ඉන්දියාවේ ගුජරාත් ප‍්‍රාන්තයේ වඩොඩරා හෙවත් බරොඩාවල ඉන්දියන් මුස්ලිම් හයි ස්කූල් එකක ඉන්සියා කියලා ලස්සන කෙල්ලෙක් ඉගෙන ගන්නවා. එයා ජීවත් වෙන්නේ එයාගේ අම්මා නජ්මා සහ එයාගේ සහෝදරයා ගුඩ්ඩු සහ ඔවුන්ගේ උඩගු තාත්තා ෆාරුක් එක්කයි. ඉන්සියා කියන්නේ ගීත ගායනයට ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒත් ඒකට ඇයගේ තාත්තනම් පොඩ්ඩක්වත් කැමති නැහැ.
ඒත් ඉන්සියා කවදා හරි දවසකදී ගායිකාවක් වෙන්න සිහින දකින කෙනෙක්. ෆාරුක් එක්තරා දවසක සතියකට නගරයෙන් පිටතට යනවා. ඉන්සියා මේ කාලයේ සංගීත වැඩසටහනකට සහභාගි වෙන්න හදනවා. ඇය තමන්ගේ ලැප්ටොප් එකෙන් ගීතයක් රෙකෝර්ඩ් කරලා අන්තර්ජාලයට මුදාහරිනවා. ඇය අප්ලෝඩ් කළ වීඩියෝව නිසා යූටියුබ් එකේ එක රැයින් ජනප්‍රියත්වයට පත්වෙනවා. ඒක සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ ජනප‍්‍රිය ගායකයෙක් වන ශක්ති කපූර් දකිනවා. ඊට පස්සේ තමයි කතාවේ ගොඩාක් ලස්සන දේවල් ටිකක් සිද්ධ වෙන්නේ. ඒ ටික දැන ගන්නනම් ඔයාටත් විනාඩි 150ක් පුරා රස විඳිය හැකි පරිදි තිරගත වන සීක‍්‍රට් සුපර්ස්ටාර් හින්දි සිනමාපටය නරඹන්නට වෙනවා. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අඩ්වයිත් චන්දන් විසින්.
ඒ වගේම මේ ලස්සන සිනමා පටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ප‍්‍රවීණ නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් ද වන ආමීර් ඛාන් සහ ඔහුගේ බිරිය කිරන් රාඕ සහ ආකාෂ් චාව්ලා ,සුජයි කුට්ටි සහ බී. ශ‍්‍රී නිවාස් රාඕ විසිනුයි. ඒ වගේම මේ සිනමාපටයේ ලස්සන දෙබස් ලියලා තියෙන්නේ අඩ්වයිත් චන්දන් විසිනුයි. මේ සිනමාපටයේ ශක්ති කපූර්ගේ චරිතයට පණ පොවන්නේ 1965 මාර්තු 14 වැනිදා උපන් නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියක් දිනාගත් කෙනෙක්. ඒත් මොහු හැම සිනමා සම්මාන උළෙලක්ම වර්ජනය කරන කෙනෙක්. මෙන්න මේ සිනමාපටවල රඟපෑව ඒ සොඳුරු කඩවසම් මනුස්සයා ඔබට මතකයිද බලන්න.
Qayamat Se QayamatTak (1988). Raakh (1989) Dil (1990), Raja Hindustani (1996), Sarfarosh (1999). Earth (1998). 2001, Lagaan, 2006 Fanaa, Rang De Basanti. he made his Taare Zameen Par, Ghajini (2008), 3 Idiots (2009), Dhoom 3 (2013), PK (2014), Dangal (2016)
ඔහු වෙන කවුරුවත් නෙවෙයි ඔහු ආමීර් ඛාන්. ඊ ගාවට මම ඔයාට කියන්න හදන්නේ ඉන්සියා ගැනයි. 2000 ඔක්තෝම්බර් 23 වැනිදා ජම්මු කාශ්මීර්වල තමයි මේ චරිතයට පණ පොවන ඇය ඉපදිලා තියෙන්නේ. ඇය නමින් සයිරා වසීම්. සයිරා වසීම් 2016 දී තිරගත වුණු අමීර් ඛාන්ගේ දංගල් සිනමාපටයේ රඟපාලා නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් එකෙන් හොඳම නැගී එන නිළියට පිරි නැමෙන සම්මානයත් හිමි කර ගත්ත කෙනෙක්.
අමිත් ත‍්‍රිවේදිගේ කන්කලු නාදයන්ගෙන් සංගීතවත්ව තියෙන සීක‍්‍රට් සුපර්ස්ටාර් සිනමා පටයෙහි ගීත ගායනා කරලා තියෙන්නේ මෙන්න මේ කට්ටිය තමයි. මේඝ්නා මිශ‍්‍රා, කුෂාල් චොක්ෂි, මිකා සිං, සුනිධී චවුහාන්, යන කට්ටිය තමයි ගායක ගායිකාවන්. ඒ වගේම කියන්න ඕනම කාරණාව තමයි මේ සිනමා පටය හදන්න ඉන්දියානු රුපියල් කෝටි 25ක් විතරක් වියදම් කළාට අලෙවි වර්තා තබමින් තිරගත වෙනවා. මේ සුන්දර සිනමාපටය අද වන විට ඉන්දියානු රුපියල් කෝටි එකසිය එකකටත් වඩා උපයාගෙන අවසන්.
► Translation — Chandana waravitage