ඔන්න මේ දවස්වල කොළඹින් බැහැර ප්‍රදේශයක චිත්‍රපටයක් හදනවලු. අධ්‍යක්ෂකවරයා කාලෙකට පස්සෙ තමයි මේ නිර්මාණය කරන්නෙ, මොකද නිෂ්පාදකවරු හොයාගන්න එක ලේසි නැති නිසා.
මේකෙ එක් දර්ශනයක් රූපගත කරන්න ගිහින් අපේ ප්‍රවීණ නළුවෙකුට මල පැනලා. පස්සෙ තමයි අපට ඇත්ත සිද්ධිය දැනගන්න ලැබුණෙ.
එදා තිබුණෙ ඉස්කෝලෙක එක්තරා පන්තියක දර්ශනයක්. අර ප්‍රවීණ නළුවා විදුහල්පති. ගුරුවරිය තවත් තරුණ නිළියක්.
විදුහල්පති පන්තියට ඇවිත් ගුරුවරියගෙන් යමක් විමසනවා.
කට් කට්.... අධ්‍යක්ෂකගේ අණ පරිදි සීන් එක නවත්තනවා.
අනේ මේ පොඩි එකාවත් ඔය ඉස්සරහ පේළියේ වාඩි කරවමුකො. එක්තරා කුඩා දරුවෙක් දර්ශනයට එකතු කරන ගමන් අධ්‍යක්ෂක කිව්වලු.
ඔන්න ඔය වගේ හය හත් සැරයක්ම සීන් එක කට් කර කර පන්තියට ළමයි එකතු කරනවලු.
කේන්තිය ඉවසගන්න බැරි තැන ප්‍රවීණ නළුවා අධ්‍යක්ෂකගෙන් ඇහුවලු මේක විහිළුවට ගත්තද කියලා.
අනේ නැහැ අයියේ. අපිත් ඉතින් වෙලාවකට අසරණ වෙනවනෙ. මේකෙ ප්‍රොඩියුසර්ලා හත් දෙනෙක් ඉන්නවා. ඒ අයගෙ ළමයි ටික ෆිල්ම් එකේ සීන්වලට දැම්මොත් ඉතින් අපිට ගොඩ යන්න ලේසියිනෙ.
අධ්‍යක්ෂකවරයා කිව්වලු.
නව පරපුරේ කලා ශිල්පීන් ශිල්පිනියන් බොහොමයකගේ කැප කිරීම් ගැන නම් කතා කරලා වැඩක් නැති බව ක්ෂේත්‍රෙය් කවුරුත් පිළිගන්නවා.
තමන්ගේ වෘත්තියේ ගරුත්වය රැකගන්න බැරිනම් ඉතින් මේ ක්ෂේත්‍රයේ ඉඳලා වැඩකුත් නැහැනේ.
ඒ වගේ අය කීප දෙනෙක්ම මේ ක්ෂේත්‍රයේ හොඳටම නෝට් වෙලා ඉන්නෙ.
සජීවී රූපවාහිනී වැඩසටහන්වලට පොලු තියන්නෙ අන්තිම මොහොතෙ. ඒ වෙලාවෙ ඉතින් නිෂ්පාදකවරු වැටෙන්නෙ පුදුම අමාරුවක.
ෂූටිංවලට පොලු තියන එක අහන්න දෙයක් නෙවෙයිනෙ. ඔන්න ඊයෙ පෙරේදා දවසක තරුණ නිළියක් දර්ශන තලයට ගේන්න වෑන් රථය ඇගේ ගෙදරට ගියාලු. එළියට ආවෙ අම්මා.
අනේ පුතේ, අපේ ළමයට සහලෝලා උණ. ඇඳෙන් නැගිටින්නත් බැහැ.
එහෙම කියලා වෑන් එක හරවලා යැව්වලු.
ඊට පැයකට විතර පස්සෙ මේ නිළියයි ගෙදර කට්ටියයි ගමනක් යනගමන් යාළුවෝ කට්ටියක් මුණගැහිලා.
අපි නුවර යනවා කිරි දානෙකට මේ නිළිය කට පුරා හිනා වෙවී යාළුවන්ට කිව්වලු.
විනාඩි 10ක් යන්න කළින් අර ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායමටත් කිරි දානෙ උණ ගැන ආරංචිය ආවලු.
ඔහු ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු අලුතින්ම ටෙලි නාට්‍යයක් හදන්න පටන් අරන්. හැබැයි ඒක අධ්‍යක්ෂණය කරන්නෙ එයා නෙවෙයි. එයාගේ නෝනා. නෝනා ඉතින් මීට කලින් රඟපාලාවත් අධ්‍යක්ෂණය කරලවත් නැති වුණාට මහත්තයගේ වැඩවලට උදවු කරගෙන හෙවනැල්ලක් වගේ අවුරුදු ගාණක් ඉඳලා තියෙනවා.
දැන් දර්ශන තලයේ වැඩ කරන්න ගියාම මේක හරිම අච්චාරුවක් වෙලා.
මහත්තයා තමයි හැම දෙයක්ම සීන්වලට අවශ්‍ය දේ හදන්නේ. නෝනට තියෙන්නෙ ඇවිල්ලා ඇක්ෂන්, කට් කියන එක විතරයි.
සමහර දවස්වලට හැමදේම ලෑස්තියි. ඒත් නොනා පේන්න නැහැල්ලු.
ඒ වෙලාවට ඉතින් අර ප්‍රවීණ අධ්‍යක්ෂකවරයා බොහෝම අහිංසක විදිහට කට්ටියගෙන් අහනවලු අක්කා එනකල් ඉමු නේද කියලා.
තාක්ෂණය අතින් අපේ කොළඹ සිනමා ශාලා මොනතරම් ඉහළ තත්ත්වයක් තිබුණත් ප්‍රේක්ෂකයින්ගේ පහසුව වෙනුවෙන් ඒවා ඇතැම්විට පාවිච්චි කෙරෙන්නේ කැති එක ගැනනම් ඇති වෙන්නේ දුකකට වඩා ලජ්ජාවක්.
කොළඹ නගරයේ පැරැණිතම සිනමාහලක් දැන් තාක්ෂණයත් එක්ක යාවත්කාලීන කරලා, ශාලා දෙකකට වෙන් කරලා ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට පෙන්නනවා.
කලින් ආසන වෙන්කරගැනීමේ පහසුව තිබෙන නිසා එය ප්‍රේක්ෂකයින්ට විශාල අස්වැසිල්ලක් යැයි හිතුවත් එය එසේ නොවන අවස්ථා ද තියෙනවා.
පසුගිය සතියේ මේ ශාලාවේ එක්තරා හොලිවුඩ් චිත්‍රපටයක් බලන්න අපේ තරුණ කලාකරුවෙක් මුදල් ගෙවා ආසන හතරක් වෙන්කරගෙන තිබුණලු. ඉරිදා 1.30 දර්ශනයට අදාළ ආසන අංක තහවුරු කරලා ඔහුට sms පණිවිඩේකුත් ආවලු.
බිරිය හා දරු දෙන්නත් එක්ක වෙලාවට චිත්‍රපටය බලන්න ශාලාවට ගියාම ඔවුන්ගේ ආසනවල වෙනත් කට්ටියක් ඉන්නවලු.
කළමනාකරුගෙන් ඇහුවම කිව්වලු එයා වෙන්කරගත්ත චිත්‍රපටය පෙන්නන්නේ 4ට නිසා, ගිහින් ඒ වෙලාවට ආපහු එන්න කියලා.
මළ පැනපු කලා ශිල්පියා කොළඹ වෙන ශාලාවකට ගොස් ඒ චිත්‍රපටය බැලුවලු; අර ප්‍රවේශපත්‍ර හතරේ සල්ලි පිනට දුන්නා කියලා හිත හදාගෙන.
අපේ තරුණ කලා ශිල්පියෙකුට පහුගිය දවසක කූඹියෝ නිසා පුංචි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. පරණ ටීවී එක වෙනුවට ඔහු නවීන තාක්ෂණ අංග රැසකින් සමන්විත අලුත්ම ස්මාර්ට් ටීවී එකක් ගෙදරට ගෙනාවලු.
දැන් ඉතින් එයාගෙ ජංගම දුරකතනයත් අලුත්ම ටීවී එකට සම්බන්ධ කරන්නත් පුළුවන්ලු. ඒත් දවස් කීපයක් ගියාට පස්සෙ එයා දැක්කලු ටීවී එකේ කූඹි රැලක් එහෙ මෙහෙ යනවා. බැලින්නම් උන් ටික ටීවී එකේ ඇතුළටත් ගිහින්.
බැරිම තැන ඔහු වැකුම් ක්ලීනර් එකකින් සුද්ද කළත් වැඩේ හරිගියෙ නැතිලු.
බැරිම තැන ඔහු කල්පනා කළාලු කූඹී ටික ඒකෙන් එළියට ගන්න ප්ලෑන් එකක්. එක පාරටම ඔහුට අදහසක් පහළ වෙලා. ඔහු රෑ නිදාගන්න කළින් ටීවී එක ළඟින් පුංචි කෝප්පෙක සීනි හැඳි කීපයක් දාලා තිබ්බලු. සීනිවලට කුඹි ටික එළියට ඇදිලා එයි කියලා තමයි ඔහු හිතලා තියෙන්නෙ. ඒත් සිද්ධ වුණේ හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්.
දැන් ගේ පුරාම කූඹි දුවනවලු. අර කූඹි ටික සීනි ඇටත් අරගෙන ටීවී එක ඇතුළට යනවලු.
මේ ගැන ඔහුගෙ හොඳම යාළුවෙකුගෙන් උපදෙසක් අහන්න ගියාම ලැබිලා තියෙන්නෙ අපූරු උත්තරයක්.
ඔහොම තමයි ස්වීට් කොල්ලො ටීවී ගත්තම, ස්මාර්ට් ටීවී එකත් ස්වීට් ටීවී වෙනවා.
► Text - Mithra