දේශීය ජාත්‍යන්තර කලා ශිල්පීන්ගේ ප්‍රසංග රැසක් ඉදිරිපත් කරමින් STAR EVENTS ප්‍රධානී සුධර්මා නෙත්තිකුමාර ලබාදුන් ගුණාත්මක දායකත්වය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හා සමඟම ගඟ අද්දර, භාර්යාවෝ, දියමත ලියමි, නෙතු අද්දර වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදනයන් හරහා ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර වූ සුධර්මා, ජනවාරි මස 15 වැනි දින BMICH හිදී පැවැත්වෙන NEXT GEN (ඊළඟ පරපුර) සුවිශේෂී සංගීත ප්‍රසංගයත් සමඟ නැවතත් කරළියට පැමිණෙන්නීය.
NEXT GEN ප්‍රසංගයට ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගායක ගායිකාවන් තම දූ පුතුන් සමඟ එකම වේදිකාවේ පෙළහර පාන්නට එකතු වෙති. කීර්ති පැස්කුවල් සහ ඔහුගේ පුත් කසුන්, සංගීත් වික්‍රමසිංහ හා ඔහුගේ පුත් සනුක, සමිතා මුදුන්කොටුව හා ඇගේ දියණිය කාවින්ද්‍යා, නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුත් ගයාන්, රූකාන්ත ගුණතිලක හා ඔහුගේ චන්ද්‍රලේඛා පෙරේරා හා දියණිය වින්ඩි හා රයිනි, චාන්දනී හෙට්ටිආරච්චි හා ඇගේ දියණිය ජැකලීන්, අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල්, මායා දමයන්ති හා ඇගේ දියණිය කුෂාණි සඳරේඛා, රනිල් මල්ලවාරච්චි හා ඔහුගේ පුත් පවන් මෙම ප්‍රසංගය වර්ණවත් කරනු ඇත.
තම මව්පියන් මෙන්ම ප්‍රතිභාසම්පන්න මේ දරැවන්ගේ දක්ෂතා ප්‍රකට කරන්නට සුදුසු වේදිකාවක් තනන්නටයි මම මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්න තීරණය කළේ. මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කඩුවෙල කොතලාවල මධ්‍ය මහ විදුහලට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් මම යොදවන්න තීරණය කළා. මේ ප්‍රසංගයෙන් ලාභයක් ලැබුණත් නැතත් ඒ පොරොන්දුව ඉටුකරන්න මම බැඳී සිටිනවා සුධර්මා හදසරට පැවසුවාය.
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංග කීපයක් ඉදිරිපත් කළ STAR EVENTS පසුගිය කාලයේ තරමක් නිශ්ශබ්ද වුණා නේද?
ඒ නිශ්ශබ්දතාවයට හේතු කාරණා තිබුණා. ඕනෑම කෙනෙකුට ජීවිතේ වරින් වර බාධා කරදර ඇතිවෙනවනෙ. මටත් එවැනි කාල පරිච්ඡේදයක් පසු කරන්නට සිද්ධ වුණා. ඒත් ඒ හරහා සැබෑ මිනිසුන් කවුදැයි හඳුනාගන්නට මට අවස්ථාව ලැබුණා. ළඟින්ම ඇසුරු කළ ඇතැමුන්ගේ සැබෑ ස්වරෑපය හෙළිකර ගන්නත් ඒ කාලය මට උදව් කළා - මම කිසි කෙනෙකුට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නවත් ගියේ නැහැ. ඒකට හේතුව තමයි මගේ නිර්දෝෂී බව ගැන මට තිබුණු දැඩි විශ්වාසය. කාලය හොඳම විනිසුරුවරයාත් හොඳම සුවපත් කරවන්නාත් වුණා. මගේ ඇස් ඉදිරිපිටදීම මට වැරදි කළ අයට ස්වභාව ධර්මයා විසින්ම ප්‍රතිචාර දැක්වූවා.
ඔබ 2017ට මුහුණ දෙන්නේ කොහොමද?
නිරවුල් මනසකින් යුත් සුපුරැදු ධෛර්යවන්ත කාන්තාවක් හැටියට තමයි - ජීවිතෙන් මා ඉගෙනගත් පාඩම් බොහෝයි. ඒ අනුව 2017 දී සුවිශේෂී නිර්මාණ රුසක් ඉදිරිපත් කරන්නට මම සැලසුම් කරගෙන යනවා. මා නිෂ්පාදනය කළ කුලම්බරී ටෙලිනාට්‍ය ස්වාධීන රුපවාහිනියෙන් විකාශය කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයා මගෙන් බලාපොරොත්තු වන ගුණාත්මක නිර්මාණ මම අනිවාර්යයෙන්ම කරගෙන යනවා - එසේ කරන්නට හැකි නිදහස් මනසක් හා නිදහස් වාතාවරණයක් මට දැන් තියෙනවා.
Text - Ramesh Uvais