2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

සිඳු ත‍ෙර

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ඈත කොනක හිඳ අදත් සිනාසෙන 
ප්‍රථම ප්‍රේමයේ මතකය කෙළවර 
දැවටී දැවටී පාවී එන්නේ 
නුඹේ ළයාදර ජීවන සුවඳය

මෝදුවෙලා සඳ හිනැහෙන දවසක 
මගෙ තනි යහනේ ඇඳි රුව නුඹමය..
ආදරයෙන් තරු හමුවෙන මැදියම 
මා ගයනා පෙම් ගීතය නුඹමය...

දෙහදර ආදර ප්‍රේම ගීතයේ 
එළිවැට ගිලිහුණු අවසන් පදයේ 
හැඟුම්බරම සුසුමක මුසු වී ආ 
හඬ සංධ්වනිය සොඳුරුයි හිතවත 

කවදා හෝ යළි හමුවෙන දවසක 
මතකය විතරක් අරගෙන එනු මැන 

I Saara