ඒ මහ වැස්ස ඇවිදින් රෑ කළුවරට
නෑසෙන හඬින් කියයි
කඳුළක කතන්දර
එනවාද අද රෑට ගයන්නට
මා එක්ක
මගෙ හංස ගීතය
ආදරේ සුන්දරම කවි පදය ලියන්නට
මම වචන හොයනවා
සංසාරේ පුරාවට
උණුසුම්ම පපුතුරක
හිස තියා හඬන්නට
ආදරය මොහොතකට මගේමයි කියන්නට
තවත් එක මොහොතක්ය
නුඹෙන් සමුගන්න මට
තාරකා නික්ම ගිය
මේ අඳුරු අහස යට
මගෙ හංස ගීතයේ අවසාන රස දහර
මම විඳිමි නුඹ එක්ක සිහිනයක් පුරාවට
I Saara