2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

කුරුටු ගී ලියවෙච්ච හදවතේ එක තැනක
නුඹ හිඳී කවියක්ව එදා වාගෙම අදත්
ලියූ කවි එලෙසමය
ආදරෙත් නොවෙනස්ය
නොකියාම දුර ගියේ
සොඳුර නුඹ විතරමය ....

හැන්දෑවේ සුළඟ විත් මට කතා කරද්දී
සරා සඳ රෑ ඇවිත් කවුළුවෙන් එබෙද්දී
තාරුකා හොර හොරෙන් ආදරේ කරද්දී
නොකියාම දුර ගියේ
සොඳුර නුඹ විතරමය

හීන මන්දිර වසා කළු සේල එලෙද්දී
කඳුළු කැට මේ තරම් බර ඇයිද හිතෙද්දී
හීන ඉකිබිඳින හඬ හීනයෙන් ඇසෙද්දී
නොකියාම හඬන්නෙත්
මගේ හිත විතරමය

► Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00