2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

හැන්දෑවේ රන් පාට ලස්සනට කවි කියන
විහඟුන් ඇවිත්...
දෙනු මැනව පියාපත් මටත් ඉගිලී යන්න
නිල් අහසෙ ඈතකට
සඳ එන්න දැන් හරි ළඟයි....

නිල් පාට තරු එළිය ඇස් ගාව හංඟාන
රිදීවන් වලාකුළු තීරෙන් එහා
නුඹ ඉන්න දුර ඈත සිහිනයේ නිම්නයට
මම ආමි කාටත් හොරා...

හෙමි හෙමින් අඬ ගසන මරණයේ දම්පාට
සෙවණැල්ල දුරකින් තියා....
මුතු පාට හීනෙකට මම ඉඳින් අඬගසමි
ජීවිතය සොඳුරුයි කියා...

එළිවැටක් කුමකටද අසම්මත කවියකට
හෙට දවස දුරකින් නිසා.....
ජීවිතය සුළඟක්ය අනන්තෙට ඉගිල්ලෙන
ආදරය වැස්සක් සදා

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00