ශ්‍රී ලංකා තේ මණ්ඩලයට මෙන්ම මෙරට තේ කර්මාන්තයට වසර 150 ක් ගතවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රථම වරට සංවිදානය කල ‘ශ්‍රී ලාංකික තේ කුමරා සහ කුමරිය තෝරා ගැනීමේ විශේෂ තරගයේ අවසන් මහා වටය කොළඹ සෆායර් හෝටලයේදී පසුගියදා පැවැත්විණ.
මේ සඳහා තේ වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන නුවරඑළිය ,ගම්පොල ,බණ්ඩාරවෙල ,රත්නපුර , කළුතර , ගාල්ල සහ මාතර යන ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් අතරින් මෙවර ශ්‍රී ලාංකික තේ කුමරා ලෙස මාතර පදිංචි කුෂාන් අධීෂ කිරුළු පැළඳු අතර රත්නපුරයේ චාමිකා මධුවන්ති ශ්‍රී ලාංකික තේ කුමරිය ලෙස අභිසෙස් ලැබීය. තේ කුමරා හි දෙවන ස්ථානය ගාල්ලේ දමිත් නිරෝෂාන් ද , තෙවන ස්ථානය නුවරඑළියේ ශිවලිංගම් මුර්ති ද දිනා ගන්නා ලද අතර තේ කුමරිය හි දෙවන ස්ථානය ගාල්ලේ ශානිකා මධුෂානි සහ තෙවන ස්ථානය මාතර නිරෝෂා ලක්ෂානි ට හිමි විය.
;
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුර සිරිවර්ධන මහතා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර තරගය විනිශ්චය සඳහා ජනප්‍රිය රංගන ශිල්පීන් වන පූජා උමාශංකර් , අනුජ් රණසිංහ සහ ඉරේෂා අසන්කි දායක වුහ. ‘Ceylon Tea Queen & King Contest 2017’ හැඩ වැඩ වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.
► Romesh Dhanushka Silva