අඳුර මනරම් වැස්සකට අඬගසන
ආදරේ කවියකට අකුරු දී නික්ම යන
සුසුමකින් දුක කියන දුක්බරම කතාවක
නුඹත් හිටියා දුරින් මං දිහා බලාගෙන
මගෙ කඳුළු මගේමද මං හිතන එක රැක
නුඹ ගිහින් අපෙ නොවෙන හීනයක් හොයාගෙන
මං ලකුණු කියාදෙන තාරකාත් නිදි විඳින
මැදියමේ වැරදේවි නුඹ යනෙන ඔය පාර
ජීවිතේ මහ කන්ද මුදුනතම මරණයක්
නුඹට මට අවසඟව යන්න බැරි නියතයක්
හීන ඔහෙ තිබුණදෙන් සංසාරෙ මහ දුරක්
අනන්තයෙ කොහේ හෝ හමුවේවි යළි දිනක්
නුඹ සිඹින සුරඟනන් ඈතකට ඉගිල්ලෙන
පාළු සීතල රැයක වීදි කොණ දොරකඩට
නුඹ එන්න මම හිඳිමි අදත් මඟ බලාගෙන
ආදරේ නොවෙයි මම කියාදෙමි ජීවිතය
I Saara