2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට 
යස ඉසුරු කුමකටද නුඹ ළඟින් හිඳීනම්  
ආදරයෙ සඳ සිහින කඳුළු වැහි වැස්සකට 
තෙමී හේදෙන්න පෙර මං හිතුවෙ එහෙමමයි
 

අනන්තයෙ කෙළවරක නැගුණ තනි තරුවකට 
මහපොළොවෙ පය ගසා පෙම් කළෙමි ඉඳින් මම 
නොඉල්ලා පියාපත් තනියෙන්ම ඉගිල්ලෙන
කවුරුත්ම නාඳුනන හුෙදකලා කිරිල්ලිය 

ලෝකයම එරෙහි වී සරතැසින් මා දැවෙන සඳ 
පපුතුරේ හිස හොවමි කඳුළු ගඟ සඟවාන 
ඇගෙ ලොවෙත් මගෙ ලොවෙත් නුඹ ලීව කුරුටු ගී 
අසම්මත අයිතියක අවසාන පෙරවදන 

ඉල්ලාන මරණයම නුඹ ගොසින් මහ දුරක 
මට අයිති හිනාවත් ප්‍රේමයත් අරගෙනම 
නෑවිදින් කෙලෙසකද නුඹ ඉන්න ඉසව්වට 
මං එනවා නොවැරදී හිත තුටින් නුඹ ඉන්න 

I Saara