පහුගිය දවසක කළුතර පැත්තෙ ටෙලිනාට්‍ය රූපගත කිරීමක් තිබුණා. සතියක් විතර කට්ටිය නැවතිලා හිටියෙ ඒ කිට්ටුව ලොජ් එකක. පොඩි පොඩි අඩුපාඩු තිබුණත් දර්ශන තලයට කිට්ටු නිසයි ඒ තැන තෝරාගෙන තිබුණේ.
ප්‍රවීණ රංගන ශිල්පිනියකට දවස් දෙකක් ෂූටිං තිබුණලු මේකෙ. රෑවෙලා ලොජ් එකට ඇවිත් නාන කාමරේට යන්න ගියාම තමයි ඇය දැනගන්නෙ ඒක ඇතුළෙන් ලොක් කරන්න බැරි විත්තිය. හැබැයි එළියෙන් ලොක් එකක් තියෙනවා.
මේ ප්‍රවීණ නිළිය මේකෙ රඟපාන නවක නිළියකට කතා කරලා සිද්ධිය කිව්වලු.
ඔයා එළියෙන් ලොක් කරලා මේ ළඟම ඉන්න, මම වැඩේ ඉවර කරලා දොරට ගහන්නම්. එතකොට අරින්න. කොහෙවත් යන්න එපා හරිද? ප්‍රවීණ නිළිය එහෙම කියලා නාන කාමරේට ගිහින්.
විනාඩි පහක් ගියෙ නැහැ, මේ කෙල්ලගෙ ෆෝන් එකට එයාගෙ කොල්ලගෙන් කෝල් එකක් ඇවිත්. එළියට ගිහින් හරියට පැයයි විනාඩි විස්සක මලක් කඩලා ආපහු අර නාන කාමරේට එනකොට ප්‍රවීණ නිළිය හොඳටම බයවෙලා හති දාගෙන දොරට ගගහ ඉන්නවලු.
බොහෝ වෙලාවට ඔහුට ටෙලිනාට්‍ය හා චිත්‍රපටවල රඟපාන්න ලැබෙන්නෙ තාත්තාගෙ චරිත. ඒ ඔහුගෙ වයසත් එක්ක ගැලපෙන නිසා.
එහෙත් ඔහු වැඩේ හරියට කරනවා. කා එක්කත් සුහදව ඇසුරු කරනවා. වෘත්තීය ගරැත්වය රැකගෙන වැඩ කරනවා. ඒ නිසා ඔහුට හැමෝම වගේ ගරු කරනවා.
ළඟදි මෙහෙ රූපගත කරපු විදෙස් චිත්‍රපටයක ඔහුට හොඳ චරිතයක් තියෙනවයි කියලා ඒ ගැන නිෂ්පාදක කණ්ඩායමේ දෙන්නෙක් එක්ක කතා කරන්න ඔහු කොළඹ ආවලු.
හමුවීම දාගෙන තිබුණෙ කොළඹ හතේ ප්‍රසිද්ධ කෝපි අවන්හලක. මොහු වෙලාවටම එතනට ආවත් අර කට්ටිය නැහැල්ලු.
අපි තව ටිකකින් එනවා, අයියා ඇතුළට ගිහින් කැමති දෙයක් කාලා බීලා ඉන්න, අපි ඇවිත් බිල ගෙවන්නම්. නිෂ්පාදක කළමනාකරු කිව්වලු.
මොහු කවුන්ටරේට ගොස් හොඳ කෝපි එකයි කේක් කෑල්ලකුයි ඕඩර් කළාට පස්සෙ දැනගත්තෙ එවෙලෙම මුදල් ගෙවන්න ඕන විත්තිය. ඔහු ළඟ තිබුණෙ රු. 1500/- යි. බිල රු.1100/- යි. ඔහු බිල ගෙව්වෙ අර කට්ටිය ඔහුට මේ මුදල දෙන බවට පොරොන්දු වුණ නිසා.
ඔන්න අර කට්ටිය පස්සෙ ඇවිත් විස්තර කතා කරලා දැන් යන්නත් යනවලු. අර කෝපි බිල ගැන කතාවක්වත් නැහැල්ලු. මේ නළුවා ඒ ගැන අහන්න ගිහිල්ලත් නැහැ.
ජීවිතේට බීපු හොඳම කෝපි පරිප්පුව මේකයි කියලා තමයි ඔහු නිතරම කියන්නෙ.
එක්තරා රංගන ශිල්පියෙක් ඉන්නවා, එයා ආවට ගියාට වැඩ භාරගන්නෙ නැහැ. නිතරම ස්ක්‍රිප්ට් එක ගැන හොයලා බලනවා. ස්ක්‍රිප්ට් එක නැතුව වැඩ බාරගන්නෙත් නැහැ.
පරිවර්තන නාට්‍ය දෙක තුනකත් රඟපාලා තියෙන ඔහු දවසක් හිතාගත්තලු, ලෝකල් නිර්මාණවල මිසක් පිටරට කතාවලට සම්බන්ධ නිර්මාණවලට දායකවෙන්නෙ නැහැ කියලා.
ඔන්න දවසක් ඔහුට කෝල් එකක් එනවා ටෙලිනාට්‍ය නිර්මාණයකට සම්බන්ධ කරන්න.
ලෝකල් ද ලෝකල් ද? මම ලෝකල් වැඩවලට විතරයි එන්නෙ... ඔහු කිව්වලු.
ලෝකල්? මල්ලි ඔයා හිතුවාද ඔයාව අමෙරිකාවෙ, චීනෙ, කොරියාවෙ හදන ටෙලිනාට්‍යවලට ගනී කියලා. ලංකාවෙ හදන්නෙ ලෝකල් ටෙලිනාට්‍ය තමයි, දුරකතනයෙන් කතා කරපු අධ්‍යක්ෂකවරයා කිව්වලු.
අපේ තරුණ නව පරපුරේ රංගන ශිල්පීන් දෙන්නෙක් පාටියකට ගිහින් එන ගමන් රෑවෙලා. ටිකක් දුර යන්න තියෙන නිසා ඒසී බස් එකක නැග්ගට හිටගෙන යන්නවත් ඉඩ නැහැ. රෑ වැඩමුරය අවසන්වෙලා යන ගෑනු ළමයි කට්ටියකුත් ඒකෙ ඉඳලා. මේ දෙන්නා ගෑනු ළමයෙකුට විහිළුවක් කළා කියලා බස් එකේ ලොකු කලබලයක්.
අනේ අපි එහෙම හිතලා කියපු දෙයක් නෙවෙයි, කියලා තරුණයා කිව්වට බස් එකේ හිටිය පොලීසියෙ මහත්තුරු දෙන්නෙක් පිළිගන්නෙම නැහැලු.
අපි නළුවො, අපිව දන්නෙ නැද්ද? අපි අර ටෙලිනාට්‍යයෙ ඉන්නෙ දැකලා තියෙනවනෙ...
ඒත් මේ කතාව පිළිගන්නෙ නැහැලු බස් එකේ කට්ටිය. මේ දෙන්නා පාටියෙ ටිකක් ඔසු පැනුත් දාගෙන ඇවිත් තියෙන්නෙ.
බොරුනම් අහලා බලන්න අපේ මේ ප්‍රවීණ නළුවාගෙන්..., කියලා එක තරුණයෙක් ප්‍රවීණ නළුවාගෙ නොම්මරේ ගහලා ඔහුට විස්තරේ කියලා, අර පොලීසියෙ නිලධාරී මහත්තයාට දුන්නලු. ටික වෙලාවක් පොලිස් නිලධාරියා අර ප්‍රවීණ නළුවාත් එක්ක සුහදව කතා කරලා ෆෝන් එක තරුණයාට දුන්නලු.
මහ ලොකුවට කිව්වට මොකද ප්‍රවීණ නළුවාත් දන්නවා, ඕගොල්ලන්ගෙ තරම. එයා මට කිව්වෙ මොනවද දන්නවද? කෑවනම් බිව්වනම් ඒ විදියට බස්වල යන්න දැනගන්න ඕනෙ කියලා, පොලිස් නිලධාරි මහත්තයා කිව්වලු.
නළුෙවා් දෙන්නා ඊළඟ හෝල්ට් එකෙන් බැස්සලු.
එක්තරා ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙහෙයවන රංගන පාඨමාලාවක් හදාරන තරුණ නව පරපුරේ නළුවෙක්. සැබවින්ම දක්ෂයෙක්. ඒ නිසාම ප්‍රවීණ නළුවාත් ඔහුට හොඳ අනාගතයක් තිබෙන බවට අනාවැකි පළ කර තිබෙනවා. ඔහු දැනට ටෙලිනාට්‍ය කීපයක රංගනයෙන් දායක වන නිසා රංගන පන්තියට එන්නෙ සතියට දවස් දෙකක් විතරයි. ඒ දවස් දෙක නම් අනිවාර්ය කරලා තියෙන්නෙ.
ඔන්න ළඟදි දවසක එක්තරා පෙර පාසල් නත්තල් උත්සවයකට නත්තල් සීයා හැටියට එන්න මේ තරුණ නළුවාට ආරාධනාවක් ලැබිලා. වැඩේට ආස වුණාට එදා හරියටම වැටිලා තිබුණෙ රංගන පන්ති දවසක්. කරන්න දෙයක් නැති නිසාම උදේ පාන්දරින්ම අර ප්‍රවීණ නළුවාට කතා කරලා කිව්වලු, අම්මට ගොඩක් අසනීප නිසා ක්ලාස් එන්න ලැබෙන්නෙ නැහැ කියලා.
ඔන්න නත්තල් සීයා ලකලෑස්තිවෙලා ළමයි අතරට ගිහින්. ඔහු එකපාරටම කත්බීර් වුණේ ඒ උත්සවේ ප්‍රධාන අමුත්තා හැටියට ඇවිත් ඉන්නෙ අර පන්ති කරන ප්‍රධාන නළුවා කියලා දැක්කාම. ඒත් ප්‍රවීණ නළුවා මේ තරුණයාව අඳුනන්නෙ නැහැ, නත්තල් සීයාගේ ඇඳුම ඇඳන් ඉන්න නිසා.
කොහොමහරි හො හො හෝ... කිය කියා ළ
මයින්ට තෑගි බෙදමින් යන ගමන් නත්තල් සීයා ප්‍රවීණ නළුවාට වැඳලා සර් අම්මට දැන් ටිකක් හොඳයි, කියලා කිව්වලු.
► Text - Mithra