2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

සිඳු ත‍ෙර

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ප්‍රේමය නම් කිමැයි
කියාදී
නුඹ යන්න ගිහින්

වළාකුලකට දුක කියන්නට
තරුත් නිදියන රැයක ඇවිදින්
හීන් සැරයේ නුඹේ උරහිස
හිස තියන්නද එදා වාගෙම
කියාදෙනවද දරාගන්නට
අහිමිදා මට මගේ ප්‍රේමය

හැරී ආපහු යන්න හිතුණත්
වැඩිද මන්දා ආ දුරක් අප
ඈත දුර අර සඳ ඇවිත් අද
අවසාන කවි පද ලියන්නට

ආදරේ නොව ජීවිතේ ගැන
හෙමි හෙමින් මට කියාදෙන්නට

► Saara 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00