පසුගිය දවසක එක්තරා රූපවාහිනි නාළිකාවක නළු නිළියන් පිරිසක් සහභාගී වුණු සජීවී වැඩසටහනක් තිබුණලු.
ඒකට ජනප්‍රිය නළු නිළියන් පස් දෙනෙක් ආවලු. මේකප් දාන්න කලින් කට්ටිය කැන්ටීන් එක පැත්තට ගියාලු තේ එකක් බොන්න.
තේ බීලා මුලින්ම මේකප් දාන්න ගියේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්ලු.
එයා ටික දුරක් යනකොටම තේ බිබී හිටිය තරුණ නළුවෙක් ඒ නිළියගෙ පස්සෙන් ගිහින් එයාව අත් දෙකෙන්ම බදා ගත්තලු.
“අක්කේ... අක්කේ ඔහොම ටිකක් ඉන්නකො. ඇගේ බඳ වටේ අත් දෙක තද කරගෙන අර නළුවා කියනවලු.
“අනේ මේ කෝලම් නටන්න එපා බං. මේකෙ හතර වටේම කැමරා දාලා තියෙනවා. උඹලගෙ විහිළු වගේ නෙවෙයි. හොඳටම බයවෙච්ච නිළිය කියනවා.
“පිස්සුද අක්කෙ ඔයාගෙ සායට කට්ටක් ගැහුවෙ නැද්ද? ඔයාට දැනුණෙ නැද්ද සාය කඩන් වැටෙනවා. දැන් ඔහොමම යං මේකප් රූම් එකට, මම අක්කව බදාගෙන එන්නම්...
එහෙම කිව්වම නිළියගෙ මුහුණ රතු වුණාලු.
කලා නිර්මාණයක් කරනවා කියන්නෙ ලේසි පහසු කාර්යයක් නෙවෙයිනෙ. විශේෂයෙන් ටෙලි නාට්‍ය හදනකොට වියදම ගැන ලොකු අවධානයක් යොමු කරන්න වෙනවා. හේතුව තමයි දශක දෙකකට කලින් නාළිකාවලින් එක ටෙලි නාට්‍ය කොටසකට ලක්ෂ 4ක් හෙව්වට අද කොටසකට ගෙවන්න ලක්ෂයක් හමාරක් වගේ ගාණක්. ඒත් නිෂ්පාදන වියදම් කීප ගුණයකින් ඉහළ ගිහින්.
ඉතින් ටෙලි නිෂ්පාදකවරුන්ටත් විශාල අර්බුදවලට මුහුණ දෙන්න වෙනවා. වෙලාවට නළු - නිළියන්ට ගෙවීම් කරන්නත් අමාරු වෙන වෙලාවල් තියෙනවා.
සමහර රංගන ශිල්පීන්ට ඒ ගැන අවබෝධයක් තිබුණට, සමහරු නම් ඒ ගැන හිතන්නෙ නැහැලු.
ඒ වගේ සිද්ධියක් පහුගිය දවසක දර්ශන තලයකින් ආරංචි වුණා. නිෂ්පාදකවරයාට මුදල් ප්‍රශ්නයක් නිසා එදා ප්‍රධාන නළුවෙකුට ඉදිරියේදී දිනයක් දාලා (ඩේටඩ් චෙක්) චෙක් එකක් දුන්නලු. නළුවට මළපැනලා යන්න ගියාලු. චෙක් එකේ දාලා තියෙන දිනේට සල්ලි මාරුකරගෙන රඟපාන්න එන්නම් කියලා.
අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්නලු රූපගතකිරීම්වල එක දිගට වැඩකරන කොට මහන්සියට කලන්තෙ දාලා වැටෙන රංගන ශිල්පිනියො දෙතුන් දෙනෙක් ඉන්නවලු.
ඒ ගොල්ලොනම් කියන්නෙ තෙහෙට්ටුව වැඩිකමට තමයි එහෙම වෙන්නෙ කියලා. හැබැයි ඔය සීන් ටික බලන් ඉන්න අය නම් කියන්නෙ ඕක තවත් ඇක්ටිං පාරක් කියලා, පහුවදා නිවාඩුවක් ගන්න ක්‍රමයක් හදාගන්න.
අපේ සිනමා කර්මාන්තය ගැන හිතනකොට ඇති වෙන්නෙ හරිම දුකක්. බොහෝ අය කියන්නෙ මීට දශක ගාණකට කලින් ඇති කළ ප්‍රමිතීන් නැති කළ නිසයි අද මේ තත්ත්වය උදාවෙලා තියෙන්නෙ කියලා.
ඒ කාලෙ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවනම් අඩුම ගාණෙ වාර්තා චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙන්න ඕනෙ.
එහෙම නැත්නම් චිත්‍රපට පහක සහාය අධ්‍යක්ෂක හැටියට වැඩ කරලා තියෙන්න ඕනෙ.
අද එහෙම ප්‍රමිති අවශ්‍යතාවයක් නැති නිසා ඔහේ චිත්‍රපට හැදෙනවා. ඉතින් අවුරුද්දකට ප්‍රේක්ෂක ආකර්ෂණයට භාජනය වන චිත්‍රපට 4ක් 5ක් ආවම, අනිත් ඒවා සේරම ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් අපේ සිංහල සිනමා කර්මාන්තය නඟා සිටුවන්නෙ කොහොමද?
දැනට තිරගත වන එක්තරා චිත්‍රපටයක් නිසාත් එම ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා විශාල අර්බුදයකට මුහුණ දෙනවා.
එම මණ්ඩලයේ කොළඹ තිබෙන ප්‍රධාන සිනමා ශාලාවෙ ආසන 600ක් තියෙනවා. ඒත් මේ කියන චිත්‍රපටය පළමු සතිය පුරාම නරඹලා තියෙන මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව 674ක්ලු. ඒත් නීතිය අනුව සති දෙකක් යනකම් අලුත් චිත්‍රපටයක් අයින් කරන්න බැහැලු. ඉතින් ඉතිරි සතිය පුරාම හිස් පුටුවලට චිත්‍රපටය පෙන්නවා. අපේ සිනමාව කාලක්‍රියා කරවන්නද මේ උත්සාහය?
දශක ගණනාවකට කලින් නිර්මාණය වුණු ගීත අදටත් අපේ මතකයේ රැඳී තිබෙනවා. ඒ ගීතවල වචනත් අපට තාම මතකයි.
ඒත් අද ඇහෙන ගීත ගැන නම් බොහෝ අය තුළ තියෙන්නේ දැඩි කලකිරීමක්.
නොයෙක් අය නොයෙක් විදිහට අද ඇහෙන ගීත විවේචනය කරනවා. අපි කියන්නෙ අද ඇහෙන හැම ගීතයක් ගැනම නෙවෙයි. අද ඇහෙන්නෙ සින්දු නෙවෙයි, දුක් අදෝනා, විලාප කියලා කොටසක් කියනවා. අද ගායකයො සින්දු කියනවා වෙනුවට අඬනවා කියලත් කියනවා.
අද කට ඇද කරගෙන ආදරේ කියන සින්දු තමයි ඇහෙන්නෙ, තවත් කට්ටිය කියනවා.
ඔන්න ගිය සතියෙ දවසක පැවැති සාදයකදි තමයි මේ අලුත් සින්දු ගැන හොඳම නිර්වචනය ඇහුනෙ.
අලුත් කොල්ලෝ වගයක් එදත් අද නාලිකාවල ඇහෙන සින්දු කීපයක් කිව්වා.
ඒක අහන් හිටපු අපේ ජනප්‍රිය ශිල්පියෙක් කිව්වේ, “අයියෝ මේවාට සින්දු කියලද කියන්නෙ? මේ සින්දු නෙවෙයිනෙ, මේ තනිකර පොලිස් එන්ට්‍රි (පොලිස් පැමිණිලි). සේරම නැතිවෙච්ච දේවල් ගැනනෙ අඬ අඬා කියන්නෙ.
► Text - Mithra