Hit couple තුළින් අද කතා කරන්නේ ආදරේ සුවඳ අරන් නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න සෙනෙත් සහ ශාක්‍යා එක්ක. සෙනෙත් ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන ඉන්නේ අපිට ඉන්න දක්ෂ ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර. ඒ වගේම තමා ශාක්‍යා ලෙසින් පුංචි තිරයේ ආදරවන්තිය බවට පත්වෙලා ඉන්නේ සම්මානනීය නිළියක් වන තිසුරි යුවනිකා.
1. විශ්ව කොහොමද ආදරේ සුවඳ අරන් නාට්‍යයට සම්බන්ධ වුෙණ්?
ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා මීට කලිනුත් මට කිහිප අවස්ථාවකදීම කතා කරලා තිබ්බා. නමුත් මගේ තිබ්බ කාර්යබහුලකම නිසා යන්න බැරි වුණා. ඊට පස්සේ අමිල අබේසේකර හරහා නැවත මට කතා කළා මේ ආදරේ සුවඳ අරන් නාට්‍යට සම්බන්ධ වුෙණ් කියලා. එහෙම තමා සම්බන්ධ වෙන්නේ.
2. සෙනෙත් චරිතය ගැන කතා කළොත්?
මෙහි මම කරන්නෙත් පෙම්වතාගේ චරිතයමයි. හැබැයි ඉතින් සුපුරැදු පෙම්වතාට වඩා පොඩි වෙනසක් තියෙන චරිතයක්.
3. කොහොමද තිසුරිගෙන් ලැබෙන සහයෝගය?
ඉතාම හොඳ අවංක සහයෝගයක් ලැබෙනවා.
4. ඔය දෙන්නා එකට වැඩකරන කීවැනි නිර්මාණයද මේ?
අපේ දෙවැනි නිර්මාණය
5.තිසුරි එක්ක වැඩ කරන්න ලේසිද?
ඉතාම ලේසියි. අවංක හොඳ කැපවීමක් තියෙන කෙනෙක් තිසුරි කියන්නේ. ඉතින් වැඩ කටයුතු කරන්න හරි පහසුයි.
6.දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳ ප්‍රතිචර ලැබෙනවා. මට පෞද්ගලිකව මගේ චරිතයට ප්‍රතිචාර ලැබෙනවා වගේම තමා පොදුවේ නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් ඇත්තටම සතුටුයි.
7.රූගත කරද්දී සිදු වූ අමතක නොවන සිදුවීමක්?
අපි හරි සතුටින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා සියලු සිදුවීම් අමතක නොවන සිදුවීම් කියලා කිව්වොත් හරි.
8.විශ්වට අනුව තිසුරි කියන්නේ දක්ෂද ජනප්‍රියද නැත්නම් අහිංසක කෙනෙක්ද?
එකෙන්ම දක්ෂ නිළියක්
9.තිසුරිගේ දකින හොඳ ගතිගුණ?
විශේෂයෙන්ම විනය ඇති කෙනෙක්. ඒක තමා මම දකින හොඳම ගුණාංගය.
10.වෙනස් වුණොත් හොඳයි කියලා හිතෙනදේ?
එහෙම දේවල් නැහැ. ඔය ඉන්න විදිය හරිම හොඳයි
11.අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?
තව ඉස්සරහට ලොකු වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ තරම් කාලයක් නැරඹුවා වගේම දිගටම නරඹන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.
1. තිසුරිට කොහොමද ආදරේ සුවඳ අරන් නාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
ලක්ෂ්මන් පුෂ්පකුමාර අන්කල්ව මම පොඩි කාලේ ඉඳන්ම දන්නවා. මම මුලින්ම පෙම්වතියගේ චරිතයක් කළෙත් ලකී අන්කල්ගේ නාට්‍යයක. ඉතින් මේ කතාව පටන් ගනිද්දී ත් මට කිව්වා අලුත් වැඩක් කරන්න යනවා කියලා. ඉතින් මට දෙපාරක් හිතන්න ඕනේ වුණේ නැහැ.
2. ශක්‍යා කියන චරිතය ගැන කතා කළොත්?
අද කාලේ ජීවත් වෙන තරුණියක්. තම ආදරය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙලා ඉන්න හැබැයි බොළඳ චරිතයක් නෙවෙයි. ලස්සන ආදර චරිතයක්.
3. කොහොමද විශ්වගෙන් ලැබෙන සහයෝගය?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මට ගොඩාක්ම පෙම් ජවනිකා කරන්න තියෙන්නේ විශ්ව අයියා එක්ක. අපි හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් වැඩ කරන්නේ. අපිට මුළු කණ්ඩායමෙන්ම හොඳ සහයක් ලැබෙනවා.
4. ඔය දෙන්නා එකට වැඩ කරපු මුල්ම නිර්මාණය?
දරුවනේ චිත්‍රපටය
5. විශ්ව එක්ක වැඩ කරන්න ලේසිද?
හරිම ලේසියි. ඕනෙම දෙයක් කතා කරලා ඉතා සුහදව වැඩ කරන්න පුළුවන් හරිම නම්‍යශීලි කෙනෙක්.
6. දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මඟතොටදී FB හරහා වගේම Msg වලින්. ඉතින් ගොඩක් සතුටුයි. අපි මහන්සි වෙලා කැප වෙලා කරන නිර්මාණයට මේ විදියට හොඳ ප්‍රතිචාර ලැබෙන එක ගැන.
7. රෑගත කරද්දී සිදු වූ අමතක නොවන සිදුවීමක්?
එහෙම කියලා කියන්න එක සිදුවීමක් හෝ දෙකක් නැහැ අපි ඔක්කොම හරිම සතුටින් කරන නාට්‍යයක් මේ නාට්‍ය. ඔක්කොම ඉන්නේ එක පවුලේ අය වගේ.
8. තිසුරිට අනුව විශ්ව කියන්නේ දක්ෂ - ජනප්‍රියද නැත්නම් කඩවසම් කෙනෙක්ද?
දක්ෂ ජනප්‍රිය නළුවෙක්
9. විශ්වගේ දකින හොඳම ගුණාංගය
හරිම මිත්‍රශීලී කෙනෙක්
10. වෙනස් වුණොත් හොඳයි කියලා හිතෙන දේ?
එහෙම වෙනස් වෙන්න තරම් ලොකු දේවල් නැහැ. චුට්ටක් විතර කම්මැලියි. ඒකත් අඩු වුණොත් හොඳයි.
11. අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?
අපි කැපවීමෙන් ආදරෙන් කරන මේ නාට්‍ය අවසන් වෙනකම්ම අපිත් එක්ක ඉන්න කියලා ආදරණීය ප්‍රේක්ෂකයින්ට ආදරෙන් ආරාධනා කරනවා.
Text — Anusha Ranasingha
Pic — Sumudu & Samantha