2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

5 සමත්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 243

පුංචි දරුවන්ගේ ලෝකය සහ ඔවුන්ගේ ජීවිත වලට  පහ වසර ශිෂ්‍යත්ව විභාගය බලපෑම් එල්ල කර ඇති ආකාරය පිළිබඳව සෞන්දාර්යාත්මකව නිර්මාණය කර ඇති 5 සමත් නවතම ළමා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්ම ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ ජයප්‍රකාෂ් සිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයෙන් ද රසික සුරවීරආරච්චි ගේ පිටපත හා තිර රචනයෙන්ද 5 සමත් චිත්‍රපටය ඔබ හමුවට එයි.  මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවා මෙම විශේෂ මාධ්‍ය දැක්මේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමත් ඔහුට සහ ඔහුගේ පාසල් ගුරුතුමාට චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ දරුවන් විසින් උපහාර  පිදීමත් විශේෂ සිද්ධියක් විය. එහි අවස්ථා වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

Text I Pic by – Romesh Dhanushka Silva