2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

ෂාරුක් ඛාන් විත්ති කූඩුවේ

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:36 217

විකාශනය කරන ආප්කී අදාලත් වැඩසටහන ඇසුරෙන් අද සිට හදසර පලකරන විශේෂාංගයකි. ඉන්දියාවේ අතිශයින් ජනප‍්‍රිය මෙම වැඩසටහන ඉන්ඩියා ටීවී ආයතනයේ ප‍්‍රධාන සම්පාදක රජත් ශර්මා විසින් ඉදිරිපත් කරනු ලැබේ.

අද ඔබේ උසාවිය වැඩසටහනට ලෝකයේ හොඳම සහ ජනප‍්‍රියම ෆිල්ම් ස්ටාර්  කෙනෙක් වන  ශාරැක් ඛාන් චූදිතයෙක් ලෙසින් සහභාගී වෙනවා. අද මේ ගරැ අධිකරණයේ විනිසුරු ලෙසින් කටයුතු කරන්නේ., ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි විධායක කර්තෘ දිබාකර් මහතා.චූදිත් ජනප‍්‍රිය නළු ශාරැක් ඛාන්ගෙන් ප‍්‍රශ්න කිරීම විනිසුරැතුමාගේ අවසරයෙන් ආරම්භ කරනු ලබනවා.

Q රජත් - ඔබ දිල්ලිවල කෙනෙක්. අවුරැදු 25කට පස්සේ ඔබට දිල්ලිවල තරැණයෙක්ගේ චරිතයක් ෆෑන් චිත‍්‍රපටයේ කරන්නට සිදුවෙලා තියෙනවා. මොනවගේ හැඟීමක්ද ඔබට දැනෙන්නේ?

 අවුරැදු 50කට පස්සේ තමයි මට දිල්ලිවල අවුරැදු 25ක තරුණයෙක්ගේ චරිතයක් කරන්න ලැබෙන්නේ. මට දිල්ලිවල ගතකළ කතා කරන හැසිරෙන විදිය අමතකවෙලා තිබුණේ. ඒක මට ගොඩාක් අපහසු වුණා. මම දිල්ලිවල කෙල්ලෝ කොල්ලෝ එක්ක ටික දවසක් කල් ගත කරලා තමයි මේ කැරුක්ටර් එක කරන්න පටන් ගත්තේ.
ඒ කැරුක්ටර් එක කරන්න මට කිලෝ 7-8 බර අඩුකරගන්න වුණා. ඒ වගේම මේකප් දාන්න ගොඩක් වෙලා ගතවුණා.

Q රජත් - ඔබටත් ෆෑන් ෆිල්ම් එකේ වගේ රසිකයින් සාමාන්‍ය ජීවිතයේදී හම්බවෙලා තියෙනවද?
ම්ම්ම්.., මගේ උපන්දිනයක් දවසේ ගොඩාක් මාධ්‍යවේදීන් ඉන්ටර්වීව් එකක් ගන්න ආවා. ඒගොල්ලෝ එක්ක පුදුම හිතෙන මගේ රසිකයෙක් ඇතුළට ආවා. එයා එයාගේ ඇඳුම් ගලවලා පැත්තකින් තියලා ස්විමින් පූල් එකට පැනලා හොඳටම නානවා. ඊට පස්සේ ටවල් එකකින් පිහිදගෙන ආපහු ඇඳුම් අඳිනකොට මගේ ආරක්ෂක් නිලධාරීන් ඔහු කව්ද කියලා ප‍්‍රශ්න කළාම තමයි ඔහු රසිකයෙක් කියලා දැනගෙන තියෙන්නේ. එතකම් හැමෝම හිතලා තිබුණේ ඔහු මාධ්‍යවේදියෙක් කියලයි. ආරක්ෂක නිලධාරීන් මට ඇමතුමක් දීලා සර් පුදුම හිතෙන රසිකයෙක් ඇවිත් ඉන්නවා එයාව හම්බවෙන්න පහළට එන්න කියලා මට කිව්වා. මම ආවේ ශාරැක් නාන පූල් එකෙන් නාන්න. ඒක මම ආශාවෙන් හිටිය දෙයක්. මගේ වැඩේ හරි. මට එයාව හම්බවෙන්න ඕන නැහැ කියලා ඔහු යන්න ගිහින්.

Q රජත් - පළමු චෝදනාව - දඟ වැඩ. ඔබ පාසැල් යන කාලයේ ගොඩාක් දඟ වැඩ කළ කෙනෙක් කියලා මට දිල්ලිවල වැසියන්ගෙන් දැනගන්න ලැබුණා. කොච්චර දඟ වැඩ කළාද කියනවානම් හැමදාම ගුටි කනවලු. ඒ කතාව ඇත්තක්ද?
මම තවමත් වෙනස්වෙලා නැහැ. අදටත් මම ගහමරා ගන්නවනේ ෆිල්ම්වල. ඇත්ත. මම පාසැල් යන කාලේ ගොඩාක් දඟයි. ඒත් මගේ හිනාව යකෙක්ගේ වගේ කියලා මට ටීචර් දවසක් කිව්වා. එදා ඉඳලා මම මොන දඟ වැඩේ කළත් මම හිනාවුණු ගමන් ටීචර් මට සමාව දුන්නා. මට මතකයි මම පාසැල් යද්දී කෙමිස්ට්‍රි ලැබ් එකෙදී මගේ අතින් නොයෙකුත් දේවල් කඩලා දැම්මා. ටීචර් මට ගහන්න එනකොට මම මගේ අම්මයි තාත්තයි මට ගෙදරදී නපුරැ විදියට සළකනවා කියලා අඬ අඬා ටීචර් ඔයා මට මගේ අම්මා වගෙයි කියනවා. මිස් අජ්දේවා මේ ප්‍රෝග‍්‍රෑම් එක සමහරවිට බලනවා ඇති. සමාවෙන්න ටීචර්. මම අඬා අඬා ගිහින් ඩෙස්ක් එකට ඔළුව ගහගෙන හොඳට රඟපෑවා. ඒ නිසාම මගේ ලකුණු කොච්චර අඩුවුණත්, හෝම් වර්ක් නොකළත්, ඔයා දුක් වෙන්න එපා., මම ඔයාගේ අම්මා වගේනේ කියලා එයා මාව බේරගත්තා. මම මගේ අම්මාගෙයි තාත්තගෙයි නම් පවා නරක් කළා. මම ගොඩාක් දඟ කෙනෙක්.

Q රජත් - තාප්පේ උඩ ඉඳගෙන එතනින් යන ගැහැනු ළමයින්ට ෆ්ලයින් කිස් එහෙමත් දුන්නා නේද?
ඒ මගේ විදිය. දවසක් අවුරැදු 16ක 17ක විතර ගැහැනු ළමයෙක් මගේ තාත්තව හම්බවෙන්න ආවා. එතකොට මට අවුරැදු 05යි. මම එතකොට පාසැල් යන්නෙත් නැහැ. එයා මගේ තාත්තට කිව්වා, ඔයාගේ මේ පුතා තාප්පේ උඩට නැගලා විසිල් ගහනවා. අත්පුඩි ගහනවා. මට හායි ස්වීට් හාර්ට් වගේ දේවලුත් කියනවා කියලා. මෙයා අවුරැදු පහක දරැවෙක්. ඔයාට වැරදීමක් වෙලා. ඔයා ඔය කියන්නේ අපේ අල්ලපු ගෙදර ඉන්න සුභාෂ් ගැන වෙන්න ඕන. එයාලට ලොකු පොත් කඩේකුත් තියෙනවා. පුතේ ඔයා වාඩිවෙලා මගේ මේ පුතා දිහා බලන්නකෝ. මෙයා ඒ වගේ වැඩ කරයිද? ඒ වෙලාවේ ඒ ගැහැනු ළමයා ඔව් අංකල් මට වැරදීමක් වෙන්න ඇති කියලා යනකොට මම තාප්පේ ළඟට දුවලා ගිහින් හායි ස්වීට් හාර්ට් කියලා ෆ්ලයින් කිස් එකකුත් දුන්නා. ඒ වගේ වැරදි කළා කියලා මම හිස්මුදුනින්ම පිළිගන්නවා. ඒ චෝදනාව නිවැරදියි.

Q රජත් - ඔබ දැන් මුම්බයිවල ජීවත් වෙන්න පටන් අරගෙනත් අවුරැදු 25ක් වෙනවා. තවම දිල්ලිවලදි කළ ඒ දඟවැඩ නවත්තලා නැහැ නේද?
ඒක ඇත්ත. මගේ දරැවොත් ඔයා දැන් වයසට ගිහින් ඔය වගේ නෝටි වැඩ කරන්න එපා කියලා මට කියනවා. ඒ වෙලාවට මම එයාලට කියන්නේ මම නෙවෙයි ඔයාලයි වයසට ගිහින් තියෙන්නේ කියලා.

Q රජත් - ඔබ නළුවෙක් වෙන්න කලින් අමිතාබ් බච්චන්, දිලිප් කුමාර් වගේ කොණ්ඩය කපාගෙන තියෙනවා කියලා දැන ගන්න ලැබුණා.
මම පාසැල් යද්දී කොණ්ඩය දිගට වවාගෙන ගියේ. උදේ රුස්වීම වෙලාවේ විදුහල්පතිතුමා මට බැණලා කොණ්ඩය කපාගෙන එන්න කියලා මාව යවනවා. මගේ පාසැලේ නම සෙන්ත් කොලම්බස්. දිල්ලිවල ඒක තියෙන්නේ.. මම කොණ්ඩය කපන්න ගියේ ඒ අහළ පහළ තිබුණු මාර්කට් එකට. සැලුන් එකේ මනුස්සයා නින්දෙන් නැගිට්ට ගමන් වගේ හිටියේ. එයා මගෙන් අහනවා අමිතාබ් බච්චන් කට් එකද දිලිප් කුමාර් කට් එකද කපන්න  ඕන කියලා. එදා ඉඳන් සතියකට සැරයක් විතර කොණ්ඩය කපන්න ගියත් එයාලට කවදාවත් හරියට කොණ්ඩය කපන්න බැරිවුණා. ඒකනම් හරිම නරක අත්දැකීමක්.

නඩුව ඊළඟ සතියට කල් තැබේ...

Translation — Chandana waravitage