රන් තාරුකා හිනැහෙන රැයේ
ප්‍රියයාණෙනි නුඹ කොහි ගියේ
සඳ රැස් වැටී විල් දිය දිලේ
කුසුමක් ලෙසේ කිම නොපිපුණේ
හැන්දෑකරේ වීදීය දිගේ
මං තනියමයි ඇවිදන් ගියේ
මතකෙට ඇවිත් සුළඟක් ලෙසේ
රහසින් කියන් කොහි සැඟවුණේ
කළු දළ මලක් මට හිනැහුණේ
ප්‍රියයාණෙනි ඒ නුඹ නොවේ
නික්මී ගොසින් වස්සානයේ
ගිම්හානයේ ගී නොගැයුනේ
අත්තටු අරන් සමනළ සරින්
මගෙ සිහිනයෙන් ඇයි ඉගිලුණේ
නිම් නැති සෙනේ දුප්පත් මගේ
ප්‍රියයාණෙනි ඇයි නොදැනුණේ
පාළුව දරා මං හිනැහුණේ
අහුරක් අරන් විසිකර හදේ
මන්දිර තැනූ සෙනෙහස් දියේ
සුබ ප්‍රාර්ථනා නලියනු පෙනේ
♦ SAARA