2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

බා‍ෙලිවුඩ් හොලිවුඩ් නත්තල් අාතල්

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

නත්තලට තියෙන්නේ තවත් එක දවසයි. ඒ වගේම අලුත් අවුරුද්දට දින කිහිපයයි. සාමාන්‍යයෙන් නත්තලත් අලුත් අවුරුද්දත් විවේකයෙන් ගෙවන්න තමයි ගොඩක් දෙනා පුරුදුවෙලා ඉන්නෙ. ඉතින් බොලිවුඩ් හොලිවුඩ් තරු මෙදා නත්තලට අලුත් අවුරුද්දට මොකද කරන්න සූදානම් වෙන්නෙ කියලා අපි ටිකක් සෝදිසි කරලා බැලුවා. එතකොට තමයි මේ දේවල් දැනගන්න ලැබුණෙ. 

 

අපි යනවා මුහුද අද්දරට

ආක්ෂේ කුමාර්
බොලිවුඩයේ සටන්කාමියා, එහෙමත් නැත්නම් ආක්ෂේ කුමාර් තමන්ගේ පවුලේ හැමෝමත් එක්ක නත්තලට දකුණු අප්‍රිකාවේ යන්න සැලසුම් කරලා. ආක්ෂේ මේ ලෝකෙ වැඩියෙන්ම ආස කරන නගරය විදිහටත් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ප්‍රසිද්ධයි. කේප් ටවුන්වල මුහුද අද්දර ආක්ෂේට ගෙයක් තියෙනවා. ට්වින්කල් ඛන්නාත් තමන්ගේ දරුවනුත් එක්ක එහේට යන්න ආක්ෂේ ගොඩක් ප්‍රිය කරන බවයි දැනගන්න ලැබෙන්නෙ. 

මම එනවා මුම්බායි

ප්‍රියංකා චොප්රා 
සුරූපී ප්‍රියංකා චොප්රා පහුගිය කාලේ දිගටම හිටියේ අමෙරිකාවෙයි. හොලිවුඩයේ ඇගේ සාර්ථකත්වයෙන් පස්සෙ අමෙරිකාව තුළ දිගින් දිගටම රූපවාහිනී සාකච්ඡා වගේ විවිධ වැඩසටහන්වලට ඇය සහභාගී වුණා. මාස පහකට පස්සෙ ප්‍රියංකා නත්තල වෙනුවෙන් ආපහු ඉන්දියාවට ඇවිත් තියෙනවා. ඇය නත්තල වගේම අලුත් අවුරුද්දත් මුම්බායිවලදි තමන්ගේ පවුලේ හිතවත්තු එක්ක සමරලා ආපහු අමෙරිකාවට යන්න නියමිතයි. 

මමයි එයයි දුවයි රුසියාෙව්

ශ්‍රී දේවී
බොලිවුඩයේ හිටපු නිළි රැජනක් වන ශ්‍රී දේවි නත්තලට රුසියාවේ ගිහින්. ඒ තමන්ගෙ ස්වාමිපුරුෂයා වන බොනී කපූර් සහ දියණිය කුෂී සමඟයි. මොස්කව් නුවර ඉදිරි සති කිහිපය ගත කරන ශ්‍රී දේවි සමඟ ඇගේ ලොකු දුව වන ජාන්වී නම් ඇවිත් නැහැ. ඇගේ පළමු චිත්‍රපටය වන ‘ධඩක්’හි රූපගත කිරීම් සිදුවීම ඊට හේතුවයි. 

පුතාෙග් උපන් දිනයත් නත්තල අස්සේ

කරීනා සහ සයිෆ් අලිඛාන්
කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් යුවල අම්මා තාත්තා විදිහට ගත කරන දෙවැනි නත්තල තමයි මේ එළඹෙන්නේ. එයාලගේ පුතා, ටයිමූර්ගේ පළමුවැනි උපන් දිනය යෙදිලා තිබුණෙත් දෙසැම්බර් 20 වැනිදායි. ඉතින් පුංචි ටයිමූර්ට නත්තල විශේෂ එකක් කරන්නයි කරීනාටත් සයිෆ්ටත් ඕනවෙලා තියෙන්නෙ. ඒ හින්දා තමන්ගේ ගෙදර ලස්සන නත්තල් ගහක් හදන්නත් ඒකෙ පාට පාට විසිතුරු දේවල් එල්ලන්නත් ඊට පස්සෙ නත්තල් ගහ ළඟ කරීනායි ටයිමුරුයි එක්ක වාඩිවෙලා කැරොල් අහන්නත් ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලයි සයිෆ් කියලා තිබුණේ. 

අපිනම් ලන්ඩන්

කාජල් සහ අජේ 
බොලිවුඩ්වල තවත් ආදරණීය ජෝඩුවක් තමයි කාජල් සහ අජේ දේව්ගන් කියන්නෙ. මේ දෙන්නා කාලයක ඉඳන්ම අලුත් අවුරුද්ද ලන්ඩනයේ ගත කරන්න පුරුදුවෙලා ඉන්නවා. මේ අවුරුද්ද කියලා වෙනසක් නැහැ. නත්තලත් අලුත් අවුරුද්දත් විවේකයෙන් ගත කරන්න ලන්ඩන් යන්නයි මේ දෙන්නා සැලසුම් කරලා තියෙන්නෙ.
 

මම දුන්නා නියම පාටියක්

මලයිකා අරෝරාගෙන් සාදයක්... 
සරාගී නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ප්‍රසිද්ධ මලයිකා අරෝරා නත්තලට කලින්ම තමන්ගේ හිතවතුන් කිහිපදෙනෙක්ට සුපිරි නත්තල් සාදයක් පවත්වලා. කරන් ජොහාර්, කරිෂ්මා කපූර්, කරීනා කපූර්, සීමා ඛාන් වගේ කිහිපදෙනෙක්ම ඒ සාදයට ඇවිත්. 

තෑගිනම් ද‍ෙන්නෙ නෑ

මිලා කුනිස් සහ ඇෂ්ටන් කුචර්
මිලා සහ ඇෂ්ටන් කියන්නේ හොලිවුඩයේ ඉන්න හොඳම තරුණ ජෝඩුවක්. මේ දෙන්නට දැන් පොඩ්ඩො දෙන්නෙකුත් ඉන්නවා. මෙදා නත්තල සමරන්න තියෙන සූදානම ගැන ඇහුවම මිලා කියලා තියෙන්නෙ හරි අපූරු කතාවක්. ඒ තමයි මෙදා නත්තලට එයාලගෙ දරුවන්ට කිසිම තෑග්ගක් නොදී ඉන්න ඒ දෙන්නා තීරණය කරලා. තෑගිවලින් සතුට හොයන දරුවන් හදන්න තමන්ට අවශ්‍ය නෑ කියලයි මිලා කියලා තියෙන්නෙ. 

ඒ සතුටයි මේ සතුටයි ද‍ෙකම එකට

සෙලීනා සහ බීබර්
සෙලීනා ගෝමස් සහ ජස්ටින් බීබර් කියන්නේ හොලිවුඩයේ ඉන්න යොවුන් ආදරවන්තයන් දෙපළක්. ටික කාලයක් දෙන්නා වෙන්වෙලා හිටියත් ආයෙමත් නැවත එක්වෙලා. ඉතින් මෙදා නත්තලේ දී ජස්ටින් බීබර් සෙලීනාගේ ගෙදර අයත් එක්ක නත්තල් සමරන්න සූදානම් බවයි ආරංචි වෙන්නෙ.  

► Text — Rajitha / Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00