොත් වස ෙනා්ණ්ඩියන්නේ. ශානිකානම් කියන්නේ එයාගේ බර එකසිය පහළොවක් විතර ඇතිලු. ඉතින් මම කොහොම හරි එකසිය පහළොව ඉස්සුවා. අනික මේක කෙලින් අතට උස්සනවා නෙමෙයිනේ. හරහටයි ඉස්සුවේ. ඉතින්... ටිකක් බර වැඩියි.
උස්සලා බිමින් තිබ්බට පස්සේ චිලීට කොන්දෙ අමාරුවක් හැදුනා කියලයි ආරංචියි...?
අනේ... නෑ... ඕක බොරුවට කියන කතා අනේ... ශානිකාත් මට මෙහාට මැසේජ් එවලා ඇහුවා චිලී උඹට අමාරුද කියලාත්... අනේ එහෙම අමාරු වුණේ නෑ...
► Text -Jayamali / Pic- Sumudu