සියුමැලි සුන්දර තවත් රෝස පොහොට්ටුවක්. ඇය මේ ලෝකෙට 29 වැනිදා බ්රහස්පතින්දා හැන්දෑවේ ඇවිත් තිබුණා. ඇයව ආදරයෙන්, උණුසුමින් පිළිගන්න අපි නව මාසයක් බලන් හිටියා.
ඇය දැන් ඇවිත්!
ඒ පොහොට්ටුව මලක් ලෙසින් පිපෙන දවසක් කවදාක හෝ ඒවී
බලහත්කාරයෙන් පෙති නොහැරී පිපෙන හැම පොහොට්ටුවකටම මලක්වෙලා හිනැහෙන්න පුළුවන් දවසක් එනවනම්!
ඒ ප්රාර්ථනයට ඔයත් එකතු වෙන්න
එහෙම ප්රාර්ථනයක් කරන්න අපි හැමෝම අම්මලා තාත්තලා වෙන්න ඕනෙ නෑ...
ළය ලෙය කිරි නොවුණත් දාරක ස්නේහයේ ළතෙත් හැඟුමින් සංවේදී නොවන හද මඬලක් නැති තරම්
පංගු පේරුවකින් තොරව අපි දරුවන්ට ආදරේ කරන්නෙ ඒකයි
දුක් පිරිපත දෙවුර දරාගෙන ජීවිතයත් සමඟ අරගල කරන
කාත් කවුරුත් නැති
කවර සරණක්වත් නැති
වීදි දරුවන් ඇතුළු හැම දරුවෙක් වෙනුවෙන්ම
නමක් නැති සුසුමක් අපේ හදවත්වලින් නැගෙන්නෙ ඒකයි
නෑකමක් නැති වුණත්
චමත්කාරව නොපිපුණත්
හැම මලකම සුවඳක් තියෙනවා
ආදරය සහ බලාපොරොත්තු හිත්වල කන්දක් උඩට ගොඩගැහෙන්නේ
සෙනෙහස සහ උණුසුම මැද්දෙ උපදින
දරුවන්ගෙ හිත්වල විතරක් නෙවෙයි
හීන හැම දරුවෙකුටම අයිතියි
ආදරය හැම දරුවෙකුගෙම අයිතියක්
බලාපොරොත්තු හැම දරුවෙකුගෙම ඉල්ලීමක්
ඒ අයිතියට හා ඉල්ලීමට දුප්පත් පොහොසත් භේදයක් නෑ
දරැවන්ට ආදරය කරන්න
ඒත් ඔබගේ අභිලාෂයන් ඔවුන්ට නොදෙන්න
මක්නිසාදයත්
ඔවුන්ට ඔවුන්ගේම අභිලාෂයන් ඇති හෙයිනි
මෙහෙම කීවෙ ඛලීල් ජිබ්රාන් කියන ලේඛකයා
දරුවන් තේරුම් ගන්න
ඔවුන්ට ආදරය කරන්න
ඔවුන්ට ඔවුන් වෙන්න ඉඩ දෙන්න
ඔබගේ සිහින තුළ ඔවුන් සිරකරුවන් නොකරන්න
ඔවුන්ට ඔවුන්ගේම සිහින දකින්න ඉඩ හරින්න
සොඳුරුබර අරුත්බර සිහින වෙනුවෙන් එක ඉඟියක් විතරක් ප්රදානය කරන්න
ඔවුන් දවසක මේ මහ පොළොව මත
දෙපයින් හිටගන්න දවසක් එයි
එදාට ඔබත් හිනැහෙයි
ඔබට නෙවෙයි
ඔබත් එක්ක
ලෝකයමත් හිනැහෙයි!
සුවඳවත් මලක් ලොවට දන්දුන් නිසාවෙන්
ඔබ!
Sanju